IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


AMF සමාගමේ විශිෂ්ට මූල්‍ය කාර්ය සාධනයක්

ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පී.එල්.සී (AMF) සමාගම 2024 දෙසැම්බර් 31 වැනි දින අවසන් වූ මාස නවයක කාලය සඳහා විශිෂ්ට මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කර ඇත. ලාබය අතින් වාර්තා කර ඇති වර්ධනය, ශේෂ පත්‍ර ශක්තිය, සවිමත් ද්‍රවශීලතාව වැනි කරුණු ගණනාවක් මෙම මූල්‍ය කාර්ය සාධනය සඳහා හේතු සාධක වී ඇති අතර එය AMF සමාගම සතු ක්‍රමෝපායික හැකියාව සහ ප්‍රවේශී අවදානම් කළමනාකරණ ශක්තිය තවදුරටත් තහවුරු කරයි. 
AMF සමාගම කොවිඩ්-19 වසංගතය සහ 2022 මූල්‍ය අර්බුදය නිසා ඇතිවූ අභියෝගාත්මක ආර්ථික තත්වවලට ඉතා සාර්ථකව මුහුණ දීමට සමත් වූ අතර සමස්තයක් වශයෙන් මූල්‍ය ක්ෂේත්‍රයේ ණය දීමේ කටයුතු විශාල වශයෙන් අඩු වූ කාලසීමාවකදී පවා සිය ණය දීම් වර්ධනය කර ගැනීමටත් ප්‍රාග්ධනය සහ ද්‍රවශීලතාව සවිමත් කර ගැනීම හරහා මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කර ගැනීමටත් සමත් වීම සුවිශේෂත්වයකි. 
AMF සමාගම විසින් අත්පත් කරගෙන ඇති විශිෂ්ට මූල්‍ය සාර්ථකත්වය පෙන්නුම් කරන කරුණු අතරින් බදු පෙර ලාබය (PBT) සියයට 133ක වර්ධනයක් සහිතව එය රුපියල් මිලියන 781 ක් දක්වා ඉහළ නංවා තිබීමත්, බදු පසු ලාබය (PAT) සියයට 135ක වර්ධනයක් සහිතව රුපියල් මිලියන 393 ක් දක්වා සවිමත්ව ඉහළ ගොස් තිබීමත් සුවිශේෂී වේ.
සම්පත් ප්‍රතිලාභ අනුපාතය (ROA) සහ ශුද්ධ වත්කම් ප්‍රතිලාභ අනුපාතය (ROE) පිළිවෙළින් සියයට 5.25 ක් සහ සියයට 15.25 ක් වශයෙන් වාර්තා වූ අතර සමාගමේ ප්‍රාග්ධන පදනම අවදානම් මත බර තැබූ වත්කම්වල (ද්වීතියික මට්ටම) අනුපාතයක් වශයෙන් ගත් කල සියයට 15.49 ක් වශයෙන් වාර්තා වී ඇත. මේ සම්බන්ධයෙන් මහ බැංකුව විසින් නියාමනය කර ඇති අවම අනුපාතය වන සියයට 12.5ක අනුපාතය පහසුවෙන් ඉක්මවා තිබීම AMF සමාගමේ ලාබදායී බව සහ වර්ධනය මනාව පෙන්වා දෙන්නකි.
AMF සමාගමේ සමස්ත වත්කම් රුපියල් බිලියන 20.39 ක් දක්වා වර්ධනය වී ඇති අතර ණය සහ ලැබිය යුතු ආදායම් රුපියල් බිලියන 12 දක්වා වර්ධනය වී ඇත. මෙමගින් සමාගමේ සවිමත් ණය සංචිතය සහ ණය ප්‍රදාන ක්‍රියාවලියේ සාර්ථකත්වය මනාව පෙන්වා දෙයි. තැන්පතුකරුවන් සමාගම මත තබා ඇති විශ්වාසය තවදුරටත් ශක්තිමත්ව වර්ධනය වන බව තහවුරු කරමින් සමාගමේ තැන්පතු වටිනාකම රුපියල් බිලියන 15.46 දක්වා ඉහළ ගොස් තිබීම ද විශේෂත්වයකි.
එමෙන්ම සමාගමේ සම්පූර්ණ හිමිකම සියයට 12කින් ඉහළ යමින් රුපියල් බිලියන 3.63 ක් දක්වා වර්ධනය වී ඇති අතර කොටසක ශුද්ධ වටිනාකම් අගය (NAV) රුපියල් 32.07 ක් දක්වා ඉහළ යමින් කොටස් හිමිකරුවන්ට නිරන්තරයෙන්ම උපරිම ප්‍රතිලාභ ලබාදීමට සමාගම සතු හැකියාව මනාව තහවුරු කර ඇත. AMF සමාගම සිය සමස්ත වත්කම්වලින් ද්‍රවශීල වත්කම් ප්‍රමාණය සියයට 31.54ක අනුපාතයක් වශයෙන් පවත්වා ගැනීමට සමත් වී ඇති අතර තත්කාලික ගෙවීම් කළමනාකරණය කර ගැනීම සඳහා ඇති හැකියාව පෙන්වා දෙමින් සිය කෙටිකාලීන ද්‍රවශීලතා අනුපාතය සියයට 198ක මට්ටමක පවත්වා ගැනීමට සමත් වී ඇත. මේ සියල්ල මූල්‍ය ක්ෂේත්‍රයේ සාමාන්‍යයෙන් පිළිගත් මට්ටමට වඩා ඉහළ වීම විශේෂත්වයකි. 
