මහ බැංකුව ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවෙනස්ව පවත්වාගනි ශ්‍රී ලංකා මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කර ඇත. 19 January 2021
ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් පසු විදෙස් සංචාරකයන්ට හෝටල් 50 ක් වෙන් කරයි සංචාරකයන් සඳහා ගුවන් තොටුපොළ මේ මස 21 වැනිදා සිට නැවත විවෘත කිරීමෙන් අනතුරුව විදෙස් සංචාරකයන්ට හෝටල් 50 ක් වෙන් කර ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී. 19 January 2021
පසුගිය සති කිහිපයේ ලංකාවට පැමිණි සංචාරකයින්ගෙන් මිලියන 420 ක අදායමක් සංචාරකයින් ගෙන්වීමේ නියමු ව්‍යාපෘතිය යටතේ යුක්රේන සංචාරකයින් 1500 ක් පසුගිය සති තුනක කාලය තුළ දිවයින පැමිණි බවත්, ඉන් මෙරටට රුපියල් මිලියන 420 ක ආදායමක් ලැබුණු බවද සංචාරක අමත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (18) පැවසීය. 18 January 2021
එරාවුර්-හම්බන්තොට නව ආයෝජන කලාප දෙකක් රෙදිපිළි හා ඖෂධ නිෂ්පාදනය වෙනුවෙන් වෙන වෙනම නව ආයෝජන කලාප දෙකක් මේ වසරේදී ආරම්භ කරන බව ගුවන් තොටුපොළ හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පැවසීය. 17 January 2021
මාකඳුරේ වී කිලෝවක් රුපියල් 45 කට දෙන්නත් බෑ පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාකඳුර කුඹුරුයායේ මෙවර මාස් කන්නයේ වී අස්වනු නෙලීමෙන් පසු එම අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කරගැනීමට නොහැකිවී ඇතිබව ගොවීහු කියති. 13 January 2021
සංස්ථා තේ ‘නකල්ස් තේ ‘ නමින් නම් කරයි රාජ්‍ය වැවිලි සංස්ථාව මගින් නිෂ්පාදනය කරනු ලබන ‘සංස්ථා තේ‘ යන නමින් යුතු තේ ‘ නකල්ස් තේ‘ යන නමින් නම් කිරීමට තීරණය කර ඇත. 13 January 2021
සෞඛ්‍ය උපදෙස් නොපිළිපදින සංචාරක ආයතන අසාදු ලේඛනයට ශ්‍රී ලංකාව සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු, සංචාරකයන් ගෙන්වීමේ සිට ආපසු යාම දක්වා කාලය තුළදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන සියලු සංචාරක ආයතන හා පුද්ගලයන් අසාදු ලේඛන ගතකරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද( 12) පැවසීය. 12 January 2021
නාගරික සංවර්ධනය රට නව මාවතකට යොමු කිරීමක් සංවර්ධනයේදී නාගරික ක්ෂේත්රය ප්‍රමුඛය. නාගරික සංවර්ධනය රටේ සංවර්ධනයේ දී කැපී පෙනෙන අංශයයි. 2010 පටන් 2015 ජනවාරි දක්වා මෙරට නාගරික සංවර්ධනය ශීඝ්‍ර දියුණුවක් ලබා ගත්තේය. එම කාලය තුළ මෙරට සිදුවූ නාගරික සංවර්ධනය දකුණු ආසියාවේ කිසිඳු රටක සිදුවූවා යැයි සිතිය නොහැක. එදා ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ මේ රටේ නාගරික සංවර්ධනය නව මානයකට ගෙන ගියේය. 12 January 2021
කල්පිටියේ ගෝවා කිලෝව රුපියල් 5 යි මේ දිනවල සාමාන්‍ය වෙළද පොලේ එළවලු මිළ ගණන් ඉහළ ගිය ද කල්පිටියේ ගෝවා මිල කිලෝව රුපියල් පහ දක්වා පහළ ගොස් තිබේ. 12 January 2021
මූල්‍ය ආයතන තුනකට මහ බැංකුවෙන් දඩ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කළ ආයතන තුනකට දඩ පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය පියවර ගෙන ඇත. 11 January 2021
