
පසුගිය දා ලංකා ඉතිහාසයේ දරුණුම ස්වාභාවික ව්‍යසනයට මුහුණ දීමට සිදුවිය. 2004 වර්ෂයේ ඇති වූ සුනාමි ව්‍යසනය හා සැසදීමේ දී එයට වඩා කිහිපගුණයකින් වැඩි ඉතා දරුණුකම ඛේදවාචකය ලෙස මෙය හැඳින්විය හැකිය. සිදුවූ හානිය නිසියාකාරයෙන් මේවන තෙක් ගණනය කර නොතිබුණත්, ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන පහත් හයක් අතර විශාල අලාභයක් සිදුවී ඇති බව වාර්තා පෙන්වා දෙයි. පසුගිය කාලවකවානුව තුළදීම ලංකාවේ ආර්ථිකය දරුණුව ලෙස කඩා වැටීමට ලක් වූ අතර, ඒ කඩා වැටීමෙන් යළි සක්‍රීය වෙමින් පවතින මොහොතක මෙවැනි ව්‍යසනයක් සිදුවීමෙන් ඇතිවිය හැකි කම්පනය දරා ගත නොහැකි මට්ටමක පවතින බවද පෙනේ. ඇති වූ ව්‍යසනය පිළිබඳ එකිනෙකාට ඇඟිලි දිගු කරනවට වඩා මේ මොහොතේ කළයුතු වන්නේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් තමන්ට පැවරී ඇති කාර්යභාරය නිසියාකාරව ඉටු කිරීමයි. ඒ සඳහා සෑම ශ්‍රී ලාංකිකයකුම තමාට පැවරී ඇති වගකීම බාරගත යුතුය.
ආර්ථිකයමය වශයෙන් පමණක් නොව සාමාජීය වශයෙන් ද දැඩි බලපෑමක් ඇති කර තිබීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ විධිමත්ව සකසා තිබූ මාර්ග පද්ධතිය ඇතැම් පළාත්වල සහමුලින්ම කැඩී බිඳී ගොස් තිබීමෙන් ජන ජීවිතය යථා තත්වයට පත්කර ගෙන යෑමට බලපෑම් ඇතිවී තිබේ. ව්‍යසනයට ලක් වූ බොහෝ පළාත් ගොවිබිම් හා සංචාරක කලාප වන අතර, ඒ තුළින් ලංකාවේ නිෂ්පාදනය අදාළ වීමට කර ඇත්තේ දැඩි බලපෑමකි. අනෙක් අතට ගොවියාගේ ආර්ථික උපායමාර්ග කඩාවැටීමෙන් ගොවි ජනතාවගේ ජීවන තත්වය හා ඒ ආශ්‍රිත පවුල් සංස්ථාවල පැවැත්මට සිදුකර ඇත්තේ දැඩි බලපෑමකි.
ආර්ථික වශයෙන් ගොඩනැගීම
ලංකාව ආර්ථික වශයෙන් ගොඩනැගීම පිළිබඳ පුළුල් කථිකාවක් යළිත් ගොඩනැගිය යුතු බව පෙනේ. මෙම ඛේදවාචකයට ගොදුරු වී ඇති බොහෝ ප්‍රදේශ සැලකීමේදී ආර්ථිකයේ ප්‍රධාන ආදායම් මාර්ග හා රැකියා උත්පාදනය වී ඇති ප්‍රදේශ වීම සැලකිල්ලට ගත යුතුය. මෙම ව්‍යසනය නිසා බොහෝ ගොවි බිම් විනාශ වී ගොස් ගොවිතැනට විශාල හානියක් වී තිබේ. දැනට ලැබී ඇති දත්ත අනුව හෙක්ටයාර ලක්ෂ තුනකට ආසන ප්‍රමාණයක වී වගාව විනාශ වී ගොවිතැන ආශ්‍රිත රැකියා විශාල ප්‍රමාණයක් අහිමිවී තිබීම කණගාටුවට කරුණකි. එසේම එම ප්‍රදේශවල බොහෝ ජනයාට උන් හිටි තැන් ද අහිමිවී තිබීම ඛේදජනකයක් පමණක්ද නොවේ. නාය යෑම්වලින් බොහෝ තේ කර්මාන්තශාලා විනාශ වූ අතර, තේ ඉඩම් විශාල වශයෙන් විනාශ වී තිබූණි. ඒ අනුව අනාගතයේ දී තේ කර්මාන්තයට වන බලපෑම දැඩි වේ. ඒ වගේම තේ නිෂ්පාදනය අඩාල වීමට ද මෙය බලපෑමක් ඇති කරයි. තේ කර්මාන්තයේ නිරත වූ බොහෝ වතුකම්කරුවන්ට උන් හිටි තැන්ද අහිමි වීම රැකී රක්ෂා