Global Business Excellence 2025දී ප්රමුඛ ව්‍යාපාර සන්නාම හා ආයතනික විශිෂ්ටයෝ සම්මාන ලබති
ආයතනික ජයග්‍රහණ ඇගැයීම සඳහා එක්සත් රාජධානියේ London Business Consultancy ආයතනය සංවිධානය කළ Global Business Excellence 2025 සම්මාන උළෙල BMICH පරිශ්‍රයේදී පැවැත්විණි. Codezela Technologies ආයතනය එම සම්මාන උළෙලේ සියලු කටයුතු කළමනාකරණය කළේය. නව්‍යකරණය, තිරසාරත්වය, පාරිභෝගික අත්දැකීම්, නායකත්වය වැනි අංශ ගණනාවක් ඔස්සේ සම්මාන ප්රදානය කරන ලදී.