විමුක්ති එස් රුද්‍රිගු
ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකම් වැඩසටහන තාක්ෂණික සහාය ලබා දෙමින් විශාල කාර්ය භාර්යයක් ඉටුකළ බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් තාක්ෂණික සහාය සහ ප්‍රතිපත්ති උපදෙස් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහනක් නිර්මාණය කිරීමටත්, ක්‍රියාත්මක කිරීමටත් සහායක් වූ බවද සිරිවර්ධන මහතා පැවැසුවේය. එම පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහනට මුදල් ප්‍රතිපත්තිමය, මූල්‍ය, රාජ්‍ය පාලන සහ ආයතනික අභියෝග ආමන්ත්‍රණය කිරීමට හැකියාව ලැබුණු බව ඔහු ප්‍රකාශ කළේය..
එලෙස ක්‍රියාත්මක කළ පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහනට ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ආදායම් පාදක කරගත් මූල්‍ය හිඟය සහ ණය ප්‍රමාණය අඩුකර ගැනීමේ ප්‍රතිපත්ති, ආයතන ශක්තිමත් කිරීමේ ප්‍රතිසංස්කරණ අයත් වූ බව භාණ්ඩාගාර ලේකම්වරයා පැවැසුවේය.
පසුගිය 21 වැනිදා සිට හෙට (26) තෙක් ඇමෙරිකාවේ වොෂිංටන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම් යටතේ පැවැති ධාරිතා සංවර්ධන සමුළුවක විද්වත් කතිකාවකට සහභාගී වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. ශ්‍රී ලංකාවේ හිටපු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්, එම අරමුදලේ මූල්‍ය කටයුතු දෙපාර්තමේන්තුවේ ආර්ථික විද්‍යාඥයන් වන ඔස්ලම් අයඩින් සහ සින්ඩි නෙගස් යන නිලධාරීහු පිරිසක්ද මෙම කතිකාවට එකතු වූවේය.
ආර්ථික අර්බුදය හේතුවෙන් දැඩි අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම සඳහා සමාජ ආරක්ෂණ දැල පුළුල් කළ ආකාරයද මහින්ද සිරිවර්ධන මහතා එහිදී පෙන්වා දුන්නේය. රාජ්‍ය මූල්‍ය, ආදායම් පරිපාලනය, රාජ්‍ය පාලනය, මූල්‍ය විනිවිදභාවය සහ ඩිජිටල්කරණය යන ක්ෂේත්‍රවල සිදුකළ ධාරිතා සංවර්ධනය හේතුවෙන් තාවකාලික විසඳුම්වලින් ඔබ්බට යමින් ආර්ථික අර්බුදය ඇතිවීමට මුල් වූ හේතු ආමන්ත්‍රණය කිරීමට හැකියාව ලැබුණු බව ඒ මහතා ප්‍රකාශ කළේය.
ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතිවූ බලපෑම්වලට විසඳුම් සොයනවා වෙනුවට අර්බුදයට මුල්වූ හේතු ආමන්ත්‍රණය කිරීමට මෙම මූලික ප්‍රතිසංස්කරණවලට හැකියාව ලැබුණු බව භාණ්ඩාගාර ලේකම්වරයා පැවැසුවේය.
ඉන් ලැබූ ප්‍රතිඵල ඵලදායි බවත් 2022 සහ 2023 වසරේදී සියයට 10 කින් පමණ හැකිළුණු මෙරට ආර්ථිකය සම්පූර්ණයෙන්ම ආපසු හරවමින් පසුගිය වසරේදී සියයට 5 ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගෙන බවත් මහින්ද සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේදී සියයට 70 ක් ලෙස සටහන් වූ බවත් එය මෙම මස වනවිට සියයට 0 ආසන්නය තෙක් අඩුකර ගැනීමට හැකියාව ලැබී තිබෙන බවත් ඔහු පැවැසුවේය. මේ වනවිට මෙරට නිල විදෙස් සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6 සීමාව පසුකර තිබෙන බවද භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාරජය අඛණ්ඩව වසර දෙකක් ප්‍රාථමික අතිරික්තයන් පවත්වා ගෙන ගිය බවත් එය රජයේ මූල්‍ය විනය පෙන්නුම් කළ බවත් භාණ්ඩාගාර ලේකම්වරයා පැවැසුවේය.
කෙසේ නමුත් මෙරට ආර්ථිකයේ තිබෙන අවදානම් තත්වය ශ්‍රී ලංකාව හොඳින් දන්නා බවත් දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම සඳහා අඛණ්ඩ මූල්‍ය විනයක් සහ සාර්ව ආර්ථික කළමනාකරණයක් අවශ්‍ය බවත් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය.
බාහිර ණය ගෙවීම තාවකාලිකව අත් හිටුවීම, තිරසාර නොවන ණය මට්ටම් සහ නිල විදෙස් සංචිත සිඳී යාම හේතුවෙන් මෙරට ඉතිහාසයේ ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදය 2022 වසරේ අප්‍රේල් මස ආරම්භ වූ බව සිරිවර්ධන මහතා පැවැසුවේය. එම අවස්ථාවේ රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.3 ක් තරම් අඩු මට්ටමක පැවැති බවත් එය ලෝකය සමග සංසන්දනය කරන විට අඩුම මට්ටම්වලින් එකක් වූ බවත් ඔහු ප්‍රකාශ කළේය.
ව්‍යුහාත්මක දුර්වලතා, ප්‍රතිපත්තිමය වැරදි පියවර සහ බාහිර කම්පන මගින් සංකීර්ණ වූ අතීතයේ සිට පැවැත ආ මූල්‍ය හා බාහිර හිඟය මෙම ආර්ථික අර්බුදයට හේතු වූ බවද ඔහු පැවැසුවේය. එම අවස්ථාවේ භාවිත කළ හැකි විදේශ විනිමය සංචිත ඩොලර් මිලියන 24 දක්වා පහත වැටුණු බවත් ඉන් මෙරට අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවූ බවත් භාණ්ඩාගාර ලේකම්වරයා පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 04
288
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දරුණුම ආර්ථික අර්බුදයෙන් රට මිදුණේ IMF සහායෙන්