අහිමිවීම ද අනාගතයේදී ඇති කරන බලපෑම විශාලය. තවත් ලෙසකින් මෙම ව්‍යසනය හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලටද දැඩි බලපෑමක් ඇති වී තිබේ. ඒ තුළින් ලංකාවේ ආර්ථිකයට විශාල බලපෑමක් අනාගතයේදී සිදුවනු ඇත. බොහෝ නගර ආශ්‍රිත වෙළෙඳසල් විනාශ වීම ගම්මාන ආශ්‍රිත කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තශාලා විශේෂයෙන්ම කුකුල් ගොවිපොළවල් විනාශ වී තිබේ. ඒ අනුව බලන කල ආර්ථිකයට විවිධ පැති ඔස්සේ සිදුවී ඇති හානියේ බලපෑම ප්‍රබල වේ.
ලංකාව ආර්ථිකමය වශයෙන් මේ අවස්ථාවේදී ගොඩනැගීමට යෝජනා කීපයක් ලබාදිය හැකිය. ව්‍යසනයේ වාසිය අත්පත් කර ගැනීමට නම් ලංකාවේ නිෂ්පාදන සඳහා ඩොලර් ආදායම් ඉපයිය හැකි අවස්ථා සොයා ගත යුතුය. “buy Sri LANKA, made in Sri Lanka” යන තේමාව යටතේ ලංකාවේ නිෂ්පාදන මිලදී ගැනීම සඳහා විශේෂයෙන් විදේශවල ජීවත්වන ශ්‍රී ලාංකික ප්‍රජාවක් උනන්දු කර විය යුතුය. ඔවුන් හරහා අනෙක් විදේශකයන් ශ්‍රී ලංකාවේ භාණ්ඩ මිලදී ගැනීමට උනන්දු කරලීමේ වැඩපිළිවෙළක් තානාපති කාර්යාල හරහා කළ යුතුය. දැන් අපට අවශ්‍ය වන්නේ රුපියල් වෙනුවට ඩොලර් ආදායම් ඉපයී හැකි මාර්ග සොයා බැලීමය. ආදායම් ඉහළ නංවන්නේ කෙසේදැයි යන්න පිළිබඳ සැලකිල්ල දැක්විය යුතුය. අලුත් ආදායම් මාර්ග මොනවාද යන්න පිළිබඳ සොයා බැලිය යුතුය.
කඩා වැටුණු කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා විනාශ වී ගිය ගොවි බිම් යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් ලබා ගැනීමට, විනාශ වී ගියා වේළි හා වැව් අමුණු යථා තත්වයට පත් කිරීම මෙන්ම ගොවීන්ට නැවත නගා සිටුවීමට අවශ්‍ය මූල්‍ය ආධාර ලබා දීම සේම බීජ පොහොර ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් ගොවියා නැවත ගොවිතැන කරා යොමු කළ හැකිය. ඔවුන්ගේ ජීවන තත්වය නගා සිටුවිය හැක්කේ කළ රැකීරක්ෂා නැවත ස්ථාපනය කර, ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් පමණකි. ඔවුන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ ගොවිබිම් සහ ජලය පමණි. මිනිසුන්ගේ රැකියා ස්ථාපනය කිරීම ඉතාම අමාරු කාර්යයකි. එනිසා ගොවීන්ට අවශ්‍ය පහසුකම් ලබා දී ඔවුන් ගොවිතැනට යෙදවීම ආණ්ඩුවේ වගකීමකි. කඩා වැටුණු කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා රජය දැනටමත් ණය සහනාධාර ලබාදීමට අය වැය මගින් යෝජනා ඉදිරිපත් වී ඇති අතර, ව්‍යාපාරිකයන් දැනට ලබා ගෙන ඇති ණය සඳහා මාස හයත් දොළහත් දක්වා ණය සහන කාලසීමාවක් ලබාදීම හා රිකවරි ග්‍රාන්ට් අඩුපොලී ණය ලබාදීමෙන් එම ව්‍යාපාර නැවත ගොඩනැගිය හැකිය. එය ආර්ථිකය නගා සිටුවීමටද ශක්තියක් වනු ඇත.