මෙලෙස සියලු අංශවලින් අත්පත් කරගෙන ඇති සාර්ථකත්වය AMF සමාගමේ සවිමත් පදනම, ක්‍රමෝපායික අවදානම් කළමනාකරණ ප්‍රවේශය සහ කොටස් හිමිකරුවන්ට දීර්ඝ කාලීන ප්‍රතිලාභ හිමි කරදීමට ඇති කැපවීම පැහැදිලිව ප්‍රදර්ශනය කරන බව පෙන්වා දිය හැකිය. AMF සමාගමේ මූල්‍ය ශක්තිය සහ පාලනය ඇගයීමට ලක් කරමින් ලංකා රේටින්ග් විසින් සමාගමේ ණය ශ්‍රේණිගත කිරීම (Stable) සිට BB (Stable) දක්වා ඉහළ නංවාලීම මෙය තවදුරටත් තහවුරු කරන්නකි. 
AMF සමාගම විසින් ක්ෂේත්‍රයේ අත්පත් කරගෙන ඇති සාර්ථකත්වය සහ ප්‍රමුඛස්ථානය තවදුරටත් අඛණ්ඩවම ඉදිරියට පවත්වාගෙන යාම සඳහා එහි නව සභාපතිවරයා වශයෙන් සුරේන් ගුණවර්ධන මහතා මෑතකදී පත් කෙරුණු අතර සිය නායකත්වය යටතේ සමාගමේ අනාගත ක්‍රියාකාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය. “AMF සමාගම මේ දක්වා අත්පත් කරගෙන තිබෙන සාර්ථකත්වය අඛණ්ඩවම ඉදිරියට පවත්වාගෙන යාම සඳහා තිරසාර සංවර්ධනය, ගනුදෙනුකරුවන්ගේ තෘප්තිය සහ වෙළෙඳපොළ තත්වයට අනුගත වීම යන ඉලක්ක මත පදනම්ව ක්‍රියාත්මක වීම නව සභාපතිවරයා වශයෙන් මගේ අපේක්ෂාවයි.”
AMF සමාගමේ අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී ටී.එම්.ඒ. සලේ මහතා සමාගමේ ගනුදෙනුකරුවන් කේන්ද්‍ර කරගත් ව්‍යාපාර ප්‍රවේශය සහ විනයවත් පාලනය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසුවේය. “සමාගමේ වර්ධනය වෙනුවෙන් ඇති අපේ කැපවීම, සැලකිලිමත් බව සමග මනා සමබරතාව පවත්වාගෙන යෑම නිසා අපට ව්‍යාපාර මෙහෙයුම්වල ස්ථාවරත්වය සහ ක්‍රියාකාරීත්වය යන දෙකම ඉහළ නංවා ගැනීමට හැකි වී තිබෙනවා. අපේ සාර්ථකත්වය ඔස්සේ පිළිබිඹු වන්නේ AMF කණ්ඩායමේ ධෛර්යය සහ සදාචාර සම්පන්නව ව්‍යාපාර කටයුතු සිදු කිරීමට අප තුළ වන කැපවීමයි”.
ඉදිරියේදී ඩිජිටල් ණය ලබා දීම වර්ධනය කිරීම, වෙළෙඳපොළ කොටස් වර්ධනය කිරීම සහ නව තාක්ෂණය භාවිතයෙන් ආයෝජන ප්‍රවර්ධනය කිරීම හරහා ව්‍යාපාර ක්‍රියාවලි තවදුරටත් කාර්යක්ෂම කිරීම AMF සමාගමේ ඉලක්ක වේ. ඒ අනුව සිය සවිමත් ප්‍රාග්ධන පදනම සහ ද්‍රවශීල සංචිත යොදාගෙන වඩා වැඩි ශ්‍රී ලාංකිකයන් පිරිසක් මූල්‍ය ගනුදෙනු සඳහා ආකර්ෂණය කර ගැනීමටත් වෙළෙඳපොළ නැමියාවන්ට අනුගත වෙමින් අඛණ්ඩවම ව්‍යාපාර කටයුතු වර්ධනය කිරීමටත් සමාගම අපේක්ෂා කරයි. 
AMF සමාගමේ සභාපති සුරේන් ගුණවර්ධන සහ අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී මර්වින් සලේ යන මහත්වරුන්ට අමතරව උප සභාපති - නාලත දයාවංශ, ශමල්කා දයාවංශ, ෂනිල් දයාවංශ, නිලංක පීරිස්, රනිල් විජේගුණවර්ධන සහ ටෞචිර කණ්ඩම්බි යන මහත්වරු AMF අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් වශයෙන් කටයුතු කරති.



