මහරගම සුපර් මාර්ට් වෙළෙඳසලේ හිමිකරු අරුණ ගොඩකන්ද
සිංහල හින්දු අලුත් අවුරුදු සමය යනු වෙළෙදාම් කරන කොයි කාටත් සරු කාලයයි. පිටකොටුව වෙළෙඳ සංකීර්ණය මෙන්ම මහරගම පමුණුව ඇතුළු වෙළෙඳ නගරද අවුරුදු සමයට ජනයාගෙන් පිරී ඉතිරී යයි. අවුරුදු සමය නිමාවෙමින් පවතින මේ දිනවල වෙළෙදාම් කටයුතු පිළිබඳව දැන ගැනීමට අපි මහරගම බලා ගියෙමු. ප්ලාස්ටික් භාණ්ඩ ඇතුළු ගෘහ උපකරණ අලෙවිසලක් වූ සුපර් මාර්ට් වෙළෙඳසල වෙත අපි ගොඩ වූයෙමු. එහි හිමිකරු වූ අරුණ ගොඩකන්ද මහතා මේ දිනවල බිස්නස් පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසිනි.
Q: මේ දිනවල බිස්නස් කොහොමද?
මම අවුරුදු 30 ක ඉඳන් බිස්නස් කරන්නේ. හැම අවුරුද්දකම වගේම මේ අවුරුද්දෙත් උත්සව සමයේ බිස්නස් හොඳට තිබ්බා. ගිය අවුරුද්දට සාපේක්ෂව මේ උත්සව සමයේ බිස්නස් හොඳයි. කලින් වසරවල රටේ තිබ්බ ආර්ථික අවපාතය එක්ක බිස්නස් කරන හැම ක්ෂේත්‍රයකම බිස්නස් වැටුණා. ගිය අවුරුද්දේ තමයි ඒ තත්වය වෙනස් වුණේ. ගිය අවුරුද්දටත් වඩා හොඳ තත්වයක් මේ අවුරුද්දේ තිබ්බා.
Q: බිස්නස් හොඳවීමට බලපෑ හේතු මොනවාද?
බිස්නස් වැඩි වෙන්න හේතු කීපයක්ම බලපෑවා. එක හේතුවක් තමයි වර්තමානය වෙනකොට පූර්ණ වශයෙන්ම රට යථා තත්වයට පත්වෙලා තිබීම. කලින් අවුරුදුවල විවිධ හේතුමත සියලුම අංශ ක්‍රියාකාරීව කටයුතු කරන්න බාධා තිබ්බා. මේ වෙද්දි රටේ හැම ක්ෂේත්‍රයකම වැඩ නැවත පටන් අරන් තියෙන්නේ. ගොඩනැගිලි හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තමයි යම් පසුබෑමක් තියෙන්නේ. රටේ වැඩ ක්ෂේත්‍රය චේන් එකක් නම් දැන් ඔක්කොම දැති කැරකෙන්න පටන් අරන් තියෙන්නේ. මේක ලොකු හේතුවක් වුණා සමස්ත වෙළෙඳ ප්‍රජාවෙම බිස්නස් වැඩි වෙන්න.
ඒ වගේම මෙදාපාර අවුරුද්දට බඩු මිලේ වැඩිවීමක් වුණෙත් නෑ. ගිය අවුරුද්දේ මිල ගණන්ම තමයි තිබ්බේ. ඒත් එක්කම අපි පාරිභෝගිකයන්ට වට්ටම් ලබා දුන්නා. එලෙස වට්ටම් ලබාදීම හරහාත් බිස්නස් වැඩි වුණා. මොකද මිනිස්සු අඩු මිලට බඩු තියන තැනට කොහොමත් යනවා. දැන් උත්සව සමය ඉවරයි. සාමාන්‍යයෙන් බිස්නස් වැඩි වීමක් තිබ්බොත් අඩු වීමකුත් තියනවා. එහෙත් වෙසක් ඉවර වෙනකන් මේ තත්වය අඩු වෙයි කියලා කියන්න බෑ. ආයේ බිස්නස් අඩු වීමක් වුණොත් වෙසක් උත්සවයෙන් පස්සේ තමයි.
ශෂිකා අබේරත්න
ඡායාරූප-ජයමාල් චන්ද්‍රසිරි
2025 දෙසැම්බර් මස 18
549
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1076
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිස්නස් හොඳට තිබ්බා