රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව BPPL හෝල්ඩිංග්ස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන Eco Spindles සමග Green Earth Group N.V එක් වෙමින් Green Wheels ප්ලාස්ටික් එකතු කිරීමේ ව්‍යාපෘතිය පසුගියදා නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. මොනාක් ඉම්පීරියල්හිදී පැවති මෙහි සමාරම්භක උත්සවය සඳහා පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳි මහතා, ආයතන දෙකෙහි ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් සහ තිරසාරභාවය හා ප්‍රතිචක්‍රීයකරණ අංශවල පාර්ශ්වකරුවෝ එක්ව සිටියහ.
2024 ජාතික ප්ලාස්ටික් අපද්‍රව්‍ය දත්තවලට අනුව ශ්‍රී ලංකාව වාර්ෂිකව ප්ලාස්ටික් ටොන් 249,037ක් අපද්‍රව්‍ය ලෙස මුදාහරිනු ලබයි. එහෙත් එම ප්ලාස්ටික්වලින් ප්‍රතිචක්‍රීයකරණය සඳහා යොදා ගනු ලබන්නේ සියයට 11ක ප්‍රමාණයක් පමණි. මෙම පරතරය පියවා ගැනීමේ විප්ලවීය පියවරක් ලෙස Green Wheels වැඩසටහන නිර්මාණය කර ඇත. මේ සඳහා ග්‍රාමීය, නාගරික සහ පහසුකම් අවම ප්‍රජාවගෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඍජුවම එකතු කර ගැනීම සඳහා දේශීයව නිෂ්පාදනය කරන ලද විදුලි බලයෙන් ධාවනය වන බයිසිකල් පෙළක් හඳුන්වා දීමට ද මෙහිදී කටයුතු කළේය. VERRA සහතිකලත් මෙම ව්‍යාපෘතිය ජාත්‍යන්තරව පිළිගත් විනිවිදභාවය, නිවැරදිබව හා නැවත භාවිතයට ගත හැකි ප්ලාස්ටික් සොයා ගැනීමේ හැකියාවද සහතික කර තිබීම විශේෂත්වයකි.
වාර්ෂිකව ප්ලාස්ටික් ටොන් 6,500ක් එකතු කර ප්‍රතිචක්‍රීයකරණය කිරීමට බලාපොරොත්තු වන මෙම ව්‍යාපෘතියෙන් ප්‍රජා අභිවෘද්ධිය ඉහළ නැංවීමට අවධානය යොමු කර ඇත. විශේෂයෙන් කාන්තාවන්, තරුණයන් සහ අඩු ආදායම්ලාභී පවුල් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමේ හා වර්ග කිරීමේ කටයුතු සඳහා යොදා ගැනීමෙන් මෙරට ප්‍රතිචක්‍රීයකරණ පහසුකම් සහ කාර්යක්ෂමතාව ඉහළ නංවමින් ස්ථාවර ආදායමක් ලබාගැනීමේ අවස්ථාව උදාකිරීම මෙම වැඩසටහනේ අරමුණ වී ඇත.
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳි මහතා මෙසේ පැවසීය. “ජාතික ආර්ථිකයේ වර්ධනය සඳහා වන ආදර්ශයක් ලෙස රාජ්‍ය, පෞද්ගලික සහයෝගීතාව සම්බන්ධයෙන් පළමුව මාගේ ප්‍රශංසාව පුදකර සිටිනවා. ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය පිළිබඳ ගැටලුව රජයේ වැඩපිළිවෙළෙන් පමණක් විසඳිය නොහැකියි. ඒ සඳහා නවෝත්පාදන, ප්‍රජා කේන්ද්‍රීය විසඳුම් අවශ්‍ය වනවා. අපගේ ජාතික අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙළට සහායවීම සඳහා තාක්ෂණය, පෞද්ගලික අංශ නායකත්වය සහ බිමි මට්ටමේ සහභාගීත්වය ලබාගත හැකි ආකාරයට හොඳම උදාහරණයක් ලෙස මෙම Green Wheels ව්‍යාපෘතිය පෙන්වා දිය හැකියි. ජීවනෝපාය ඉහළ නැංවීමට සමත් මෙම ව්‍යාපෘතිය ප්‍රතිචක්‍රීයකරණ හැකියාව ඉහළ නංවමින් තිරසාර සංවර්ධනය ඉලක්ක වෙත ළඟාවීමට සහයෝගය ලබා දෙනවා.”
මේ වනවිටත් ඉවතලන ප්ලාස්ටික් භාවිතයෙන් පොලියෙස්ටර් නූල් සහ මොනොෆිලමන්ට් නිෂ්පාදනය කරමින් ගෝලීය පිළිගැනීමට ලක්ව ඇති Eco Spindles මෙම ව්‍යාපෘතියෙන් එහි ජාතික එකතු කිරීමේ ජාලය තව තවත් ශක්තිමත් කරනු ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Eco Spindles හි ප්‍රධාන විධායක නිලධාරී ප්‍රසන්ත මාලිම්බඩගේ මහතා මෙසේ සඳහන් කර සිටියේය. “තිරසාරභාවෙන් මිනිසුන්ට සැබෑ වටිනාකමක් ලබාදෙනවිට එය ඉතා හොඳින් ක්‍රියාත්මක වන බව අපගේ අත්දැකීම්වලින් පෙනී යනවා. ප්‍රජාව පදනම් කරගත් එකතු කිරීම් සමග විදුලි බලයෙන් ක්‍රියාකරන ප්‍රවාහන සේවාවක් එක් කිරීමෙන් ප්ලාස්ටික් නැවත එකතු කර ගැනීම සඳහා කාර්යක්ෂම හා ඵලදායී ක්‍රමයක් නිර්මාණය කිරීමට Green Wheels තුළින් හැකි වී තිබෙනවා. එසේ එකතු නොකළහොත් එම ප්ලාස්ටික් සියල්ල පිළිස්සීමට, පරිසරයට බැහැර කිරීමට හෝ ගංඟා හා සාගරවලට එකතුවීමට ඉඩ තිබෙනවා. අපගේ නිෂ්පාදන සඳහා වන අමුද්‍රව්‍ය සපයා ගැනීමේ අවස්ථාව ඉහළ නංවන මෙම ව්‍යාපෘතිය ජනතාවගේ ආදායම් ශක්තිය ඉහළ නංවන අතරම සමස්ත ශ්‍රී ලංකාවට සුවිසල් බලපෑමක් ඇති කරනවා.”
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
581
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
Eco Spindles සහ Green Earth සමූහය එක්ව “Green Wheels” ව්‍යාපෘතිය අරඹයි