IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජනශක්ති ලයිෆ් ඉහළ කාර්ය සාධනයක් දැක්වූ විකුණුම් නිලධාරින් අගයයි



ජනශක්ති ඉන්ෂුවරන්ස් පී එල් සී විසින් 2024 වසරේ දියත් කළ Drive Me වැඩසටහන 2025 ජනවාරි මාසයේදී කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හි සම්මාන උළෙලක් පැවැත්වීමෙන් අවසාන විය. වසර පුරාවට සිය විකුණුම් ඉලක්ක අතික්‍රමණය කරමින් ඉහළ කාර්යසාධනයක් දැක්වූ විකුණුම් කණ්ඩායම් සාමාජික සාමාජිකාවන්ගේ ජයග්‍රහණ ඇගයීම උදෙසා මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණි. විකුණුම් කණ්ඩායම් සාමාජික සාමාජිකාවන්ගේ සුවිශේෂී කැපවීම, වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ ඔවුන්ගේ දායකත්වය ප්‍රදර්ශනය වීම මෙහි සිදු විය. 

මෙම වැඩසටහනේ කැපී පෙනෙන විශේෂාංගයක් වූයේ විකුණුම් බලකායේ ජයග්‍රාහිකාවන් දෙදෙනකු සුවිශේෂී ඇගයීමකට ලක් වීමය. එමගින් සමාන අවස්ථා ලබා දීම සහ පූර්ණ සේවාස්ථානයක් නිර්මාණය කිරීමේ ලා ජනශක්ති ලයිෆ් දක්වන කැපවීම විද්‍යාමාන කරන්නක් විය.

සම්මාන උළෙලේදී හංවැල්ල ශාඛාවේ එල්. ඩී. එන්. පෙරේරා මහතා ඉහළම කර්ය සාධනයක් දැක්වූ විකුණුම්කරු ලෙස සම්මාන දිනූ අතර, සිය කැපවීම හා දක්ෂතා විදහා දක්වමින් යාපනය නගර ශාඛාවේ සී. ජූඩ් මහතා විසින් දිනුම් ඇදීමේ ජයග්‍රහණය දිනාගන්නා ලදී. ජයග්‍රාහකයන් වෙත සම්මාන පිරිනැමීම ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගමේ නිර්මාතෘ සහ සභාපති සී.ටී.ඒ. ෂාෆ්ටර් මහතාගේ අතින් සිදු විය.

අපගේ විකුණුම් කණ්ඩායමේ දක්ෂතා සහ ඔවුන්ගේ කැපවීම පිළිබඳව අපි ඉතා සතුටට පත්වෙනවා. මෙම සම්මාන උළෙල හරහා අපගේ අලෙවි කණ්ඩායම පසුගිය වසර තුළ දැක්වූ දක්ෂතා අගය කිරීම වගේම ඉදිරියේදීත් අලෙවි ඉලක්ක කරා අතිසාර්ථකව ගමන් කිරීම සඳහා ඔවුන්ට උත්තේජනයක් ලබා දීම අපගේ අරමුණයි. එමගින් කණ්ඩායමක් ලෙස ඉලක්ක සාක්ෂාත් කරගැනීමට මෙන්ම තිරසාරත්වය කරා ගමන් කිරීමට  ජනශක්ති ලයිෆ් සමාගමට ශක්තිය ලබාදෙන බව පැවසිය යුතුමයි.” යනුවෙන් ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා අදහස් දක්වමින් පැවසීය.  

ජනශක්ති ලයිෆ් සමාගම  2024 වසර සඳහා රුපියල් බිලියන 6.6ක දළ ලියා හරිත වාරික  ආදායමක් වාර්තා කිරීමට සමත් වූ  බවත්, එය පෙර වසරට සාපේක්ෂව සියයට 43 ක වර්ධනයක් බවත්, මෙම වර්ධනය, සමාගමේ ශක්තිමත් වෙළෙඳපොළ පැවැත්මට, පාරිභෝගික විශ්වාසයට සහ විශිෂ්ටත්වයට උදාහරණ සපයන බවත්, ඒ මහතා සඳහන් කර සිටියේය.  මෙම වාර්තාගත ජයග්‍රහණය අපගේ මූල්‍ය වර්ධනයට සාක්ෂියක් වගේම නවෝත්පාදනය, නවතම තාක්ෂණය සහ පාරිභෝගික කේන්ද්‍රීය සේවාවක් ලබාදීමට අපගේ කැපවීම පිළිබිඹු කරන බව පැවසිය යුතුමයි. ජනශක්ති ලයිෆ් සමාගමේ අප සියලු දෙනා, සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරව කටයුතු කරමින් ගනුදෙනුකරුවන් සඳහා  වටිනාකම් නිර්මාණය කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන බව අවධාරණය කිරීමට කැමැතියි. අපගේ විකුණුම් කණ්ඩායමේ කැපවීම වගේම අති නවීන ඩිජිටල් සේවා හඳුන්වා දීම හරහා පෙර අත් නොවිඳි මට්ටමේ රක්ෂණ අත්දැකීමක් පාරිභෝගික ජනතාව වෙත ලබාදීම අපගේ සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා, යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේය.

ජනශක්ති ලයිෆ් සමාගම  සිය සමාගමේ සාර්ථකත්වයේ කොඳු නාරටිය වන විකුණුම් වෘත්තිකයන් බල ගැන්වීම වෙනුවෙන් විවිධ පුහුණු  හා සංවර්ධන වැඩසටහන් සඳහා අඛණ්ඩව ආයෝජනය කරන අතරල එම නිසාම පාරිභෝගික කේන්ද්‍රීය සේවාවක් ලබා දෙමින් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු ලෙස ස්ථානගත වීමට ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගමට හැකි වී ඇත. 

 



අදහස් (0)

ජනශක්ති ලයිෆ් ඉහළ කාර්ය සාධනයක් දැක්වූ විකුණුම් නිලධාරින් අගයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 549 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site