භානුක අමරසිංහ
DFCC බැංකුව කොළඹ කොටස් හුවමාරුව තුළ නිකුත් කිරිමට යෝජනා කර ඇති රුපියල් බිලියන 3ක් වටිනා නීල බැඳුම්කරය වෙත A(EXP)(lka) ලෙස ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීමක් ලබා දෙන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් පවසයි.
ශ්‍රී ලංකා රුපියල් වටිනාකමින් සිදු කරන මෙම බැඳුම්කර නිකුතුව ජ්‍යෙෂ්ට, සුරක්ෂිත නොවූ, ලැයිස්තුගත බැඳුම්කර ලෙස නිකුත් කිරීම සැලසුම වී තිබේ. එසේම මෙය මෙරට තුළ සිදු කරන පළමු නීල බැඳුම්කරය ලෙසින්ද සැලකෙයි. මෙම බැඳුම්කර නිකුතුව හරහා රැස් කරගන්නා මුදල් සමුද්‍රීය සහ වෙරළ ආශ්‍රිත සම්පත් තිරසාර අන්දමින් භාවිත කිරීම සහ දේශගුණික අවදානම් මඟහරිමින් වෙරළ ආශ්‍රිතව ජීවත් වන ප්‍රජාවන් ගොඩනැගීම සඳහා යොදා ගැනීම අරමුණ වී තිබේ.
2025 දෙසැම්බර් මස 16
24
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
DFCC බැංකුවේ නීල බැඳුම්කරයට ෆිච් වෙතින් A(EXP)(lka) ශ්‍රේණිගත කිරිමක්