කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වැවිලි සමාගමක් වන වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ වැඩිම කොටස් හිමිකාරීත්වයක් සහිත සන්ෂයින් විල්මාර් (පෞද්) සමාගම එහි තවත් කොටස් 1,509,451ක් මිලදී ගැනිමට කටයුතු කර ඇතැයි පවසයි.
පසුගිය ඔක්තෝබර් 06 වැනිදා මෙම මිලදී ගැනීම සිදුව ඇති අතර, එහිදී එක් කොටසක් රුපියල් 47ක් බැගින් ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 70.9ක් (රු. 70,944,197ක්) ලෙස සටහන්ව තිබේ. මෙම මිලදී ගැනීම සිදුවන අවස්ථාව වනවිටත් සන්ෂයින් විල්මාර් සමාගම සතුව වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සීහි කොටස් 782,966,882ක් පැවැති අතර, එය සමස්ත කොටස් අතරින් ප්රතිශතයක් ලෙස සියයට 77ක් ඉක්මවා තිබේ.
ඒ අනුව මෙම මිලදී ගැනීමත් සමගින්ම එම සමාගම සතු වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී කොටස් සංඛ්යාව 784,476,333ක් දක්වා ඉහළ ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd