සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB)] සමාගම, ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණය (Business Continuity Management) වෙනුවෙන් ISO 22301:2019 සහතිකකරණය හිමිකරගැනීමට පසුගියදා සමත් විය. මෙරට බැංකු නොවන මූල්‍ය සේවා සමාගමක් එම සහතිකකරණය හිමි කරගත් ප්‍රථම අවස්ථාව මෙය බව එම සමාගම සඳහන් කරයි.
මීට ඉහත ISO 27001:2013 සහතිකකරණය හිමිකරගත් CDB සමාගම එය වසර 6 ක කාලයක් පවත්වා ගත් අතර, පසුව 2024 සැප්තැම්බර් මාසයේදී තොරතුරු ආරක්ෂණ කළමනාකරණය වෙනුවෙන් ISO 27001:2022 සහතිකකරණය හිමිකරගැනීමට සමත් විය. ISO 22301:2019 සහතිකකරණය මෙම අඛණ්ඩ සාර්ථකත්වයේ නවතම සන්ධිස්ථානය ලෙස හැඳින්විය හැකි වේ. අඛණ්ඩව මෙබඳු සහතිකකරණ හිමි කරගනිමින්, ආරක්ෂාව හා මෙහෙයුම් ප්‍රමිතිය සම්බන්ධයෙන් කිසිදු බාධාවකින් තොරව ගනුදෙනුකරුවන් වෙත තම සේවා අඛණ්ඩව ලබාදීමට CDB සමාගමට හැකියාව ඇති බව තහවුරු කරන විශ්වාසනීය සහතිකයකි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් CDB සමාගමේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක නිලධාරී ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා මෙසේ පැවසුවේය. සමාගම සිය මෙහෙයුම්වලදී සෑම විටම ආරක්ෂාව සහ අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකරනු ලබනවා. ISO 27001 සහ ISO 22301 සහතිකකරණ හිමි වීම යනු පාරිභෝගික දත්තවල ආරක්ෂාව, ව්‍යාපාර අඛණ්ඩතාව, අවදානම්වලට මුහුණදීමේ හැකියාව යනාදිය තහවුරු කරන මනා සාක්ෂියක්. එමගින් මෙරට ජනතාවගේ විශ්වාසනීය මූල්‍ය හවුල්කරුවකු ලෙස CDB සමාගම සතු පිළිගැනීම තවදුරටත් තහවුරු වනු ඇති.
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමියකු ලෙස CDB සමාගම නිරන්තරයෙන් ජාත්‍යන්තර ප්‍රමිති ආරක්ෂා කරගන්නා අතරම, ක්ෂේත්‍රයේ නවතම ප්‍රවණතා අනුව හැඩගැසීමට පියවර ගෙන තිබේ. කවදත් ආයතනික යහපාලනයට සහ නියාමන අනුකූලතාවට ප්‍රමුඛත්වය දුන් CDB සමාගම, විශ්වසනීයත්වය පවත්වා ගනිමින් අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරගැනීමට පියවර ගත්තේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ රෙගුලාසි මෙන්ම අනෙකුත් ගිණුම්කරණ හා ආයතනික පාලන නියාමනයන්ට අනුකූලව කටයුතු කිරීම ඔස්සේ සුරක්ෂිත හා විශ්වාසනීය සේවා එකතුවක් පිරිනැමීමටත්, ගනුදෙනුකරුවන්ගේ දත්ත හා තොරතුරුවලට උපරිම ආරක්ෂාවක් ලබාදීමටත් සමාගම සමත් වී තිබේ.
ශ්‍රී ලංකා රජය ආදායම වැඩිකර ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සතුටුදායක මට්ටමක පවතින නමුත් බලාපොරොත්තු වූ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැක
DFCC බැංකුව, එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහිදී පසුගියදා නිකුත් කළ හරිත බැඳුම්කර තුළ රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදු ක
ලංකා බැංකුව 2025 අලුත් අවුරුදු සමයේ රුපියල් බිලියන 666 කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කිරීමට සම
2025 සහ 2026 යන වර්ෂවලදී ආර්ථික සංගණනය පැවැත් වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
උසස් අධ්‍යාපන සහයෝගීතාව උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
CDB සමාගමේ ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණ හැකියාවට ISO 22301:2019 සහතිකකරණය