IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මාසයක උපයාගත් වටිනාකම් ආපසු ගෙවන්නට සිදුවීම

කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (සැප්. 15) ගනුදෙනු අවසන් වන විට සැලකිය යුතු පසුබෑමක් සනිටුහන් කළේය. ඉකුත් දින ගණනාව තුළ මිල දී ගැනීම් අඩුවීමක් පෙන්නුම් කර තිබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් සියලු කොටස් මිල දර්ශකය මෙයට දින තිහකට කලින් තිබුණ ස්ථානය දක්වා ආපසු කැඳවා තිබේ. වෙළෙඳපොළ පසුබෑම සම්බන්ධයෙන් නිශ්චිත තත්ව රහිත අතර විශේෂයෙන් අඩු මිලට කොටස් ලබාගැනීම සඳහා ක්‍රියාත්මක වන බවක් නිරීක්ෂණය කළ හැකිය.

කෙසේ වෙතත් ඉදිරි දිනවල කොටස් මිල දී ගැනීමේ ප්‍රවණතාවක් ඇති විය හැකිය. තෝරාගත් සමාගම්වල කොටස් කෙරෙහි ආයෝජන උන්නදුවක් ඇතිවීමට පසුබිම නිර්මාණය වී ඇත. 

වෙළෙඳපොළ ආරම්භයේ සනිටුහන් කළ ඉතා සුළු වර්ධනය පරාජය කරමින් ආරම්භයේ සිට අවසානය දක්වා ක්‍රමානුකූල පිරිහීමක් පෙන්නුම් කළ අතර එය සුවිශේෂි තත්වයකි. පසුගිය සතියේ සාමාන්‍යයට වඩා පිරිවැටුම ද පහත වැටී තිබුණි. දිනයේ ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,355.39 ක් දක්වා විය. කලින් දිනයට සාපේක්ෂව දර්ශක 257.01 ක පසුබැසීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,798.84 කි. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 74.28 ක පහළ යාමක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 4.060 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 31,449 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 130.9 ක් විය. සමාගම් 54 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 209 කි. 

ප්‍රයිම් ලෑන්ඞ් රු. මිලියන 298 ක්, සණස ඩිවෙලොප්මන්ට් බැංකුව රු. මිලියන 213 ක්, පෑන් ඒෂියා පවර් රු. මිලියන 169 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 153 ක්, සිංගර් ශ්‍රී ලංකා රු. මිලියන 138 ක්, රීල් ප්‍රොපටි රු. මිලියන 127 ක්, සියෙරා කේබල් රු. මිලියන 116 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 114 ක්, ඩොක්යාඞ් රු. මිලියන 88 ක් ආදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය. 

නිරීක්ෂක 

 



අදහස් (0)

මාසයක උපයාගත් වටිනාකම් ආපසු ගෙවන්නට සිදුවීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site