අප එදා සිටම කළේ අර්බුදයකදී විදේශීය ආයතනයකින් ණය ලබාගෙන හෝ විදේශීය රටවලින් පුද්ගලයන්ගෙන් ආධාර ලබාගැනීමට ආයාචනා කිරීමයි. ඔවුන් අප වෙත ආධාර ඒවනවා යන උපකල්පනය මත වැඩ කිරීමයි. එය තවදුරටත් වලංගු නොවන සාධකයක් වන බව කිව යුතුය. අප විදේශ රටවලින් ආයාචනා කළ යුත්තේ මේ අවස්ථාවේදී ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ලංකාව තුළ ආයෝජනය කිරීමට අවස්ථාව ලබා ගන්නා ලෙසයි. ඒ සේම එම රටවල වෙළෙඳපොළවල් ලංකාවේ භාණ්ඩ සඳහා විවෘත කර ගැනීමයි. අප විවිධ රටවල් සමග අත්සන් කර ඇති වෙළෙඳ ගිවිසුම් අදට වලංගු නොවන බැවින් ඒ වෙළෙඳ ගිවිසුම් යථා තත්වයට පත්කිරීම ඉතා කඩිනමින් කළ යුතුය. ඉන්දියාව අනාගතයේදී ලංකාවේ භාණ්ඩ සඳහා හොඳ වෙළෙඳපොළක් බව පෙනේ. ඒ සඳහා ඉන්දියාව උනන්දු කර ලීම මේ අවස්ථාවේ දී කළ යුතුය. ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් ජීවත් වෙන්නේ ඉන්දියාවේ වන බවට වටහාගෙන කටයුතු කළ යුතුය. අනෙක් අතට ලෝක ආර්ථිකයේ ඉතා වේගයෙන් දියුණු වන රටක් ලෙස ඉන්දියාව අද හඳුනාගෙන ඇත. ඉන්දියාව සමග මිත්‍රත්වයේ දෑත දිගු කළ යුත්තේ ලංකාවේ භාණ්ඩ සඳහා මේ අවස්ථාවේදී වෙළෙඳපොළක් ඇති කරගන්නේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡා කිරීම සඳහාය.
ලංකාවේ විදේශ ආයෝජන පුළුල් කිරීමට විදේශීය විනිමය වැඩිකර කරගැනීමට පෞද්ගලික මෙහෙයුම් කරුවන් ගේ දායකත්වය ඉතා වැදගත් වන බව ද මෙහිදී අධ්‍යයනය කළ යුතුය.
