


මනරම් කඳුකරයේ පිහිටි EKHO Ella හෝටලය 2025 වසර සඳහා Tripadvisor Travellers’ Choice පිරිනමන Best of the Best සම්මානය දිනා තිබේ. ඒ ලොව පුරා හෝටල්වලින් එම සම්මානය දිනූ හෝටල් සියයට 1 අතරට එක් වෙමිනි. අමුත්තන්ගේ අදහස් සහ ශ්‍රේණිගත කිරීම් මත පදනම් වී මෙම සම්මානය පිරිනමා තිබේ.
ශ්‍රී ලංකා දුම්රිය සේවය මූලික කර ගත් සංකල්පයකට අනුව නිර්මාණය කර ඇති මෙම හෝටලය ඉතා විශිෂ්ට සේවාවක් සපයයි. අඛණ්ඩව උසස් ප්‍රමිතිවලට අනුගත සේවාවක් සපයන ව්‍යාපාර ඉතා සුළු සංඛ්‍යාවක් වෙනුවෙන් Best of the Best සම්මානය පිරිනැමෙන අතර එවැනි සුවිශේෂ ජයග්‍රහණයක් ලැබීම සුවිශේෂ සන්ධිස්ථානයකි.
මේ සඳහා කැප වූ EKHO Ella කාර්ය මණ්ඩලය ඇගැයීමේ උත්සවයක් පසුගියදා පැවැත්විණි. අමුත්තන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ඔවුන්ට උණුසුම් සහ උසස් ප්‍රමිතියෙන් යුතු සේවාවක් සපයන කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ සියලු දෙනා එහිදී ඇගැයීමට ලක් වූහ. “Tripadvisor පිරිනමන Best of the Best සම්මානය දිනූ ලොව පුරා හෝටල් අතරට එක්වීමට හැකිවීම අපට විශාල ආඩම්බරයක්. උසස් ආගන්තුක සත්කාර සුව පහසුව සහ සංස්කෘතිය මුසු කළ නිර්මාණකරණය වෙනුවෙන් අප සතු කැපවීම මේ තුළින් පිළිබිඹු වෙනවා. අපගේ දුම්රිය තේමා කරගත් සංකල්පයෙන් මෙරට උඩරට දුම්රිය චාරිකාවේ ඇති සුන්දරත්වය ලෝකයට රැගෙන යන්න අපට හැකි වී තිබෙනවා.” CHC හෝටල් සමූහයේ උප සභාපති - (විකුණුම් සහ අලෙවි) ඒඩ්‍රියන් ජෑන්ස් පැවැසුවේය.
EKHO Ella හෝටලයේ සෑම කාමරයක්ම ප්‍රසිද්ධ දුම්රිය තේමා කරගත් සංකල්පයක් අනුව නිර්මාණය කර ඇත. පැරැණි දුම්රිය ආසන, ආලෝක සංඥා සහ අනෙකුත් දුම්රිය අංග සිහි ගැන්වෙන ලෙස කාමර සැලැසුම් කර තිබේ. හෝටලයේ සිට පුංචි ශ්‍රී පාදය සහ ආරුක්කු නවයේ පාලම වැනි ජනප්‍රිය සංචාරක ගමනාන්ත වෙත පහසුවෙන් ළඟා විය හැකිය. සම්ප්‍රදාය සහ සංස්කෘතිය පදනම් කර ගත් කුඩා පරිමාණයේ හෝටල් සඳහා ගෝලීය වශයෙන් ලැබෙන වැඩි අවධානය මෙම සම්මානයෙන් පිළිබිඹු වේ. හෝටලයේ ආපනශාලාව සහ තැබෑරුම මෙරට පිහිටි ගංගා නමින් නම් කර ඇත. හෝටලය පිහිටි භූමියේම වගා කරන බෝගවලින් සකසන ආහාර පාන රස විඳීමට අමුත්තන්ට හැකිය. සංස්කෘතික අත්දැකීම්, තිරසාර මුලපිරීම් සහ ප්‍රදේශයේ ප්‍රජාව බලගැන්වීමෙන් ශක්තිමත් අනාගතයක් නිර්මාණය කිරීම හෝටලයේ ඉදිරි අරමුණ වේ. දුම්රිය උරුමය සමග මුසු වූ කඳුකර සුන්දරත්වය අත් විඳීමට පැමිණෙන්නැයි EKHO Ella දෙස් විදෙස් සංචාරකයන්ට ඇරැයුම් කරයි.
2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
EKHO Ella, Tripadvisor පිරිනමන Best of the Best 2025 සම්මානය දිනූ ලොව පුරා හෝටල් සියයට 1 අතරට