IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය &2025 නැව්තොටේ අලු‍ත් අවුරුද්ද* සමරයි




ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සම්ප්‍රදායන්ට හා සංස්කෘතියට මුල් තැන දෙමින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) සිය වාර්ෂික නැව්තොටේ අලු‍ත් අවුරුදු උත්සවය’ පසුගියදා පවත්වන ලදී. සත් වසරක සාර්ථක මෙහෙයුම් සනිටුහන් කරමින් ඉතා උත්සවාකාරයෙන් සංවිධානය කර තිබූ මෙම අලු‍ත් අවුරුදු උත්සවය සඳහා දෙස්, විදෙස් කාර්ය මණ්ඩල සාමාජිකයෝ එක්ව සිටියහ.

වරාය පරිශ්‍රයේ පැවති මෙම උත්සවයට කොට්ටා පොර, බනිස් කෑම ඇතුළු සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා රැසක් ඇතුළත් වූ අතර, කාර්ය මණ්ඩලය විසින් අවුරුදු කුමරා සහ කුමරිය තෝරා ගැනීම සිදු වූයේ විනෝදාත්මක අත්දැකීමක් සියලු‍ දෙනා වෙත උරුම කර දෙමිනි.

උදෑසන 9 සිට ආරම්භ වූ අවුරුදු උත්සවය සඳහා කාර්ය මණ්ඩල සාමාජිකයන් 150කට ආසන්න පිරිසක් එක්ව සිටි අතර වරායේ අත්‍යාවශ්‍ය මෙහෙයුම් නිසි ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා අදාළ කණ්ඩායම් කැපවී කටයුතු කළහ.

සාම්ප්‍රදායික උදෑසන ආහාරය සමගින් ආරම්භ වූ උත්සවය වරාය සාමාජිකයන්ගේ එකමුතුකම හා හැකියාව මනාව පිළිබිඹු කළේය. මෙහි තවත් විශේෂත්වයක් වූයේ දෙස්, විදෙස් කාර්ය මණ්ඩල සාමාජිකයන් සියලු‍ දෙනා සාම්ප්‍රදායික දේශීය ඇඳුමෙන් සැරසී සිටීමයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ක්ව් මහතා මෙසේ පැවසීය. “හම්බන්තොට ජාත්‍යන්තර වරාය නව විශ්වාසයකින් හා අධිෂ්ඨානයකින් යුතුව ඉදිරියට ගමන් කරමින් සිටින මොහොතක මෙම අලු‍ත් අවුරුද්ද සැමරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. ගෝලීය සැපයුම් අංශය තුළ ක්‍රමයෙන් ඇති වන වෙනස්කම් වලට අනුකූලව නව අභියෝග වැළඳ ගනිමින්, තවදුරටත් ව්‍යාප්ත වීමට අප සූදානම්. ඉදිරි වසරේදී, වරාය සේවා තවදුරටත් වැඩිදියුණු කර නව ආයෝජන හඳුන්වා දීමට අප පියවර ගෙන තිබෙනවා.

 



අදහස් (0)

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය &2025 නැව්තොටේ අලු‍ත් අවුරුද්ද* සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 549 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site