කොළඹ කොටස් හුවමාරුව (CSE) සිය බණ්ඩාරවෙල ශාඛාව මහජනතාව සඳහා නිල වශයෙන් පසුගියදා විවෘත කළේය. එමගින් දිවයින පුරා ව්‍යාප්තව පවතින තම ශාඛා ජාලය තවදුරටත් ශක්තිමත් කරන ලදී. රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරමින්, සහභාගීවූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්, කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දිල්ෂාන් වීරසේකර මහතා සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා විසින් ශාඛාව විවෘත කරන ලදී.
මෙම විවෘත කිරීමත් සමගම, කොළඹ කොටස් හුවමාරුව ශ්‍රී ලංකාවේ පළාත් නවයේම තම සේවා දායකත්වය සනිටුහන් කරන අතර, දැනට මාතර, මහනුවර, කුරුණෑගල, මීගමුව, යාපනය, මඩකලපුව, අනුරාධපුර, රත්නපුර, පානදුර සහ බණ්ඩාරවෙල යන නගරවල තම ශාඛා පිහිටුවා ඇත.
කොළඹ කොටස් හුවමාරුවේ අනෙකුත් ශාඛා මෙන්ම, බණ්ඩාරවෙල ශාඛාව මඟින් CDS ගිණුම් විවෘත කිරීම, කොටස් තැරැව්කාර සමාගම් වෙත ප්‍රවේශය වීම, ආයෝජකයන් දැනුවත් කීරීමේ වැඩමුළු සහ කොටස් වෙළෙඳපොළේ තොරතුරු විමසීමට හෝ ඔවුන්ගේ ආයෝජන ආශ්‍රිත විමසීම් සම්බන්ධ පැහැදිලි කිරීම් ලබා ගැනීම සදහා පුද්ගලාරෝපිත මග පෙන්වීම ඇතුළු සේවා රැසක් සඳහා පහසුකම් සපයා ඇත.
මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් ඩිල්ෂාන් විරසේකර මහතා පවසා සිටියේ, “බණ්ඩාරවෙල ශාඛාව විවෘත කිරීමත් සමඟ, කොළඹ කොටස් හුවමාරුව හරහා ප්‍රාග්ධන වෙළෙඳපොළ ජනතාවට සමීප කරවමින්, ඌව පළාත පුරා සිටින පුද්ගලයන්ට ඔවුන්ගේ මූල්‍ය සැලසුම් සහ ආයෝජන වලදී දැනුවත්වීම් ලබා ගැනීමට සහ බලගැන්වීමට ඉඩ සැලසෙන බවයි.”
"අප සිටින්නේ බැංකු සහ මූල්‍ය සමාගම් සමඟ තරග කිරීමට නොව, මූල්‍ය තීරණ ගැනීමේදී නව මානයක් හඳුන්වා දෙමින්, ඔවුන් පිරිනමන සේවාවලට අතිරේකව සේවා සැපයීමටයි - එමෙන්ම කොටස් වෙළෙඳපොළ හරහා ඔබේ ඉතුරුම් සඳහා විකල්ප ආයෝජන මාර්ගයක් ලබා දීමෙන්, ඔබේ ධනය වර්ධනය කර ගැනීමේ හැකියාව මේ තුළින් ලැබේ."
විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා, ප්‍රාග්ධන රැස්කිරීමේ පහසුකම් සපයන්නකු ලෙස කොළඹ කොටස් හුවමාරුවේ කාර්යභාරය පිළිබඳව ද, වීරසේකර මහතා අවධාරණය කළේය. “කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අපගේ ආර්ථිකයේ කොඳු නාරටිය වන අතර, එම්පවර් බෝඩ් (Empower Board) යනු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා ප්‍රාග්ධනය රැස් කිරීමට සහ ඔවුන්ගේ මෙහෙයුම් පරිමාණය තීරණය කිරීමට කැපවූ ස්ථානයකි. ඒ අනුව, කලාපයේ ව්‍යාපාර හිමියන්ට තම ව්‍යාපාර අවස්ථා පුළුල් කිරීමට සහ දිගුකාලීන වර්ධනය සඳහා, කොළඹ කොටස් හුවමාරුව මගින් ලබා දෙන අවස්ථා හා සම්බන්ධ වන මෙන් අප ඔබට සාදරයෙන් ඇරයුම් කරන්නෙමු.”
ආයෝජකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, වෙළෙඳපොළ සාධාරණත්වය, කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය සහතික කිරීම, පද්ධතිමය අවදානම අඩු කිරීම සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනය කිරීම, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ නියාමන ආයතනය ලෙස කටයුතු කරන, රාජ්‍ය ආයතනයක් වන සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙහි වගකීම වේ. ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළේ අඛණ්ඩතාව සහ ප්‍රගතිය ආරක්ෂා කිරීමේදී අප දරන ප්‍රධාන වගකීම් බව," සමාරම්භක උත්සවයේදී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා පැහැදිලි කළේය."
තවද, කොළඹ කොටස් හුවමාරුව විසින් මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා, එදිනම සවස බණ්ඩාරවෙල හෝටලයේදී, වෘත්තිකයන් සහ දේශීය ව්‍යාපාරික ප්‍රජාව සඳහා ආයෝජක සංසදයක් පවත්වන ලදී. විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවෙහි සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා විසින් ආයෝජකයන්ගේ ආරක්ෂාව පිළිබඳ දැනුවත් කරමින් ඉදිරිපත් කිරීමක් ද, HNB කොටස් තැරැව්කාර (පෞද්ගලික) සමාගමේ විකුණුම් අධ්‍යක්ෂ, කපිල පතිරගේ මහතා විසින්, සාර්ව ආර්ථික දැක්ම සහ වෙළෙදපොළ අවස්ථා පිළිබඳ ඉදිරිපත් කිරීම් සිදු කරන ලදී. ඉන්පසුව, කොළඹ කොටස් හුවමාරුවේ සහ සුරැකුම්පත් කොමිසමේ සභාපතිවරුන් සහ කපිල පතිරගේ මහතා සහභාගී වූ සාකච්ඡාවක් ද පැවැත්විණි. එය මෙහෙයවනු ලැබුවේ කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා විසිනි.
ශ්‍රී ලංකා රජය ආදායම වැඩිකර ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සතුටුදායක මට්ටමක පවතින නමුත් බලාපොරොත්තු වූ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැක
DFCC බැංකුව, එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහිදී පසුගියදා නිකුත් කළ හරිත බැඳුම්කර තුළ රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදු ක
ලංකා බැංකුව 2025 අලුත් අවුරුදු සමයේ රුපියල් බිලියන 666 කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කිරීමට සම
2025 සහ 2026 යන වර්ෂවලදී ආර්ථික සංගණනය පැවැත් වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
උසස් අධ්‍යාපන සහයෝගීතාව උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කොටස් වෙෙළඳපොළ නව ශාඛාව බණ්ඩාරවෙළදී විවෘත කෙරේ