IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලංකාවේ තේ නිෂ්පාදනය පිළිබඳ සංචාරකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

 


උණවටුන ඩී.ජී.සුගතපාල


ගාල්ල අඟුලු‍ගහ විලේහේන තේ කම්හල ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන තේ කම්හලකි. පත්මා සමුහ ව්‍යාපාරයට අයත් එම කම්හලේ මේ දිනවල දක්නට ලැබෙන්නේ කම්හලේ සේවක පිරිසට වඩා විදේශීය සංචරකයෝය. ඔවුන් එසේ පැමිණෙන්නේ ශ්‍රි ලංකාවේ තේ නිෂ්පාදනය පිළිබඳ දැනුවත් විමටය. ඒ සඳහා කම්හලේ පාලන අධිකාරියද විශේෂ ප්‍රවර්ධන වැඩ සටහනක් ආරම්භ කර ඇත.

මේ මස 01 වන දින සිට 10 වන දින දක්වා කාලය ඇතුළත මෙම වැඩ සටහන පවත්වනු ලබන අතර ඒ සඳහා සහභාගි වීමට දිනකට විදේශිකයෝ දහසත් එක් දහස් පන්සියත් අතර පිරිසක් පැමිණෙති.

මෙම වැඩ සටහන පිළිබඳව පත්මා සමුහ ව්‍යාපාරයේ සභාපති අල්හාජ් එම්. එම්. ඒ. වකිර් මහතා මෙසේ විස්තර කළේය. 

මෙම වැඩ සටහන පැවැත්වෙන්නේ දෙවැනි වරටයි. අපි පසුගිය වසරෙත් මෙම වැඩ සටහන පැවැත්වූවා. මෙරටට සංචාරකයන් ගෙන්වන ආයතනයක් මගින් මෙම සංචාරකයන් රැගෙන එනවා. අප මෙම වැඩ සටහන දවස් දහයක් පවත්වනවා.

ඒ සඳහා දවසකට දහසකට අධික විවිධ රටවල විදේශිකයන් පිරිසක් එනවා. ඔවුන් අපේ සේවක පිරිස විසින් උණුසුම් අයුරින් පිළිගන්නවා. ඊට පසු තේ දලු‍ නෙළන ස්ථානයේ සිට නිමි තේ ඇසුරුම් කරන තැන දක්වා ඔවුන් නරඹනවා. ඔවුන් අපේ තේ කම්හලේදීම පානය කර රස බලනවා. මෙය සංචාරක ව්‍යාපාරයේ දියුණුවට මෙන්ම අපේ ශ්‍රී ලංකා තේ ලෝකයේ ප්‍රවර්ධනය කිරිමට හේතු වෙනවා. ඒ වගේම මෙම ප්‍රවර්ධන වැඩ සටහන නිසා ඉදිරියේදි තව තවත් විශාල වශයෙන් සංචාරකයන් ලංකාවට ගෙන්වා ගැනීමට හැකි වෙනවා.

අපේ කම්හලේ දිනකට දලු‍ කිලෝ දස දහසකට වැඩිය අඹරනවා.



අදහස් (0)

ලංකාවේ තේ නිෂ්පාදනය පිළිබඳ සංචාරකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site