ඇම්බියොන් කැපිටල්ස් සිලෝන් හොටේල්ස් කෝපරේෂන්හි කොටස් හිමිකාරීත්වය ඉහළ නංවා ගනී
ඇම්බියොන් සමූහයට අයත් ඇම්බියොන් කැපිටල් පීඑල්සී සමාගම සිලෝන් හොටේල්ස් කෝපරේෂන් පීඑල්සීහි තමන් සතු කොටස් ප්‍රතිශතය සියයට 10.79ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත්ව ඇතැයි පවසයි. පෙරේදා (10) දිනයේදී එම සමාගම මගින් මිලදී ගත් තවත් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 7,114,574ත් සමගින් මෙම කොටස් හිමිකාරීත්වය ඉහළ නැග තිබේ.