IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ට්‍රම්ප් බද්දේ අස්ථාවරත්වයට මුහුණදීමට ඇඟලුම් අංශය සැරසේ

  • ඇඟලු‍ම් ඇණවුම් සමූහ වශයෙන් අවලංගු කිරීමක් තවමත් සිදුව නැතත් ගැනුම්කරුවන් කටයුතු කරන්නේ ඉතාමත් සැලකිල්ලෙන් 
  • ගෝලීය අවිනිශ්චිතතා හේතුවෙන් දැනටමත් පුරෝකථන සහ සැපයුම් දාමයන්ට බාධා එල්ල වෙලා
  • ඇමෙරිකා ආර්ථිකය මන්දගාමී වේ දැයි ඇඟලු‍ම් කර්මාන්තය විමසිල්ලෙන්
  • ඇමෙරිකා ආර්ථිකයේ ඇති විය හැකි මන්දගාමිත්වය ඉදිරි කාර්තුවල ඉල්ලු‍ම, ඇණවුම් පරිමාව සහ පුරෝකථනය කළ වර්ධනය අඩාළ කරනු ඇති බවට මත 
  • ගෝලීය වෙළෙඳ අර්බුදය උග්‍ර වුවහොත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට මෙන්ම මහා පරිමාණ අපනයනකරුවන්ටද සහාය අවශ්‍යයි

චාරුමිණි ද සිල්වා


 ශ්‍රී ලංකා ඇඟලු‍ම් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපතිනි රජිතා ජයසූරිය

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, “අන්‍යෝන්‍ය බදු ක්‍රමය”‍ යටතේ මෙරටට පැනවූ සියයට 44 ක ඉහළ තීරු බද්ද හේතුවෙන් ඉහළ යමින් පවතින ආර්ථික අස්ථාවරත්වයට මුහුණ දීම සඳහා මෙරට විශාලතම අපනයන අංශය වන ඇඟලු‍ම් සූදානම් වෙමින් සිටී.

සියයට 44 ක තීරු බද්ද පසුගිය 9 වැනිදා දින 90 ක කාලයකට තාවකාලිකව අත් හිටුවීමට ජනපති ට්‍රම්ප් නියෝග කිරීමත් සමග ශ්‍රී ලංකාවට තාවකාලික සහනයක් හිමිවුණත් ඉන් ඇණවුම් පරිමාවන්ට, සැපයුම් දාමයේ ස්ථාවරත්වයට සහ ගෝලීය තරඟකාරිත්වයට මැදි කාලීනව එල්ල විය බලපෑම් පිළිබඳව ඇඟලු‍ම් කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රධානීන් දැනටමත් කණස්සල්ල පළකර ඇත.

එහිදී ශ්‍රී ලංකා ඇඟලු‍ම් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපතිනි රජිතා ජයසූරිය මහත්මිය ප්‍රකාශ කර සිටියේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “අන්‍යෝන්‍ය බදු ක්‍රමය”‍ හේතුවෙන් මෙරටට එල්ලවූ ක්ෂණික බලපෑම් ගොන්න අතර ඇඟලු‍ම් ඇණවුම් සමූහ ලෙස අවලංගු කිරීම් නොතිබෙන බවයි. කෙසේ නමුත් ඇතැම් ගැනුම්කරුවන් ඉතාමත් සැලකිලීමත්ව සිය ඇණවුම් බාරදුන් බවද ඇය පැවැසුවාය.

මේ අවස්ථාවේ විශාල වශයෙන් ඇඟලු‍ම් ඇණවුම් අවලංගු නොවුණත් දින 90 ක් සඳහා සියයට 44 ක තීරු බද්ද අවලංගු කළ අවස්ථාවේ පැනවූ සියයට 10 ක තීරු බද්දේ බර දැරීම සඳහා එකතු වන ලෙස ඇතැම් ගැනුම්කරුවන් මෙරට ඇඟලු‍ම් කර්මාන්ත පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙන බවද ඇය ප්‍රකාශ කළාය. යෝජිත ඇමෙරිකානු තීරු බද්ද හේතුවෙන් මෙරටට එල්ල විය හැකි බලපෑම පිළිබඳව පැහැදිලිව දැන ගන්නා තෙක් ඇතැම් ගැනුම්කරුවන් සිය ඇණවුම් තාවකාලිකව අත්හිටුවා තිබෙන බවද ජයසූරිය මහත්මිය පැවැසුවාය.

මේ වනවිට මෙවැනි ඉල්ලීම් ලැබෙන්නේ සීමා සහිතව වුවත් ගෝලීය වෙළෙඳ ජාල තුළ ඇතිව තිබෙන දැඩි සැලකිලිමත්භාවය මින් පිළිබිඹු වන බවද ඇය ප්‍රකාශ කළාය. අනාගත ප්‍රසම්පාදන උපාය මාර්ග සහ නිෂ්පාදන චක්‍රවලට මින් බලපෑමක් එල්ල විය හැකි බවද ඇය පැවැසුවාය.

