IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කර්මාන්ත සංවර්ධන මණ්ඩලය CIPM ආයතනය සමග අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකා රාජ්‍ය ආයතන ඉතිහාසයට නව ආරම්භයක් සනිටුහන් කරමින්, රාජ්‍ය ආර්ථිකයට ඍජු දායකත්වයක් සපයන කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) ආයතන ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීම යන ජාතික කර්තව්‍යයට උරදෙමින්, 600කට ආසන්න කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සියලු සේවක පිරිසගේ රැකියා විස්තර (Job Description) සැකසීම සහ ආයතනයේ අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා සෑම සේවකයකු වෙනුවෙන්ම ප්‍රධාන කාර්ය සාධක දර්ශක (KPI) නියම කිරීම යන කර්තව්‍යය සිදු කිරීමෙන් තම ආයතනයට නව මුහුණුවරක් ලබාදීම වෙනුවෙන් මානව සම්පත් කළමනාකරණය අධ්‍යයනය සඳහා ලංකාවේ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනය (CIPM) සමග එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම මොරටුව, කටුබැද්ද පිහිටි ශ්‍රී ලංකා කර්මාන්ත මණ්ඩල ප්‍රධාන කාර්යාලයේ දී පසුගියදා සිදු කරන ලදී.
IDB ආයතනය නව පරිච්ඡේදයකට මුලපුරන මෙම කර්තව්‍යයේදී CIPM ආයතනය වෙනුවෙන් විශේෂඥ උපදේශක සහ ආයතනික පුහුණුකරු ප්‍රසන්න ලියනආරච්චි මහතා විසින් තම දැනුම, නොමසුරු දායකත්වය සහ මගපෙන්වීම IDB කාර්ය මණ්ඩලය වෙත ලබා දෙනු ඇත. 
මෙම අවස්ථාවට IDB ආයතනය නියෝජනය කරමින් එහි සභාපති රවී නිස්සංක, අධ්‍යක්ෂ ජෙනරාල් සුරංග ගුණරත්න, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන ආචාර්ය එන්.සී. සපුමානගේ, සුජිත් බෝම්ඹුවල, ගාමිණී විජේකෝන්, මංගල සිල්වා යන මහත්වරු සහභාගි වූ අතර CIPM ආයතනය නියෝජනය කරමින් වෘත්තීය හා අධ්‍යයන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජී. වීරතුංග, ව්‍යාපාර පාසල් මෙහෙයුම් කළමනාකාරිනී ලශිකා ලියනාරච්චි සහ තිරසරභාවය සහ පහසුකම් කළමනාකරණය පිළිබඳ ප්‍රධානී චන්දිම පින්සිරි යන අය සහභාගි වූහ.



අදහස් (0)

කර්මාන්ත සංවර්ධන මණ්ඩලය CIPM ආයතනය සමග අත්වැල් බැඳගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 549 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site