
මෙරට ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Iresha Food Products පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන සම්මාන උළෙලේ FMCG අංශයේ රිදී සම්මානය දිනා ගත්තේය. සම්මාන උළෙලේදී සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ සුදත් ගමගේ මහතා වෙත සම්මානය පිරිනමන ලදී.
1980දී ඇරැඹුණු Iresha Food Products සමාගම වර්තමානයේදී පුළුල් පරාසයක විහිදුණු ආහාර වර්ග නිෂ්පාදකයකු ලෙස දේශීය හා විදේශීය පාරිභෝගිකයන් අතර විශ්වාසය දිනා ඇත. එම සමාගම කුළුබඩු, පිටි වර්ග, නූඩ්ල්ස්, පපඩම්, තේ ඇතුළු නිෂ්පාදන රැසක් දේශීය සහ විදේශීය වශයෙන් අලෙවි කරයි. තොග සහ සිල්ලර වශයෙන්ද ඔවුන්ගේ නිෂ්පාදන මිල දී ගත හැකිය.
නවීන යන්ත්‍රෝපකරණවලින් සමන්විත කර්මාන්තශාලා දෙකකට හිමිකම් කියන Iresha Food Products සමාගම සෑම නිෂ්පාදනයක්ම ස්වාභාවික රසය සහ සුවඳ ආරක්ෂා වන ලෙස Food-grade අමුද්‍රව්‍ය යොදා ගෙන ඇසුරුම් කරයි. වෙළෙඳපොළ අවශ්‍යතාවලට ගැළපෙන ආකාරයෙන් නිෂ්පාදන සිදු කරන එම සමාගම විවිධ ප්‍රමාණවලින් යුතු ඇසුරුම් වර්ගද හඳුන්වා දී තිබේ. Iresha Food Products සමාගම ISO 22000, HACCP, GMP ඇතුළු ජාත්‍යන්තර තත්ව සහතික රැසක් දිනා ඇත. අභ්‍යන්තර තත්ත්ව පාලන ඒකකය නිෂ්පාදන ක්‍රියාවලියේ සිට වෙළෙඳපොළට නිකුත් කිරීම දක්වා වන සියලු ක්‍රියාවලි දැඩි පරීක්ෂාවකට ලක් කරයි. සෑම නිෂ්පාදනයක්ම අභ්‍යන්තර රසායනාගාර සහ තෙවැනි පාර්ශ්ව රසායනාගාර තුළදී නිරන්තර තත්ව පරීක්ෂාවලට ලක් කෙරේ. සෑම විටම පාරිභෝගික අවශ්‍යතාවලට සහ කර්මාන්ත ප්‍රමිතිවලට මුල් තැන දෙන Iresha Food Products සමාගම සියලු නිෂ්පාදන කටයුතු සහ බෙදා හැරීමේ කටයුතු ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුව සිදු කරයි. දශක ගණනාවක් පුරා පාරිභෝගික විශ්වාසය දිනා ගැනීමට උපකාර වූ සැපැයුම්කරුවන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු සිය පාර්ශ්වකරුවන්ට කෘතඥතාව පළ කරන බව සමාගම සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
24
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉරේෂා ෆුඩ් ප්‍රොඩක්ට්ස් SLIM SME Development සම්මාන දිනයි