IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජනශක්ති සමූහය ‘Best Management Practices Company Awards 2025’ හිදී ඇගයීමට ලක්වේ


ජනශක්ති සමූහ ව්‍යාපාරය පසුගියදා පැවති ‘Best Management Practices Company Awards  2025’ උළෙලේදී ‘විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය’ කාණ්ඩයේ සම්මානය දිනාගැනීමට සමත් වියග ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ සංගමය (CPM Sri Lanka)]  විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේ අරමුණ වූයේල ඵලදායී කළමනාකරණ ක්‍රමෝපාය ඔස්සේ ව්‍යාපාර තිරසාරත්වය හා වර්ධනය වෙනුවෙන් කැපවුණු සමාගම් හා ආයතන ඇගයීමට ලක්කිරීමය. 

JXG පසුගිය කාලය තුළ ඵලදායී ආයතනික සංස්කෘතියක් නිර්මාණය කිරීමේ අරමුණින් සුවිශේෂී වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීය. එම වැඩසටහන් මාලාව සාර්ථක වී ඇති බවට මෙම සම්මානය සාක්ෂි දරයි. 

තම ප්‍රධාන කාර්යාලය Mireka Towers  හි පිහිටුවීමත් සමග JXG විවෘත කාර්යාල ආකෘතියක් අනුගමනය කරන ලදී. මෙය කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ගේ සහයෝගීත්වය හා ඵලදායීතාව ඉහළ නැංවීම ඉලක්ක කරගත් සහයෝගීතා කේන්ද්‍ර ඇතුළත් සුවිශේෂී සැලසුමකි. මේ ආකාරයට රැකියා ස්ථානය පූර්ණ පරිවර්තනයකට ලක්කිරීමේ ව්‍යාපෘතියක් සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීමට සමත් වීම, මෙම සම්මානය JXG වෙත හිමි වීමට බලපෑ ප්‍රධානතම සාධකයක් විය. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් JXG හි සමූහ ප්‍රධාන මානව සම්පත් නිලධාරිනී වසන්ති ස්ටීවන් මහත්මිය මෙසේ පැවසුවාය. ‘‘මෙම සම්මානය හිමි වීම පිළිබඳව අප නිහතමානීව සතුටු වන්නෙමු. මෙය සමාගමේ සහයෝගී ආයතනික සංස්කෘතිය ගොඩනැගීම සහ අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා විශාල දායකත්වයක් ලබාදෙන සාමාජික සාමාජිකාවන් සියලුම දෙනාගේ ජයග්‍රහණයකි. 

එමෙන්ම මෙය සහයෝගීත්වය හා නවෝත්පාදනය ඔස්සේ විශිෂ්ට ලෙස කළමනාකරණ ක්‍රමවේද ක්‍රියාවට නැංවීම සඳහා සමාගම තවදුරටත් දිරිගන්වනු ඇත.”

JXG කාර්යාල පරිශ්‍රය නව අදහස් දිරිගන්වන අවකාශයකි. කාර්යක්ෂමතාව, ඵලදායීතාව හා නවෝත්පාදනය යන ගුණාංගවලට මුල්තැන දෙන අතරම නම්‍යශීලීත්වය ආරක්ෂා වන සුවිශේෂී රැකියා පරිසරයක් ස්ථාපිත කිරීම සඳහා කළමනාකරණ ක්‍රමෝපාය සහ තිරසාරත්ව වැඩසටහන් මෙන්ම නවීනතම තාක්ෂණයද භාවිත කිරීමට ජනශක්ති සමූහය පියවර ගෙන තිබේ.



අදහස් (0)

ජනශක්ති සමූහය ‘Best Management Practices Company Awards 2025’ හිදී ඇගයීමට ලක්වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1074 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site