IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජනවාරි සිට ජූනි දක්වා ගෙන්වූ වාහනවලින් සියයට 30 ක් රේගුවෙන් නිදහස් කර නෑ

රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මෙම වසරේ පළමු භාගය ආවරණය වන පරිදි සිදුකළ කාර්ය සාධන සමාලෝචනයකදී අනාවරණය වී ඇත්තේ ජනවාරි සිට ජූනි දක්වා මෙරටට ගෙන්වූ වාහනවලින් සියයට 30 ක් රේගුව නිෂ්කාශනය කර නොමැති බවයි.

පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයේ නිවේදනයකට අනුව මෙම වසර ආරම්භයේ සිට ජූනි මාසය දක්වා කාලයේදී ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 996 ක ආදායමක් වාර්තා කර ඇත. එය පසුගිය වසරේ පළමු මාස 6 රේගු ආදායමට සාපේක්ෂව සියයට 47 ක වර්ධනයකි. එයට වාහන ආනයනයෙන් රුපියල් බිලියන 429 ක් දායකත්වයක් ලැබී තිබිණි. පසුගිය පෙබරවාරි මාසයේ වාහන ආනයන සීමා ඉවත්කිරීමෙන් පසුව මෙරටට වාහන 220,026 ක් පමණ මෙරටට ගෙන්වා තිබිණි.

ඉන් රේගුව වාහන 154,537 ක් නිදහස් කර ඇති බව එම නිවේදනයේ සඳහන් විණි. කාර්ය සාධන සමාලෝචනයේදී රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව රේගුවේ නිෂ්කාශන ප්‍රමාදය පිළිබඳව විමසා ඇති අතර එහිදී නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ දින 3 තුළ නිෂ්කාශන සිදු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගනිමින් සිටින බවයි.



අදහස් (0)

ජනවාරි සිට ජූනි දක්වා ගෙන්වූ වාහනවලින් සියයට 30 ක් රේගුවෙන් නිදහස් කර නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site