IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


පළමු කාර්තුවේ අපනයන ආදායම ඩොලර් බිලියන 4.2 ක්

 

  • සියයට 5.87 ක වර්ධනයක්
  • මාර්තුවේදී මුළු අපනයන ආදායම ඩො. බිලියන 1.5 ක්
  • පළමු කාර්තුවේදී ඉපැයූ සමස්ත වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩො. බි. 3.32 ක්
  • මාර්තුවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩො. බි.1.21 ක්
  • සේවා අපනයන අංශයෙන් ඉපැයූ ආදායම ඩො. මි. 887.04 ක්
  • රෙදිපිළි සහ ඇඟලු‍ම් අපනයන ආදායම ඩො. බි. 1.38ක්.සියයට 11.09 ක වර්ධනයක්
  • වැඩිම ප්‍රතිශතයකින් අපනයන ආදායම ඉහළ ගොස් ඇත්තේ කුළුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදනවල. එම අගය සියයට 71.43 ක්

විමුක්ති එස් රුද්‍රිගු


අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව ඉපැයූ මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 ක් බවත් එය පසුගිය වසරේ පළමු කාර්තුව සමග සංසන්දනය කරන විට සියයට 5.87 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය. පසුගිය වසරේ පළමු කාර්තුවේදී තුළදී ශ්‍රී ලංකාව ඉපැයූ මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.97 ක් බවද ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේය.

වෙළෙඳ සහ සේවා අංශවල අපනයන ආදායමද ඇතුළත්ව පසුගිය මාර්තු මාසයේදී මෙරට මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක් ලෙස සටහන් වූ බවත් එය පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 6.24 ක සැලකිය යුතු ආකර්ෂණීය ඉහළ යාමක් බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය. පසුගිය වසරේ මාර්තු මාසයේදී මෙරට මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.41 ක් විය. පසුගිය පෙබරවාරි මාසය සමග මාර්තු මාසයේ අපනයන ආදායම සංසන්දනය කරන විට එය සියයට 11.76 ක ඉහළ වර්ධනයක් බවද එම මණ්ඩලය පැවැසුවේය.

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව ඉපැයූ සමස්ත වෙළෙඳ භාණ්ඩ අපනය ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.32 ක් බවත් එය පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 4.61 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය. පසුගිය වසරේ පළමු කාර්තුව තුළ මෙරට සමස්ත වෙළෙඳ භාණ්ඩ අපනය ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.17 ක් ලෙස සටහන් වූ බවද එම මණ්ඩලය පැවැසුවේය.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව නිකුත් කළ තාවකාලික දත්තවලට අනුව පසුගිය මාර්තු මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.21 ක් බවත් එය පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 5.87 ක් වර්ධනයක් බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය. පසුගිය වසරේ මාර්තු මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.14 ක් ලෙස සටහන් වූ බවද එම මණ්ඩලය පැවැසුවේය.

මෙම වසරේ පළමු කාර්තුවේදී සේවා අපනයන අංශය කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත් පළමු කාර්තුව තුළදී ශ්‍රී ලංකාව සේවා අපනයන අංශයෙන් ඉපැයූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 887.04 ක් බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පැවැසුවේය. එය පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 10.88 ක ඉහළ යාමක් බවද එම මණ්ඩලය ප්‍රකාශ කළේය.

එසේම පසුගිය මාර්තු මාසයේදී මෙරට අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 291.12 ක් බවත් එය පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 7.7 ක ඉහළ යාමක් බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පැවැසුවේය. 

පසුගිය වසරේ පළමු කාර්තුවේදී මෙරට රෙදිපිළි සහ ඇඟලු‍ම් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.24ක් ලෙස සටහන් වූ බවත් එය මෙම වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.38ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එම මණ්ඩලය ප්‍රකාශ කළේය. එය ප්‍රතිශතයක් ලෙස සියයට 11.09 ක වර්ධනයකි.

