භානුක අමරසිංහ
ලාෆ්ස් හෝල්ඩිංග්ස් සමූහය තුළ 50:50 ක හිමිකාරීත්වයක් අත්පත් කරගැනීම සඳහා මෙරට සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා සහ ලාෆ්ස් හෝල්ඩිංග්ස්හි සම නිර්මාතෘ සහ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය යන මහත්වරුන් අතර පැවැති ගනුදෙනුව පසුගියදා සම්පූර්ණ වූ බව වාර්තා වෙයි.
වෑගපිටිය මහතා විසින් ලාෆ්ස් හෝල්ඩිංග්ස් තුළ පැවැති තම සියයට 10.4ක කොටස් ප්‍රතිශතයක් ධම්මික පෙරේරා මහතාට අයත් වැලිබල් ත්‍රී සමාගම වෙත පැවරීමට කටයුතු කිරීමත් සමගින්ම මෙම ගනුදෙනුව සම්පූර්ණ වී තිබේ.
මීට පෙර පසුගිය සතියේදී ලාෆ්ස් හෝල්ඩිංග්ස්හි සම නිර්මාතෘවරයකු මෙන්ම උප සභාපතිවරයාද වූ තිලක් ද සිල්වා මහතා විසින් එම සමාගමේ සියයට 39ක කොටස් ප්‍රතිශතයක් මෙම වැලිබල් ත්‍රී සමාගම වෙත පැවරීම සිදු කෙරිණි. ඒ අනුව ධම්මික පෙරේරා මහතා සතුව ලාෆ්ස් හෝල්ඩිංග්ස් තුළ ඇති කොටස් හිමිකාරීත්වය සියයට සියයට 50ක් බවට පත්ව තිබේ.
ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, එක්සත් අරාබි එමීරය, එක්සත් ජනපදය ඇතුළු ලොව රටවල් කිහිපයකම ව්‍යාපත්ව පවතින ලාෆ්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ ව්‍යාපාරික කටයුතු තවදුරටත් පුළුල් කරමින්, යහපත් කළමනාකාරීත්වයකින් පවත්වාගෙන යාම වෙනුවෙන් ධම්මික පෙරේරා සහ වෑගපිටිය යන මහත්වරුන් මෙම උපායමාර්ගික එකඟතාවට පිවිසි බව සඳහන් වෙයි.
2025 දෙසැම්බර් මස 16
24
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ධම්මිකගේ - වෑගපිටියගේ 50:50 ගනුදෙනුව සම්පූර්ණ වෙයි