තිස්සමහාරාම - රුක්මන් රත්නායක
|
ජොනිස් |
|
|
|
|
වසර ගණනක් මුළුල්ලේ කුඹල් මැටි කර්මාන්තයෙන් දිවිගෙවන තිස්සමහාරාම ප්‍රදේශයේ කුඹල් මැටි කර්මාන්තකරුවන්ට දිනෙන් දිනම බලපාන මහත් ගැටලු රාශියක් හේතුවෙන් ඉදිරියේ දී කුඹල් මැටි කර්මාන්තය අඩපණ වේ යැයි කුඹල් මැටි කර්මාන්ත ශිල්පීහු මැසිවිලි නගති. තිස්සමහාරාම ප්‍රදේශයේ, කණ්ඩියවත්ත, මුතියම්මාගම පාර, චලෝ ඉඩම යන ගම්මානවල කුඹල් මැටි කර්මාන්තයේ යෙදෙන විශාල පිරිසක් දිවි ගෙවති. මෙම කර්මාන්ත ශිල්පීන්ට ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ මැටි පස් ලබාගැනීමේ ගැටලුවයි.
මැටි වළං සෑදීම සඳහා අවශ්‍ය මැටි පස් තිස්ස වැවෙන් හෝ වීරවිල වැවෙන් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කාලයක් මුළුල්ලේම සිදු කරනු ලබන අතර විවිධ කාලවලදී ඔවුනට වනජීවිය, වාරිමාර්ග යන රාජ්‍ය ආයතන මගින් විවිධ බාධක දමා කටයුතු කිරීම නිසා කුඹල් මැටි කර්මාන්තයේ පැවැත්මට හානිදායක කරුණු සිදුවන බව මැටි කර්මාන්ත ශිල්පීහු පවසනුයේ කනගාටුවකිනි.
තිස්ස වැවේ ජලය අඩු කාලයට පස් ගැනීමට ඇති හැකියාව තිබියදීත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් වැවේ මැටි පස් ගැනීම තහනම් කිරීම හේතුවෙන් දුර ප්‍රදේශවල පිහිටි වැව්වලින් මැටි පස් රැගෙන ඒමට සිදුවේ. ඒ සඳහා අධික ප්‍රවාහන ගාස්තුවක් වැය වීම හේතුවෙන් තමන්ට කිසිදු ආර්ථික වටිනාකමක් ලබා ගැනීමට නොහැකි බව මැටි කර්මාන්ත ශිල්පීහු පවසති. තවද අලුත් අවුරුදු කාලයට තමන් වෙහෙස මහන්සි වී හදන මැටි වළං හට්ටි මුට්ටි වෙළෙඳපොළ කරා රැගෙන ආවත්, බෙලිත්ත, හක්මන, යටියන යන දුර බැහැර ප්‍රදේශවලින්ද තිස්සමහාරාමයට මැටි වළං රැගෙන එන පිටස්තර වෙළෙඳුන් නිසා තමන්ගේ ආර්ථිකයට විශාල පහරක් වැදෙන බව තිස්සමහාරාමයේ මැටි කර්මාන්ත ශිල්පීන් පවසනුයේ දැඩි කනගාටුවකිනි.
ටී. ජෝනිස් මෙසේ පැවසීය.
“මම තමයි මේ ප්‍රදේශයේ දැනට වසර හතළිහකට වැඩි කාලයක් මුළුල්ලේ කුඹල් මැටි කර්මාන්තයේ නියැලෙන පැරණිතම කර්මාන්තකරුවා. ලංකාවේ පළමු වරටම මැටි පහන් අච්චුව නිර්මාණය කළේ මමයි. මගේ පහන් අච්චුව බලාගෙන තමයි දැන් හැමතැනම මැටි පහන් නිර්මාණය කරන්නේ. ඒක මට ලොකු ආඩම්බරයක්. විවිධ දුෂ්කරතා මැද පිට ප්‍රදේශවලටම ගොස් මැටි පස් ගෙනල්ලා මැටි වළං නිෂ්පාදනය කරනවා. ඒ විතරක් නෙමෙයි, විසිතුරු මැටි භාණ්ඩත් නිපදවනවා. මේ සඳහා අවශ්‍ය වෙළෙඳපොළ අපට බලධාරීන් විසින් ලබා දෙනවා නම් මීට වඩා වටිනවා. කතරගම පාරේ ශිල්ප සභාවේ කර්මාන්ත වෙළෙඳ මධ්‍යස්ථානය කැලේට වැහිලා. ඒක විවෘත කරලා අපිට මැටි භාණ්ඩ අලෙවියට අවස්ථාවක් හදලා දෙනවා නම් ඉතාමත් වැදගත්.
පිටරටින් පැමිණෙන විදේශිකයන්ටත් අපි මැටි භාණ්ඩ හදන්න උගන්වනවා. ඒ අය ආසයි අපි සමග මේ නිර්මාණ කරන්න. යාල වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන විදේශිකයන් අපේ මෙම නිමැවුම් බලන්න ආවොත් තව ඩොලර් ටිකක් රටට වැඩි කරගන්න මාර්ගයක් වෙනවාමයි. එනිසා බලධාරීන් මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා කටයුතු කරනවා නම් අපේ මෙම කුඹල් මැටි කර්මාන්තයේ විශාල වර්ධනයක් සිදුවිය හැකි බව පේනවා.”
2025 දෙසැම්බර් මස 16
24
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අර්බුද රැසකට මැදි වූ තිස්සමහාරාම මැටි කර්මාන්තය