IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බිස්නස් ගොඩක් අඩුයි - මාලබේ දයා ටෙක්ස් හිමිකාරිණි වාසනා දනන්සූරිය

මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබදව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, බොරැල්ල, දෙමටගොඩ, කිරිබත්ගොඩ, කොට්ටාව, බත්තරමුල්ල ආදී ප්‍රදේවල ඇඳුම්, පාවහන්, තිර රෙදි, ප්ලාස්ටික් බඩු, පාසල් උපකරණ, ගෘහ උපකරණ ආදී එකී මෙකී නොකී භාණ්ඩ අලෙවිසැල් වෙත ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ළඟා වූයේ මාලබේ නගරයේ පිහිටි රෙදි පිළි වෙළෙඳසලක් වූ දයා ටෙක්ස් වෙතය. එහි හිමිකාරිය වූ වාසනා දනන්සූරිය මහත්මිය මේ දිනවල බිස්නස් පිළිබද දැක්වූයේ මෙවැනි අදහසකි.

Q මේ දිනවල බිස්නස් කොහොමද?

අපේ වෙළෙඳසැලේ ප්‍රධාන වශයෙන් අලෙවි කරන්නේ රෙදි පිළි. ඊට අමතරව බෑග්, අලේපන වර්ග ආදිය තියනවා. මේ වෙළෙඳසල ආරම්භ කරලා තියෙන්නේ 1987 දෙසැම්බර් 13 වැනිදා. දැනට වසර 37ක් වෙනවා. මගේ අම්මා තමයි මේ ව්‍යාපරය ආරම්භ කළේ. වර්තමානය වෙද්දි සේවකයෝ කීපදෙනෙක් සේවය කරනවා. මේ දිනවල බිස්නස් පිළිබදව කතා කරද්දි පෙර වසරවලට සාපේක්ෂව බිස්නස් ගොඩක් අඩුයි.

බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?

බිස්නස් අඩු වෙන්න බලපාන මූලිකම හේතුව තමයි පවතින ආර්ථිකය. මිනිස්සුන්ගේ අතේ සල්ලී රැඳෙනවා අඩුයි. අනෙක් හේතුව තමයි බඩු මිලත් වැඩියි. වැඩි මුදලක් වියදම් කරලා භාණ්ඩ මිලදී ගන්න පාරිභෝගිකයන්ට හැකියාවක් නෑ. අපි ළඟ තියෙන්නෙ රෙදි. රෙදි අවශ්‍ය වුණාට ආහාර පාන වගේ අත්‍යාවශ්‍ය දෙයක් නෙමෙයි. ඒ නිසා ආහාර පාන වැනි අත්‍යාවශ්‍යම වියදම් කරලා තමයි රෙදි පිළි වගේ දේකට මිනිස්සු වියදම් කරන්නේ. 

සමාජය තුළ ධනපති, මධ්‍යම පාන්තික ආදී වශයෙන් පුද්ගලයන් විවිධයි. සල්ලි තියන මිනිස්සු ළඟ ඕනවටත් වඩා සල්ලි තියනවා. නැති කෙනා ළඟ සල්ලි නෑ. සල්ලි තියන ආර්ථික මට්ටක ස්ථාවර අය අපේ වගේ පොඩි වෙළෙඳසල්වලට භාණ්ඩ මිලදී ගන්න එන්නේ නෑ. එයාලා යන්නේ මහාපරිමාණ නමගිය වෙළෙඳසල් වෙත. ඒ නිසා මධ්‍යම පාන්තික ව්‍යාපාරිකයන්ට තමයි බිස්නස් අඩු වෙන්නේ. මහාපරිමණ රෙදි අලෙවිසල්වල ඇඳුමක් රුපියල් 5000ක් වුණත් මිලදී ගන්නවා. 

එහෙත් අපේ වෙළෙඳසල්වල රුපියල් 5000ක එවැනිම ඇඳුමක් අලෙවි කරන්න තිබ්බාම පරිභෝගිකයෝ මිල වැඩියි කියලා අඩු කරන්න කියනවා. මහාපරිමාණ ඇදුම් ව්‍යාපරවලට සාපේක්ෂව බොහෝ රෙදි පිළිවල මිල ගණන් අඩුයි මධ්‍යම පන්තියේ අලෙවිසල්වල. ඕක තමයි බිස්නස්වල තත්වය.

ශෂිකා අබේරත්න


ඡායාරූප: ගයාන් අමරසේකර



අදහස් (0)

බිස්නස් ගොඩක් අඩුයි - මාලබේ දයා ටෙක්ස් හිමිකාරිණි වාසනා දනන්සූරිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site