මෙම වසරේ මාර්තු මාසයේ රෙදිපිළි සහ ඇඟලු‍ම් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 495.95 ක් බවත් එය පසුගිය වසරේ මාර්තු මාසය සමග සංසන්දනය කරන විට සියයට 11.73 ක ඉහළ යාමක් බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පැවැසුවේය. පසුගිය මාර්තු මාසයේදී රෙදිපිළි සහ ඇඟලු‍ම් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 443.90 ක් විය.

පළමු කාර්තුවේදී පසුගිය වසරට සාපේක්ෂව වැඩිම ප්‍රතිශතයකින් අපනයන ආදායම ඉහළ ගොස් ඇත්තේ කුළුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදනවල බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 71.43 ක් බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය. එසේම පළමු කාර්තුවේ අඩුම ප්‍රතිශතයකින් අපනයන ආදායම ඉහළ ගොස් ඇත්තේ තේ වල බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 4.56 ක් බවත් එම මණ්ඩලය පැවැසුවේය.

කෙසේ නමුත් දියමන්ති,මැණික් හා ස්වර්ණාභරණ මෙන්ම රබර් ආශ්‍රිත නිෂ්පාදන, ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රොනික සංරචක, මුහුදු ආහාර, විසිතුරු මසුන්, එළවළු, පළතුරු, වෙනත් අපනයන බෝග, මල් හා ශාකපත්‍ර, බෝට්ටු නිෂ්පාදන සහ ඛනිජ තෙල් නිෂ්පාදනවල අපනයන ආදායම පළමු කාර්තුවේදී පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව පහළ ගොස් ඇති බවද ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය.

මෙම වසරේ මුල් කාර්තුවේදී මෙරට ඉහළම අපනයන ගමනාන්ත අතර මුල් ස්ථාන තුනේ පසුවන්නේ ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඉන්දියාව බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේය.

අපනයන කේෂ්ත්‍රයේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ධනාත්මක ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ගෝලීය වෙළඳාම තුළ ශ්‍රී ලංකාවේ වර්ධනය වන ප්‍රමුඛතාව අවධාරණය කරන බවත් එය රටේ අපනයන තරඟකාරිත්වය සහ වෙළෙඳපොළ ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහා අඛණ්ඩව දරණ උත්සාහයේ ඵලදායීතාව පිළිබිඹු කරන බවත්ය.

 



අදහස් (0)

පළමු කාර්තුවේ අපනයන ආදායම ඩොලර් බිලියන 4.2 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි නම් විකල්ප අවශ්‍යයි
2025 අප්‍රේල් මස 30 60 0

ශ්‍රී ලංකා රජය ආදායම වැඩිකර ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සතුටුදායක මට්ටමක පවතින නමුත් බලාපොරොත්තු වූ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැක


DFCC බැංකුව AFC හරිත බැඳුම්කරවල රුපියල් මිලියන 500ක් ආයෝජනය කරයි
2025 අප්‍රේල් මස 30 36 0

DFCC බැංකුව, එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහිදී පසුගියදා නිකුත් කළ හරිත බැඳුම්කර තුළ රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදු ක


ලංකා බැංකුවෙන් රුපියල් බි. 666 ඉක්මවූ අවුරුදු ගනුදෙනු
2025 අප්‍රේල් මස 30 35 0

ලංකා බැංකුව 2025 අලු‍ත් අවුරුදු සමයේ රුපියල් බිලියන 666 කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කිරීමට සම


2025 -26 වර්ෂවලදී ආර්ථික සංගණනයක්
2025 අප්‍රේල් මස 30 27 0

2025 සහ 2026 යන වර්ෂවලදී ආර්ථික සංගණනය පැවැත් වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.


උසස් අධ්‍යාපනය නැංවීමට සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය සමග ගිවිසුමක්
2025 අප්‍රේල් මස 30 17 0

උසස් අධ්‍යාපන සහයෝගීතාව උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත


රාජ්‍ය ව්‍යාපාර කළමනාකරණ කෙටුම්පත වැඩිදියුණු කිරීමට කමිටුවක්
2025 අප්‍රේල් මස 30 13 0

රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනම


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 359 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 96 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1122 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site