මියන්මාරය - ශ්‍රී ලංකාව අතර වන්දනාකරුවන්ට වට්ටම් සහිත සංචාරක පැකේජයක් මියන්මාරය හා ශ්‍රී ලංකාව අතර වන්දනාකරුවන්ට වට්ටම් සහිත සංචාරක පැකේජයක් අලුතින් හඳුන්වා දීමට අවදානය යොමුව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී. 11 January 2021
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ගුවන් බුබුළක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීම සඳහා ගුවන් බුබුළක් (එයාර් බබල්) ආරම්භ කිරිම කෙරෙහි අවධානය යොමු වී ඇත. 08 January 2021
ඩොලරයේ ගණන් බහී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉකුත් සතියේදී 194 සීමාව ඉක්මවා ගිය රුපියල මේ වනවිට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත. 01 January 2021
දෙසැම්බරයේ උද්ධමනය ඉහළට ආහාර සහ ආහාර නොවන අයිතමවල මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය 4.2%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 01 January 2021
ශ්‍රී ලංකාවේ තේ අපනයනයේදී අප්‍රිකාවෙන් තීරුබදු සහන ශ්‍රී ලංකාවේ තේ අපනයනයේදී දකුණු අප්‍රිකාවෙන් තීරුබදු සහන දීමට අවධානය යොමුව ඇතැයි විදේශ අමාත්‍යාංශය කියා සිටී. 28 December 2020
හේමාස් සමූහයෙන් කොළඹ ජාතික රෝහලට පී.සී.ආර්. යන්ත්‍රයක් ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත රෝගීන් හඳුනාගැනීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා හේමාස් සමාගම කොළඹ ජාතික රෝහලට පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රයක් පරිත්‍යාග කර ඇත. 23 December 2020
ශ්‍රී ලංකාවේ කුළුබඩු වර්ග පිළිබඳව අත්හදාබලන්නැයි තුර්කි ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලයි ශ්‍රී ලංකාවේ කුළුබඩු නිෂ්පාදන වර්ග පිළිබඳව අත්හදා බලන්නැයි තුර්කියේ ශ්‍රී ලංකා තානාපති එම්. රිස්වි හසන් මහතා එරට ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටියේය. 22 December 2020
මත්තල ගුවන්තොටුපල ගුවන් භාණ්ඩ ආනයන අපනයන සේවා කේන්ද්‍රස්ථානයක් කිරීමට යයි මත්තල ගුවන්තොටුපල, සක්‍රීය ගුවන්තොටුපලක් බවට පත් කිරීමේදී එය ගුවන් භාණ්ඩ ආනයන අපනයන සේවා කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට විශේෂ අවධානයක් යොමු කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 22 December 2020
ජනවාරියේ සිට සංචාරකයන්ට ශ්‍රී ලංකාව විවෘතයි ලබන ජනවාරි මාසයේ සිට සංචාරකයන් වෙනුවෙන් ක්‍රමානුකූලව රට විවෘත කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (13) පැවසීය. 13 December 2020
උපාධිධාරී ව්‍යවසායකයින් 146කට මුල්‍යමය ප්රතිලාභ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිටින නව ව්‍යාපාරික අදහස් ඇති උපාධිධාරි ව්‍යවසායකයින්ට සිය ව්‍යාපාර ආරම්භ කිරීමට සහ පවත්වාගෙන යාමට අවශ්‍ය මුල්‍යමය ප්රතිලාභ ලබාදීමේ ජාතික වැඩසටහන අද (08) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මූලිකත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි. 08 December 2020
හෝටල් හිමියෝ සහනයක් පතා ජනපතිට ලියති සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් සඳහා සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් රජයේ වාණිජ බැංකු වලින් ලබාදුන් ණය මුදල් නැවත ගෙවීමේදී ඒ සඳහා අය කරනු ලබන පොලී මුදල සඳහා සහනයක් ලබාදෙන ලෙස හෝටල් හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිති. 07 December 2020