අදහස් (0)

AMF සමාගමේ විශිෂ්ට මූල්‍ය කාර්ය සාධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි නම් විකල්ප අවශ්‍යයි
2025 අප්‍රේල් මස 30 64 0

ශ්‍රී ලංකා රජය ආදායම වැඩිකර ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සතුටුදායක මට්ටමක පවතින නමුත් බලාපොරොත්තු වූ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැක


DFCC බැංකුව AFC හරිත බැඳුම්කරවල රුපියල් මිලියන 500ක් ආයෝජනය කරයි
2025 අප්‍රේල් මස 30 38 0

DFCC බැංකුව, එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහිදී පසුගියදා නිකුත් කළ හරිත බැඳුම්කර තුළ රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදු ක


ලංකා බැංකුවෙන් රුපියල් බි. 666 ඉක්මවූ අවුරුදු ගනුදෙනු
2025 අප්‍රේල් මස 30 36 0

ලංකා බැංකුව 2025 අලු‍ත් අවුරුදු සමයේ රුපියල් බිලියන 666 කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කිරීමට සම


2025 -26 වර්ෂවලදී ආර්ථික සංගණනයක්
2025 අප්‍රේල් මස 30 27 0

2025 සහ 2026 යන වර්ෂවලදී ආර්ථික සංගණනය පැවැත් වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.


උසස් අධ්‍යාපනය නැංවීමට සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය සමග ගිවිසුමක්
2025 අප්‍රේල් මස 30 18 0

උසස් අධ්‍යාපන සහයෝගීතාව උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත


රාජ්‍ය ව්‍යාපාර කළමනාකරණ කෙටුම්පත වැඩිදියුණු කිරීමට කමිටුවක්
2025 අප්‍රේල් මස 30 14 0

රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනම


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 375 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 98 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1125 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site