2025 වසරට සුපිරි ත්‍යාගලාභීන් හතළිස් දෙදෙනකු මෙන්ම රු.කෝටි 47ක ලංකාවේ දැවැන්තම සුපිරි තෑග්ග මෙගා පවර් ලොතරැයියෙන් දිනාදෙමින් ජාතික ලොතරැයි මණ්ඩලය වාර්තාවක් තැබීය. 

මෙලෙසින් ජාතික ලොතරැයි මණ්ඩලය 2025 වර්ෂයට බිහිකළ තවත් ප්‍රථම ත්‍යාගලාභින් කිහිපදෙනකුට රු. දෙකෝටි විසිලක්ෂයක (22,000,000.00) මුදල් චෙක්පත් ලබා දීම හංවැල්ල පොළ පිවිසුම අසල පරිශ්‍රයේ, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියාරච්චි, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී.සී.ඒ. පෙරේරා, හංවැල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රදීප් තලේරත්න, සීතාවක ප්‍රදේශීය සභාවේ සභාපති  පී.කේ. ප්‍රේමරත්න, සීතාවක ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩී. ප්‍රියන්ත අබේසිංහ, හංවැල්ල වෙළඳ සංගමයේ සභාපති නිහාල් සුසිලසිරි, සී/ස නැගෙනහිර හේවාගම් කෝරළේ හංවැල්ල සමූපකාර සමිතියේ සභාපති ජී.ඩී. කරුණාරත්න යන මහත්ම මත්මීන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.