ලංකාවේ ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ට දකුණු අප්‍රිකාවේ දොර ඇරේ දකුණු අප්‍රිකාවේ මැණික් හා දියමන්ති යොදා ගෙන ස්වර්ණාභරණ නිෂ්පාදනයට ශ්‍රී ලංකාවේ තාක්ෂණය හා ශිල්පීන් යොදා ගැනීමට එරට අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු තානාපති රොබීනා පී. මාර්ක්ස් මහත්මිය සඳහන් කළාය. 06 December 2020
ලෝක සංචාරක සම්මාන උළෙලේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සම්මාන ලබයි ඉන්දියානු සාගර කළාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය අඛණ්ඩව 5 වන වරටත් ලෝක සංචාරක සම්මාන උළෙලේදී පිදුම් ලබා තිබේ. මෙම සම්මාන උළෙල රැසියාවේ මොස්කව් නුවර දී පැවැත්විණි. 04 December 2020
ශ්‍රී ලංකාව-ඉන්දුනීසියාව අතර අවබෝධතා ගිවිසුමක් ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර සාම්ප්‍රදායික කාර්මික සහයෝගීතාව සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම ක්‍රියාවට නංවන්න දෙරටේ රජය පියවර ගෙන ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී. 01 December 2020
තේ වගාවට කාබනික පොහොර භාවිතය වැඩිකරන්න යයි වැඩි විදෙස් විනිමය ප්‍රමාණයක් ලබා ගැනීමේ අරමුණ ඇතිව තේ වගාව සදහා කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමේ වැපිළිවෙළක් ආරම්භ කරන බව තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. 01 December 2020
සෙම්බුවත්ත යළි විවෘතකරයි කොරොනා තත්වය නිසා තාවකාලිකව වසා දමා තිබු මාතලේ සෙම්බුවත්ත වැව සංචාරක ව්‍යාපෘතිය දෙසැම්බර් 01 දින සිට නැවත සංචාරකයින් සදහා විවෘත කරන බව ඇල්කඩුව වතු සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි රැඩ්ලි දිසාගේ මහතා සඳහන් කළේය. 01 December 2020
සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචි කෙරේ දිවයින පුරා සිටින සංචාරක රියදුරන්, මඟපෙන්වන්නන් ඇතුළු සංචාරක සේවා සපයන්නන් කඩිනමින් ලියාපදිංචි කිරීමට රජය තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (30) පැවසීය. 30 November 2020
ලාංකිකයින් 1,111 දෙනකුට කොරියානු රැකියා සඳහා වීසා ලැබේ ශ්‍රී ලාංකිකයන් 1,111 දෙනෙකුට කොරියානු ජනරජයේ රැකියා අවස්ථා සඳහා වීසා ලැබී තිබේ. 29 November 2020
පොල්වගා භුමිවල තේ වගා කිරීමෙන් වැඩි ආදායමක් පොල්වගා භුමිවල යටි වගාවක් ලෙස තේ වගා කිරීමෙන් ආදායම සියයට 60 කින් පමණ ඉහළ නංවා ගත හැකි බව හෙලි වී ඇතැයි සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේ හා රබර් ආශ්රිතබෝග වගා හා කර්මාන්ත ශාලා නවීකරන්ය හා තේ රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවැසීය. 28 November 2020
ආනයන සීමා කිරීමෙන් බිලියන 3.3 ක ඉතිරියක් ආනයන සීමා කිරීමෙන් මේ වසරේ මුල් මාස 10 තුළදී රුපියල් බිලියන 3.3ක මුදලක් ඉතිරි කරගැනීමට හැකියාව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ අධ්යක්ෂ ආචාර්ය සී. චන්ද්‍රනාත් අමරසේකර මහතා අද (26) පැවැසීය. 26 November 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026