කඩා වැටුණු සමාජීය පසුබිම ගොඩනැගීම
ව්‍යසනයට ලක් වූ බොහෝ තැන්වල පවුල් සියලු දේපළ සහිතව පස් යටවීම ඛේදජනකය. තවත් සමහර තැන්වලින් කුඩා දරුවන් සහ වැඩිහිටියන් කිහිපදෙනෙක් ජීවිත බේරගත් අවස්ථා අසන්නට ලැබී තිබේ. මෙම බිඳ වැටුණු පවුල් නැවත ගොඩනැගීම සඳහා රජයට විශාල කාර්යභාරයක් කිරීමට සිදුවී තිබේ. විශේෂයෙන්ම අනාථ වූ කුඩා දරුවන්, වැඩිහිටියන් රැකබලා ගන්නේ කෙසේද යන්න පිළිබඳව පුළුල් වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට ස්ථීරසාර වැඩපිළිවෙළක් සකස් කිරීම ඉතා වැදගත්ය. මේ සඳහා සාමාජීය වටපිටාව සැලකිල්ලට ගැනීම කළ යුතුය. ඔවුන්ට සමීපතමයන් සමගින් ජීවත්වීමේ අයිතිය තහවුරු වීම ඉතා වැදගත් වෙයි. මෙම ප්‍රදේශවල මානසික සහන සේවා දියත් කිරීම සඳහා දැන් හොඳම කාලය උදා වී ඇත. විනාශ වී ගිය ගම් නැවත ස්ථාපනය කිරීමේදී ඔවුන්ගේ රැකී රක්ෂා සහ පුළුල් සාමාජීය අධ්‍යයනයකින් පසු ස්ථාපිත කිරීම ඉතා වැදගත් වේ. කඩා වැටුණු ජන ජීවිත නැවත ගොඩනැගීමේ දී ගමේ පන්සලට, පල්ලියට, කෝවිලට කළ හැකි කාර්ය භාරය විශාලය. ජනයා ආර්ථිකයම වශයෙන් ගොඩනැගීම එක්පසකින් සිදු කරන අතර, ජනයාගේ මානසික සහනය ගොඩනැගීමට ආගමට කළ හැකි කාර්යභාරයද සැලකිල්ලට ගත යුතුය.
ගම නැවත ස්ථාපනය කිරීමේදී විශේෂයෙන්ම ඔවුන්ගේ රැකී රක්ෂා ආරක්ෂා වන පරිදි එය ස්ථාපනය කළ යුතු වන අතර, ඔවුන්ගේ සමීපතමයන් ජීවත්වන පරිසරය සහ ආගම පිළිබඳව ද සැලකිල්ල දැක්වීම ඉතා වැදගත්වේ.
ලෝකය මෙන්ම ලංකාවද එදාට වඩා අද අදේශගුණික විපර්යාසවලට ලක්වන රටක් බවට පත්වී තිබේ. මෙම ප්‍රදේශවල ජනජීවිතය ස්ථාපනය කිරීමේදී දේශගුණික විපර්යාස පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. මේ වන විට ලංකාවට දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා ක්‍රමෝපායික සැලැස්මක අවශ්‍යතාව මතුවී තිබේ. ඒ සඳහා පුළුල් අධ්‍යයනයක් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දැන්වත් ආරම්භ කළ යුතුය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පුළුල් ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතුය. කාලගුණ දෙපාර්තමේන්තුවේද අදට ගැළපෙන ව්‍යුවහාත්මක වෙනස්කම් කිරීමට මෙය හොඳ කාලයකි. අනෙක් අතට විදේශීය කාලගුණ දත්ත සේවා සමග මනා සම්බන්ධතාවක් ලොඩනැගීමට අවශ්‍ය පහසුකම් සැලසීම අනාගතයේදී මෙවැනි ව්‍යසනවලට ගොදුරුවීමට ඇති හැකියාව අවම කිරීමට හැකියාව ලැබේ.
අවාසන වශයෙන්ම පෙන්වා දිය හැක්කේ සිදුවී ඇති විනාශය සිදුවී හමාරය. එසේ නම් අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීම දැන්වත් කළ යුතුය. ඒ සඳහා ජනතාවගේ ආශීර්වාදය රජයට ලැබෙනු ඇත. රජයට ඉදිරියේ ඇති අභියෝගය සරලය. එහෙත් විශාලය. පරණ වැරදි නැවත නැවත නොකර අනාගත පරපුරක් සඳහා තිරසාර සාධාරණ සහ නවෝත්පාදනමය ආර්ථිකයක් ගොඩනැගීම අවශ්‍ය වේ. එය සාර්ථක වන්නේ රජය, පෞද්ගලික අංශය සහ ජනතාව එක්ව ක්‍රියාත්මක වූ විට පමණි. ලංකාවට දැන් අවශ්‍ය වන්නේ පැලැස්තර සංශෝධන නොව, සත්‍ය පරිවර්තනයකි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
581
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ව්‍යසනයෙන් ගොඩ එන මග