IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ප්‍රයිම් ලෑන්ඩ්ස් රුපියල් බිලියන 3.5කට බම්බලපිටියේ පර්චස් 180ක ඉඩමක් මිලදී ගනී


භානුක අමරසිංහ 


මෙරට ක්‍රියාත්මක ප්‍රමුඛ දේපළ වෙළෙඳාම් සමාගමක් වන ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගම බම්බලපිටියේ පිහිටි පර්චස් 180.1ක ඉඩමක් මිලදී ගත් බව පවසයි.  

පසුගිය සැප්තැම්බර් 12 වැනිදා පැවැත්වුණු ඉඩම් වෙන්දේසියකදී ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් සමාගම මෙම මිලදී ගැනීම සිදු කර තිබේ. එහිදී අදාළ ඉඩමේ සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන 3.5ක් (3,500,000,100) වන බවද එම සමාගම සඳහන් කරයි.  

ඒ අනුව ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් සමාගම අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් මිලියන 350ක මුදලක් ගෙවූ බවත් පවසයි. මෙය ඉඩමේ අලෙවි වටිනාකමින් සියයට 10ක ප්‍රතිශතයකි. එසේම ඉතිරි මුදල එම ගනුදෙනුවට අදාළ බැංකුව සමඟින් ඇති කරගන්නා අදහස් හුවමාරුවකින් පසුව දින 30ක් ඇතුළතදී ගෙවීමටද එකඟ වූ බව එම සමාගම වැඩිදුරටත් පවසයි.



අදහස් (0)

ප්‍රයිම් ලෑන්ඩ්ස් රුපියල් බිලියන 3.5කට බම්බලපිටියේ පර්චස් 180ක ඉඩමක් මිලදී ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site