IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මෙල්බර්න් ගුවන්තොටුපොළේ ශ්‍රී ලන්කන් බිම් මෙහෙයුම් සේවා Dnata Airport Services සමාගමට

 

  • සමස්ත ඇස්තමේන්තුගත පිරිවැය ඕස්ට්‍රේලියානු ඩොලර් 13,124,402 ක්

නිමල කොඩිතුවක්කු


ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළේ දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙයුම් සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහිදී බිම් මෙහෙයුම් සේවා සැපයීම සඳහා දැනට පවතින කොන්ත්‍රාත්තුව 2025-06-30 දිනෙන් අවසන් වීමට නියමිතය. එබැවින් ඉදිරි වසර 3 ක කාලය සඳහා බිම් මෙහෙයුම් සේවා සපයන්නකු තෝරා ගැනීම පිණිස සීමිත ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ඉදිරිපත් ව තිබූ ලංසු හතරක් සමාලෝචනය කිරීමෙන් අනතුරුව  Dnata Airport Services Pty Limited වෙත අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇත.

ඒ අනුව මෙල්බර්න් ගුවන් තොටුපොළෙහි ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙයුම් සේවා සැපයීමේ (ගුවන් මගීන්, භූමි සේවා සැපයීම් සහ භාණ්ඩ ගබඩා හසුරවාලීමේ) කොන්ත්‍රාත්තුව ඕස්ට්‍රේලියානු ඩොලර් 13,124,402 ක සමස්ත ඇස්තමේන්තුගත පිරිවැයකට එකී සමාගම වෙත පිරිනැමීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. 

 



අදහස් (0)

මෙල්බර්න් ගුවන්තොටුපොළේ ශ්‍රී ලන්කන් බිම් මෙහෙයුම් සේවා Dnata Airport Services සමාගමට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 549 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site