IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


දුප්පත් නොවී ඉන්න අවශ්‍ය අවම මුදල රුපියල් 16,318 ක්

විමුක්ති එස් රුද්‍රිගු


සමස්තයක් ලෙස පසුගිය පෙබරවාරි මාසයේදී ශ්‍රී ලාංකිකයකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය අවම මුදල රුපියල් 16,318 ක් බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. කෙසේ නමුත් පසුගිය ජනවාරි මාසය සමග සංසන්දනය කරන විට පෙබරවාරි මාසයේදී මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය අවම මුදල පහළ ගොස් ඇති බවද එම දත්ත වාර්තා වල සඳහන් වේ.
පසුගිය ජනවාරි මාසයේදී සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ශ්‍රී ලාංකිකයකුට අවශ්‍ය වූ අවම මුදල රුපියල් 16,334 කි. ඒ අනුව මෙරට සිව් දෙනකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට රුපියල් 65,272 ක් මුදලක් වැය වේ. කෙසේ නමුත් පුද්ගලයකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වැඩිම මුදලක් වැය වන දිස්ත්‍රික්කය වන්නේ කොළඹ දිස්ත්‍රික්කය වේ. පසුගිය පෙබරවාරි මාසයේදී කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වන පුද්ගලයකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය අවම මුදල රුපියල් 17,599 ක් බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවැසුවේය. පසුගිය ජනවාරි මාසය සමග සංසන්දනය කරන විට පෙබරවාරි මාසයේදී කොළඹ දිස්ත්‍රික්කයේද සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය අවම මුදල සුළු වශයෙන් පහත ගොස් ඇත.



අදහස් (0)

දුප්පත් නොවී ඉන්න අවශ්‍ය අවම මුදල රුපියල් 16,318 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 90 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site