කොළඹ කොටස් වෙළෙඳපොළ ඉකුත් සිකුරාදා අවසන් වන විට එදින පමණක් විදේශ ආයෝජකයන් රුපියල් මිලියන 103 ක ශුද්ධ විකිණීම් වාර්තා කළේය. මිලදී ගැනීම් රු. මිලියන 114. ක වූ අතර විදේශ විකිණීම් රු. මිලියන 217.8 ක් විය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් හතරවැනි වාරිකය වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 344 ක මුදලක් ලබාගත හැකිවනු ඇත.
එහෙත් මෙම වාරිකය සමග මෙතෙක් ආයෝජන සඳහා ලබාදී ඇති සහන නැවත සලකා බලන්නට එකඟ වී ඇති බව දැක්වේ. විශේෂයෙන් කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඉදිරි ආයෝජන සඳහා අයහපත් සේ බලපාන බවට විශ්වාස කරමින් විදේශ ආයෝජන අංශ හැසිරෙන බව පෙනේ. කෙසේ වෙතත් හතරවැනි වාරිකය සමග රට තුළ විදේශ වත්කම් වැඩි දියුණූවීම පදනම් කරගෙන දේශීය ගනුදෙනුකරුවන් සක්‍රීය වනබව සඳහන් කළ හැකිය.
ඉකුත් 23 දා ගනුදෙනු 17,651 ක් වාර්තා වූ අතර සමාගම් 187 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 51 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 2,435.1 ක් වශයෙන් විය. මේ අතර මැදහත් වාර්තා දක්වන පරිදි මිල දී ගැනීමේ උනන්දුව මෙම සතියේ තව දුරටත් අපේක්ෂා කළ හැකිවේ.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,742.04 ක් වු අතර එය දර්ශක 126.41 ක වර්ධනයකි. ගනුදෙනු අවසන් වන විට එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,632.51 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 27.80 ක වර්ධනයක් සේ දැක්විය හැකිය.
සන්ෂයින් හෝලිඩිං රු. මිලියන 173 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 123 ස්වශක්ති රු. මිලියන 116 ක්, ඇක්සස් ඉන්ජිනියරිං රු. මිලියන 59 ක්, ඇලුමෙක්ස් රු. මිලියන 100 ක්, ආගරලතන වැවිලි රු. මිලියන 100 ක්, වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම් අතර තිබුණි.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 04
288
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදේශ විකිණීම් ප්‍රවණතාවක් සනිටුහන් වූ සතියක්