මතුව ඇති මෙම අවිනිශ්චිත තත්වය දැනටමත් සැපයුම් දාමයේ පුරෝකථනවලට බාධා එල්ල කර ඇතැයිද රජිතා ජයසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. ගෝලීය වෙළෙඳාම තුළ මතුව ඇති ඉහළ අවිනිශ්චිතතාව නිවැරදිව පුරෝකථන  කිරීමට බාධාවක් බවත් එය දැනටමත් සැපයුම්දාම සැලසුම්කරණයට මෙන්ම ප්‍රසම්පාදන තීරණවලට බලපෑමක් එල්ල කර ඇති බවත් ඇය පැවැසුවාය. මෙම අවිනිශ්චිතතාව නිෂ්පාදන ක්‍රියාවලිය පුරාවට බාධා එල්ල කරන බව ඇය ප්‍රකාශ කළාය.

මෙරට ඇඟලු‍ම් කර්මාන්තය ඇමෙරිකානු ආර්ථිකයෙන් ලැබෙන පුළුල් සංඥා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද ඇය පැවැසුවාය. කර්මාන්තයක් ලෙස ඇමෙරිකාව මෙරටට පනවා ඇති ඉහළ තීරු බද්ද වහා අවධානය යොමුකළ යුතු කරුණක් ලෙස හඳුනාගත්තත් ඇමෙරිකාවේ ආර්ථිකය තවත් මන්දගාමී වුවහොත් ඉන් එරට පාරිභෝගික ඉල්ලු‍ම පහළ යා හැකි බවත් එවිටද ඇණවුම් පරිමාවන්ට බාධා එල්ල විය හැකි බවත් ජයසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

ඒ හේතුවෙන් ඇමෙරිකාවේ ආර්ථිකය පුළුල් ලෙස මන්දගාමීවීමට තිබෙන හැකියාවටද ශ්‍රී ලංකා ඇඟලු‍ම් අපනයනකරුවන්ගේ සංගමය සූදානම් වන බව ඇය පැවැසුවාය. ආර්ථික විද්‍යාඥයන් අනතුරු අඟවා ඇති පරිදි ආර්ථික අවපාතයක් ඇතිවීම හේතුවෙන් ඇමෙරිකාවේ ආර්ථිකය පුළුල් ලෙස මන්දගාමී විය හැකි බවත් එමගින් ඉල්ලු‍ම මත තවදුරටත් පීඩනයක් එල්ල විය හැකි බවත් ජයසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

එවැනි අවස්ථාවක් ඇති වුවහොත් ශක්තිමත් මූලධර්ම තිබුණත් මෙරට ඇඟලු‍ම් අංශයේ ඉදිරි කාර්තුවල වර්ධන පුරෝකථනයට ඉන් සෘණාත්මක බලපෑමක් එල්ල වනු ඇතැයි ඇය පැවැසුවාය.

ශ්‍රී ලංකා ඇඟලු‍ම් අපනයනකරුවන්ගේ සංගමය සහ ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදය මෙම වර්ධනයන් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් තීරු බද්ද පිළිබඳව ඇමෙරිකානු වෙළෙඳ බලධාරීන් සමග ශ්‍රී ලංකා රජය සිදුකරන සාකච්ඡා සඳහා සහාය වීමට ශ්‍රී ලංකා ඇඟලු‍ම් අපනයනකරුවන්ගේ සංගමය සහ ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදය රජය සමඟ අඛණ්ඩ සංවාදයක යෙදී සිටින බවත් ජයසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

ඇමරිකානු තීරු බද්ද සහ ජී.එස්.පී ප්ලස් සහනය අලු‍ත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජය සමඟ අඛණ්ඩව ක්‍රියාකාරීව කටයුතු කිරීම ඇඟලු‍ම් කර්මාන්තයේ පළමු ප්‍රමුඛතාව බව ඇය පැවැසුවාය. ගෝලීයව මතුවිය හැකි අවිනිශ්චිතතාවලට ඔරොත්තු දීමේ හැකියාව සැපයුම් දාමය තුළ ගොඩනගන අතර අපනයන සබඳතා ස්ථාවර කිරීම කෙරෙහි ශ්‍රී ලංකා ඇඟලු‍ම් අපනයනකරුවන්ගේ සංගමය උපාය මාර්ගිකව අවධානය යොමු කරනු ඇතැයිද ඇය පැවැසුවාය.

වෙළෙඳ අර්බුදය උග්‍ර වුවහොත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට මෙන්ම මහා පරිමාණ අපනයනකරුවන්ටද සහාය අවශ්‍ය වන බව ජයසූරිය මහත්මිය පැවැසුවාය. වෙළෙඳ තත්වයන්හි වෙනස්වීම්වලට විශේෂයෙන් ගොදුරු විය හැකි විශාල අපනයනකරුවන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යන දෙපිරිස සමගම කටයුතු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවද ඇය ප්‍රකාශ කළාය.



අදහස් (0)

ට්‍රම්ප් බද්දේ අස්ථාවරත්වයට මුහුණදීමට ඇඟලුම් අංශය සැරසේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 549 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site