IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කැමැති මුදල් නෝට්ටුවලින් මුදල් ආපසු ගැනීමේ පහසුව සෙලාන් ATM යන්ත්‍රවලින්

සෙලාන් බැංකුවේ ගනුදෙනුකරුවන්ට තම එදිනෙදා බැංකු කටයුතු වඩාත් පහසුවෙන් සහ තමන්ට කැමැති පරිදි කර ගැනීම සඳහා දීපව්‍යාප්ත ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATMs), මුදල් තැන්පත් කිරීමේ සහ ආපසු ගැනීමේ යන්ත්‍ර (CDMs) සහ චෙක්පත් තැන්පත් කිරීමේ යන්ත්‍ර (CDKs) ජාලයක් භාවිත කළ හැකි වේ. එමෙන්ම මෙම යන්ත්‍රවලින් මුදල් ලබාගැනීමේදී ඔවුන්ට තමන් කැමැති ආකාරයකට නෝට්ටු වර්ග කිහිපයකින් මුදල් ලබාගැනීමේ පහසුකම් ද සලසා දී ඇත. 
මෙම පහසුකම 2023 වසරේදී හඳුන්වා දෙන ලද අතර, මෙමගින් ගනුදෙනුකරුවන්ට ATM යන්ත්‍ර මගින් මුදල් ලබාගැනීමේදී රු. 5000, 1000, 500 සහ රු. 100 යන නෝට්ටුවල සම්මිශ්‍රණයක් ලෙස තමන්ට අවශ්‍ය මුදල ලබාගත හැකි වේ. 
පාරිභෝගිකයන්ගේ පහසුව මූලික කරගත් බැංකුකරණ විසඳුමක් වන මෙම පහසුකම මඟින්, ATM යන්ත්‍රවලින් මුදල් ලබාගැනීමේදී යන්ත්‍රය ලබාදෙන මුදල් නෝට්ටු වර්ග පමණක් පිළිගැනීමට සිදුවීමේ ගැටලු‍ව මගහැරී යයි. සෑම ගනුදෙනුකරුවකුටම තමන් කැමැති ආකාරයට මුදල් ලබාගැනීමට අවස්ථාව උදාකර දීම, බැංකු කවුන්ටරවලින් මුදල් ලබාගැනීමේ අවශ්‍යතාව අවම කිරීම සහ මුදල් මාරු කිරීමට වැය වන කාලය අවම කිරීම යනාදිය මෙහි මූලික අරමුණු වී තිබේ. ගනුදෙනුකරුවන්ට ක්ෂණික ප්‍රතිලාභයක් සලසන මෙම සේවාව, නවෝත්පාදන ඔස්සේ තම ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම අත්දැකීමක් තිළිණ කිරීම සඳහා සෙලාන් බැංකුව දරන උත්සාහයට මනා සාක්ෂියකි. 
මෙම තෝරාගැනීම සෘජුවම ATM යන්ත්‍ර හරහා ලබාදීමෙන් සෙලාන් බැංකුව ප්‍රමාදය පිළිබඳ ගැටලු‍ව සාර්ථක ලෙස විසඳීමට මෙන්ම තවත් අපහසුතා කිහිපයක්ම මගහැරවීමට සමත් වී ඇත. 



අදහස් (0)

කැමැති මුදල් නෝට්ටුවලින් මුදල් ආපසු ගැනීමේ පහසුව සෙලාන් ATM යන්ත්‍රවලින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site