භානුක අමරසිංහ
සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමූහයට අයත් ආසිරි සර්ජිකල් හොස්පිටල් පීඑල්සී සහ ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී යන සමාගම්හි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස මොහොමඞ් ඉම්රාන් මහතා පත් කරගත් බව එම සමාගම් නිවේදනය කර සිටියි.
ඒ අනුව සමාගම් දෙකෙහිම ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස ඒ මහතා පත් කර තිබේ. අප්‍රේල් 21 සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදු කර තිබේ. ඉම්රාන් මහතා ඔස්ට්‍රේලියාවේ Tresync සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් කටයුතු කරයි. ඒ මහතා ක්‍රමෝපාය, වෙළෙඳ පොළ පුළුල්කරණය මෙන්ම භූදේශපාලනය, ආර්ථිකය, දේශගුණය සහ තාක්ෂණික අවදානම් කළමනාකරණය යන කාරණා සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩල වෙත සහ ප්‍රධාන විධායක නිලධාරීන් වෙත උපදෙස් දීමේ නිරත වන බවත් පැවසෙයි. විශේෂයෙන්ම ඒ මහතා සතුව වෛද්‍ය සේවා සංචරණය (මෙඩිකල් ටුවරිසම්) සම්බන්ධයෙන් උනන්දුවක් පවතින බවත් සමාගම සඳහන් කරයි. අද වනවිට ඒ මහතා සොෆ්ට්ලොජික් සමූහයට අයත් ඔඩෙල් පීඑල්සී සමාගමෙහිද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරයි.
2025 දෙසැම්බර් මස 04
288
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මොහොමඩ් ඉම්රාන් ආසිරි සර්ජිකල් - හොස්පිටල් අධ්‍යක්ෂ මණ්ඩලයට