IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අගෝස්තුවේදී ලියාපදිංචි වූ මෝටර් රථ සංඛ්‍යාව 38,240ක්

 

  • සියයට 1.9 කින් ඉහළ යාමක්

  • කාර් රථ ලියාපදිංචිය ජූලි මාසයට සාපේක්ෂව 6,745ක් ලෙස සියයට 4කින් පහළට

  • සමස්ත කාර් රථ ලියාපදිංචියෙන් ටොයොටා මෝටර් රථ ලියාපදිංචිය ප්‍රතිශතයක් ලෙස සියයට 29ක්

  • යතුරු පැදි ලියාපදිංචිය 27,585ක්. සියයට 2 කින් පහළ යාමක්

  • ත්‍රිරෝද රථ ලියාපදිංචිය 2,497 ක් දක්වා සියයට 430 කින් ඉහළට


භානුක අමරසිංහ 


පසුගිය අගෝස්තු මාසයේදී මෙරට තුළ අලු‍තින් ලියාපදිංචි කෙරුණු මෝටර් රථ සංඛ්‍යාව 38,240ක් බව කැපිටල් එලායන්ස්හි (CAL) පර්‌යේෂණ අංශය සකස් කළ වාර්තාවක සඳහන්ව තිබේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ දත්ත අනුව එම ආයතනය මෙම වාර්තාව සකස් කර ඇත. ඒ අනුව ජූලි මාසයේදී ලියාපදිංචි කෙරුණු මෝටර් රථ 37,543 ට සාපේක්ෂව එම සංඛ්‍යාව සියයට 1.9 කින් ඉහළ ගොස් තිබේ.

මෙහිදී මෝටර් රථ කාණ්ඩය අනුව අගෝස්තු මාසය තුළ වැඩිම ලියාපදිංචියක් සිදුව ඇත්තේ යතුරු පැදි බව එම දත්ත තුළ සටහන්ව තිබේ. එසේම ජුලි මාසයට සාපේක්ෂව ත්‍රිරෝද රථ ලියාපදිංචියේද අති විශාල ඉහළ යාමක් සිදුව තිබේ. කෙසේ වෙතත් ජූලි මාසයේදී ලියාපදිංචි කෙරුණු කාර් රථ සංඛ්‍යාවට සාපේක්ෂව අගෝස්තුවේදී ලියාපදිංචි වූ කාර් සංඛ්‍යාව පහත වැටී ඇත. 

ඒ අනුව ජූලි මාසයේදී සිදුකළ කාර් රථ 6745ක ලියාපදිංචියට සාපේක්ෂව අගෝස්තු මාසයේදී ලියාපදිංචි කෙරුණු සංඛ්‍යාව 6475 ක් දක්වා සියයට 4කින් පහත වැටී තිබේ. එහිදී සමස්ත කාර් රථ ලියාපදිංචියෙන් ටොයොටා මෝටර් රථ ලියාපදිංචිය ප්‍රතිශතයක් ලෙස සියයට 29ක් වන අතර, BYD  රථ ලියාපදිංචිය සියයට 21ක් ලෙසත් සටහන් වන බව කැපිටල් එලායන්ස් වාර්තාව පෙන්වා දෙයි. හොන්ඩා සහ සුසුකි රථ පිළිවෙළින් සියයට 15ක් සහ 14ක් වෙයි.  

මේ අතර ජූලි මාසයේදී ඇති වූ රේගු සීමා කිරීම් නිසා පහත වැටුණු  BYD  මාදිලියේ මෝටර් රථ ලියාපදිංචිය අගෝස්තු මාසයේදී කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් පෙන්නුම් කර ඇතැයිද මෙම වාර්තාව පෙන්වා දෙයි. 

ඒ අනුව අගෝස්තු මාසයේදී  BYD  රථ ඒකක 1,424 ක් ලියාපදිංචි කර ඇති අතර, එය ජුලි මාසයේදී ලියාපදිංචි කෙරුණු රථ 790 හා සැසඳීමේදී සියයට 80 ක වර්ධනයකි. මේ අතරින් ප්‍රශ්න ගත ATTO මාදිලියේ රථ 554ක් අගෝස්තුවේදී ලියාපදිංචි කෙරී ඇති අතර, ජූලි මාසයේදී ලියාපදිංචි කෙරී ඇත්තේ 68 ක් පමණකි.   

යතුරු පැදි ලියාපදිංචිය යටතේ අගෝස්තු මාසයේදී අලු‍තින් යතුරු පැදි 27,585ක් ලියාපදිංචි වී ඇත. එහෙත් එය ජූලි මාසයේදී ලියාපදිංචි කෙරුණු යතුරු පැදි සංඛ්‍යාව වූ 28,071 හා සැසඳීමේදී සියයට 2ක අඩුවීමකි. සන්නාම අනුව අගෝස්තු මාසයේදී ලියාපදිංචි වී ඇති වැඩිම යතුරු පැදි සංඛ්‍යාව වන 10,325 බජාජ් මාදිලියේ යතුරු පැදිය. එසේම ඔඪී මාදිලියේ යතුරු පැදි 6,799ක්ද, යමහා මාදිලියේ යතුරු පැදි 3,085ක්ද ලියාපදිංචි කෙරී ඇත. ලියාපදිංචි කෙරුණු වෙනත් මාදිලියේ යතුරු පැදි සංඛ්‍යාව 7,376 කි. CAL ඉදිරිපත් කරන මෙම වාර්තාවට අනුව අගෝස්තු මාසයේදී ලියාපදිංචි කෙරුණු ත්‍රිරෝද රථ සංඛ්‍යාව 2,497 කි. එය ජූලි මාසයේ ලියාපදිංචි කෙරුණු ත්‍රිරෝද රථ 472 හා සැසඳීමේදී සියයට 430ක වර්ධනයකි. එහිදී අගෝස්තු මාසය තුළ බජාජ් ත්‍රිරෝද රථ 2,286ක් ලියාපදිංචි වී ඇති අතර,TVS 93ක්, ජිආජියෝ 85ක් සහ මහින්ද්‍රා 22 ක් ලෙස එම ලියාපදිංචිය සිදුව තිබේ. 

මේ අතර පසුගියදා රජයේ මුදල් කාරක සභාව ඉදිරියේ කරුණු දැක් වූ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අනාවරණය කළ ආකාරයට වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසුව මේ දක්වා මෙරට වෙත වාහන 220,026 ආනයනය කර ඇති අතර ඉන් වාහන 154,537ක් ශ්‍රී ලංකා රේගුව මගින් නිෂ්කාශන කටයුතු අවසන් කර ඇතැයිද සඳහන් විය.



අදහස් (0)

අගෝස්තුවේදී ලියාපදිංචි වූ මෝටර් රථ සංඛ්‍යාව 38,240ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site