විමුක්ති එස් රුද්‍රිගු
බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා අංශ ප්‍රවර්ධනය කිරීමට ප්‍රමුඛතාව දෙන අතරම ශ්‍රී ලංකාව සමඟ දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය අවධානය යොමු කරනු ඇතැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියන් පෙරේදා (23) ප්‍රකාශ කළේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉහළ පෙළේ දූත පිරිසක් සමඟ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින විදේශ කටයුතු අමාත්‍යවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවති හමුවකදී මෙම අදහස් පළ කළේය.
දෙරටේ ගැඹුරු සහයෝගීතාවෙන් අන්‍යෝන්‍ය ආර්ථික ප්‍රතිලාභ අත්කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් දෙරට අතර ඇති ශක්තිමත් හා දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් සහ පුළුල් කර ගැනීම මෙම සංචාරයේ අරමුණ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියන් පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 18
549
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1076
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන ප්‍රවර්ධනයට එක්සත් අරාබියේ අවධානය