IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුවේදී ආයෝජන ආකර්ෂණ විශේෂ සැසියක්

 


විමුක්ති එස්. රුද්‍රිගු


ගෝලීයව ආයෝජන සිදුකෙරෙන ආකාරයේ වෙනසක් සිදුවෙමින් පවතින අතර ආයෝජන ලබාගැනීම සඳහා නැගී එන වෙළෙඳපොළවල් තිබෙන රටවල් සිය තරගකාරීත්වය ඔප්පු කිරීමේ පීඩනයකට මුහුණ දී සිටී. එහිදී ශක්තිමත් ආයෝජක විශ්වාසයක් දිනා ගැනීම සහ ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ අවස්‍ථා බවට පරිවර්තනය කර ගැනීම ලබන වසරේදී ශ්‍රී ලංකාවට තීරණාත්මක වනු ඇත.

මෙම වසරේ එළැඹෙන දෙසැම්බර් 2 සහ 3 පැවැත්වෙන ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුවේ දෙවැනි දිනයේ පැවැත්වෙන “ශ්‍රී ලංකාව සිටින තැන සහ ඊළඟට කුමක් සිදුවේද?” යන සැසිවාරයේදී මෙරට ආයෝජන වාතාවරණය සහ ඉදිරි මාවත පිළිබඳ නිවැරදි ඇස්තමේන්තුවක් ලබාදෙනු ඇතැයි ලංකා ආයෝජන මණ්ඩලය ප්‍රකාශ කළේය.

සැසිවාරයේදී ආයෝජන ප්‍රවර්ධනය, ප්‍රාග්ධන වෙළෙඳපොළ, අපනයන සහ පෞද්ගලික කොටස් යන ක්ෂේත්‍රවල ප්‍රධානීන් එක් වේදිකාවක් මතට ගෙන එනු ඇති බවත්, එහිදී ඔවුන් රටේ ඉදිරි ආයෝජන ගමන් පථය පිළිබඳව සාකච්ඡා කරනු ඇති බවත් ආයෝජන මණ්ඩලය පැවැසුවේය.

මෙම සැසියේදී, ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ වේගවත් කළ හැකි ආකාරය, අවදානම් අවම කරගත හැකි ආකාරය සහ දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයන් සඳහා විශ්වාසදායක සහ ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ස්ථානගත වීමට නව අවස්ථා විවෘත කර ගත හැකි ආකාරය පිළිබඳව විද්වත් මණ්ඩලය ගවේෂණය කරනු ඇතැයි ලංකා ආයෝජන මණ්ඩලය ප්‍රකාශ කළේය.

මෙම මණ්ඩලයට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, කොළඹ කොටස් වෙළෙඳපොළේ සභාපති දිමුතු අබේසේකර, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා යන මහත්වරුන් සහභාගී වනු ඇති බවත් ඩයලොග් ආසිආටා පීඑල්සීහි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සහ ලංකා වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සුපුන් වීරසිංහ මහතා සාකච්ඡාව මෙහෙයවනු ඇති බවත් ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුවේදී ආයෝජන ආකර්ෂණ විශේෂ සැසියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site