භානුක අමරසිංහ
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අතර පවතින විස්තීර්ණ ණය අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ වන හතරවැනි සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට පැමිණීමට මෙම සතිය තුළ හැකියාව පවතින බව කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
ඊයේ (24) කොළඹදී පැවැත්වුණු මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරය මේ බව පවසා සිටියේය. ඒ අනුව මෙම හතරවැනි සමාලෝචනය සම්බන්ධයෙන් අවශ්‍ය මූලික සාකච්ඡා මේ වනවිටත් එක්සත් ජනපදයේ වොෂීංටන් නුවරදී පවත්වමින් සිටින බවත් ඔහු එහිදී සඳහන් කළේය.
“මේ සතියෙදි ඒ මූලික සාකච්ඡාවන් අවසාන වෙනවා. ඒ සාකච්ඡා ඉතාමත්ම සාර්ථක මට්ටමක තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ වැඩසටහන යටතේ පවතින නිර්ණායකවලට අපිට ළඟා වෙන්න පුළුවන් වේවි කියලා. ඒ සඳහා නිසා වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරමින් ඉන්නවා.” යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මේ අතර, අද වන විට උද්ගතව පවතින ඇමෙරිකානු තීරු බදු සම්බන්ධ ගැටලුව හේතුවෙන් නව ලෝක ආර්ථික තත්වයක් නිර්මාණයවීමේ අවස්ථාවක් පවතින බවත් හෙතෙම මෙහිදී අවධාරණය කළේය.
2025 දෙසැම්බර් මස 04
288
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
IMF හතරවැනි සමාලෝචනය කාර්ය මණ්ඩල එකඟතාව මෙම සතියේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති