භානුක අමරසිංහ


DFCC බැංකුව කොළඹ කොටස් හුවමාරුව තුළ නිකුත් කිරිමට යෝජනා කර ඇති රුපියල් බිලියන 3ක් වටිනා නීල බැඳුම්කරය වෙත  A(EXP)(lka) ලෙස ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීමක් ලබා දෙන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් පවසයි.

ශ්‍රී ලංකා රුපියල් වටිනාකමින් සිදු කරන මෙම බැඳුම්කර නිකුතුව ජ්‍යෙෂ්ට, සුරක්ෂිත නොවූ, ලැයිස්තුගත බැඳුම්කර ලෙස නිකුත් කිරීම සැලසුම වී තිබේ. එසේම මෙය මෙරට තුළ සිදු කරන පළමු නීල බැඳුම්කරය ලෙසින්ද සැලකෙයි. මෙම බැඳුම්කර නිකුතුව හරහා රැස් කරගන්නා මුදල් සමුද්‍රීය සහ වෙරළ ආශ්‍රිත සම්පත් තිරසාර අන්දමින් භාවිත කිරීම සහ දේශගුණික අවදානම් මඟහරිමින් වෙරළ ආශ්‍රිතව ජීවත් වන ප්‍රජාවන් ගොඩනැගීම සඳහා යොදා ගැනීම අරමුණ වී තිබේ.