IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලංකා වාණිජ මණ්ඩලයෙන් 2026 අයවැයට යෝජනා පහක්

වෙළෙඳ සහ ආයෝජන පහසුකම් ඇති කිරීම, සංචාරක ව්‍යාපාරය සහ යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය සහ නවෝත්පාදන, ආර්ථික අංශ බලාත්මක කිරිම ව්‍යාපාරයක් ආරම්භ කිරිම සඳහා වන පහසුවට අදාළ ප්‍රතිසංස්කරණ එම කරුණු අතර 


භානුක අමරසිංහ


වත්මන් රජය 2026 වසර සඳහා ඉදිරිපත් කිරිමට සැලසුම් කර ඇති ජාතික අයවැය වෙත යෝජනා පහක් ඉදිරිපත් කරන බව ලංකා වාණිජ මණ්ඩලය පවසයි. එම මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු ප්‍රධානීන් පිරිසක් ඊයේ (11) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මෙම යෝජනා ඉදිරිපත් කර තිබේ.
මෙහිදී විශේෂයෙන්ම ආර්ථික වර්ධනය සහ තරගකාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කර ගැනීම සඳහා වන මූලික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙම යෝජනා සමන්විත වන බවත් එම ලංකා වාණිජ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ අනුව මෙම කරුණු අතර පළමුවැන්න ලෙස වෙළෙඳ සහ ආයෝජන පහසුකම් ඇති කිරීම පවතී. ඒ යටතේ ජාතික තනි කවුළුවක් ස්ථාපිත කිරීම, රේගු ආඥා පනත නවීකරණය කිරීම, නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ එකඟතා සඳහා පමණක් වන කණ්ඩායමක් පිහිටුවීම, පෞද්ගලික අංශය මූලික කරගත් ආයෝජන කලාප පිහිටුවීම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයත් සමගින් එක්ව ආනයන/අපනයන නිදහස් කිරිම් සඳහා තවදුරටත් පහසුකම් සැලසීම මෙන්ම අනෙකුත් නැගී එන වෙළෙඳපොළ හා සමපාත වෙමින් දේශීය සහ විදේශීය මහා පරිමාණ ආයෝජන සඳහා නිසි ලෙස සකස් කෙරුණු දිරිදීමනා ක්‍රමවේදයක් හඳුන්වාදීම යනාදිය පවතී.
දෙවැනි කරුණ වන්නේ සංචාරක ව්‍යාපාරය සහ යටිතල පහසුකම් යන්නයි. එහිදී සංචාරක කර්මාන්තය සඳහා වන ගෝලීය අලෙවිකරණ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරිම සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි පර්යන්තය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරිම ඒ අතර පවතී.
තෙවැනි කරුණ වන ඩිජිටල් ආර්ථිකය සහ නවෝත්පාදන යටතේ ඩිජිටල් හැඳුනුම්පත් වැඩසටහන ක්‍රියාත්මක කිරිම සහ ග්‍රාමීය බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් පුළුල් කරන අතරතුරදීම 5G බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම ක්‍රියාත්මක කිරිමත් පවතී.
සිව්වැනි කරුණ වෙන ආර්ථික අංශ බලාත්මක කිරිම යටතේ යාන්ත්‍රීකරණය හරහා කෘෂිකාර්මික අංශයේ ඵලදායිතාව ඉහළ නංවා ගැනීම මෙන්ම දත්ත මධ්‍යස්ථාන ආයෝජන සඳහා වන පරිසරය ඇති කිරීමත් පවතී.
පස්වැනි සහ අවසන් කරුණ වන්නේ ව්‍යාපාරයක් කිරිම සඳහා වන පහසුවට අදාළ ප්‍රතිසංස්කරණයි. ඒ යටතේ ජාතික ව්‍යාපාර - සූදානම් (B-Ready) කාර්ය සාධන බළකායක් ස්ථාපිත කිරිම සහ ඒ හරහා ව්‍යාපාර පරිසර ප්‍රතිසංස්කරණ වෙත යොමුවීම මෙන්ම රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව පනත ක්‍රියාත්මක කිරීම හරහා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය සඳහා වන ජාතික ආයතනය තවදුරටත් ශක්තිමත් කිරිමත් පවතී.

මේ අතර ලංකා වාණිජ මණ්ඩලය මගින් මීට පෙර 2025 ජාතික අයවැය සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනා හරහා පෙන්නුම් කර ඇති සාර්ථකත්වය පිළිබඳවද මෙහිදී ජනපතිවරයා  දැනුවත් කර ඇති අතර, එම යෝජනා 17 ක් අතරින් 14ක් දැනටමත් අර්ධවශයෙන් හෝ ඉදිරි දියුණුවක් පෙන්නුම් කර ඇතැයිද එම මණ්ඩලය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියි.
“ශ්‍රී ලංකාවේ ආර්ථිකය වඩාත් තරගකාරී සහ ප්‍රත්‍යස්ත ආර්ථිකයක් සහිත රටක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රතිසංස්කරණ ඉදිරිය පවත්වාගෙන යාම, ආයෝජක විශ්වාසය ගොඩනැගීම වෙනුවෙන් රජය සහ ව්‍යාපාර අතර වඩාත් තිරසාර සහයෝගිතාවක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව සම්බන්ධයෙන්ද මෙහිදී ජනාධිපතිවරයා සහ ලංකා වාණිජ මණ්ඩලයේ නායකත්වය අතර සාකච්ඡා සිදු කෙරුණා.” යනුවෙන්ද එම මණ්ඩලය සඳහන් කර සිටියි.
මෙම හමුව සඳහා ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, උප සභාපති බිඟු‍මාල් තෙවරතන්ත්‍රි, නියෝජ්‍ය උප සභාපති විනෝද් හයිද්‍රාමනි යන මහත්වරුන් අවස්ථාවට සහභාගි වී තිබේ. එසේම ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ලංකා වාණිජ  මණ්ඩලයේ ආසන්නතම හිටපු සභාපතිවරයා වන දුමින්ද හුලංගමුව මහතාද මෙම හමුවට සහභාගි වී තිබේ.

 



අදහස් (0)

ලංකා වාණිජ මණ්ඩලයෙන් 2026 අයවැයට යෝජනා පහක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31144 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13286 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site