IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ප්‍රතිපත්තිමය නොගැළපීම් පරිපාලන අකාර්යක්ෂමතා රටේ ප්‍රගතියට බාධාවක්

අපනයකරැවන් සඳහා වන පහසුකම් වැඩිදියුණු කිරීමට රජයේ අවධානය
ගෝලීය වෙළෙඳපොළ අතර තරගකාරීත්ව පරතරය පියවීමට අදාළ ප්‍රතිසංස්කරණ සඳහා සැලසුම්
වෙළෙඳ පහසුකම්, රේගු ක්‍රියා පටිපාටි සහ ආයෝජන අනුමත කිරීම් වඩාත් කාර්යක්ෂම කරන බව පවසයි
දිට්වා බලපෑ අපනයනකරැවන්ගේ හානි තක්සේරැ කර අවශ්‍ය සහාය දැක්වීම රජයේ මූලික පියවරක්
ස්ථාවර අනාගතයකට යා හැක්කේ විදෙස් ණය මත නොව ගෝලීය වෙළෙඳාමෙන් ඉපැයීමේ හැකියාව මතයි


දේශීය නිෂ්පාදකයන් සහ ගෝලීය වෙළෙඳපොළ අතර තරගකාරීත්ව පරතරය පියවීම සඳහා අපනයන අංශයට උපකාර කිරීම සඳහා ප්‍රතිසංස්කරණ රාශියක් ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය සහ අපනයන සංවර්ධන මණ්ඩලය එක්ව පසුගියදා සංවිධානය කරන ලද 27 වැනි ජනාධිපති අපනයන සම්මාන 2024/25 උත්සවය අමතමින් අගමැතිවරිය මෙම අදහස් පළ කළාය.
ඒ අනුව වෙෙළඳ පහසුකම්, රේගු ක්‍රියා පටිපාටි සහ ආයෝජන අනුමත කිරීම් වඩාත් කාර්යක්ෂම කිරීම සහ අපනයන සේවා වැඩිදියුණු කිරීම මගින් දේශීය අපනයනකරුවන් ශක්තිමත් කිරීමට රජය පියවර ගනිමින් සිටින බවත් ඇය මෙහිදී අවධාරණය කළාය. 
මෙහිදී අදහස් දැක්වූ අගමැතිවරිය, “මෙම අපනයනකරුවන් සඳහා වන ජනාධිපති සම්මාන උළෙල අපට මතක් කර දෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය රඳා පවතින්නේ ප්‍රතිපත්ති හෝ පරිපාලනය මත පමණක් නොව, නිෂ්පාදනය කිරීමට, වටිනාකමක් නිර්මාණය කිරීමට සහ ජාත්‍යන්තරව තරග කිරීමට ඇති හැකියාව මත වන බවයි. පසුගිය වසර පුරා අපි බොහෝ අභියෝගවලට මුහුණ දුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස, ගෝලීය වෙළෙඳපොළ සහ සැපයුම් දාමයන් බිඳ වැටුණා. ආර්ථික අවිනිශ්චිතතාව ඇති වුණා. අපි ස්වාභාවික විපත්වලටත් මුහුණ දුන්නා’’ යනුවෙන් සඳහන් කළාය.
එම පසුබිමත් සමගින්ම බොහෝ අපනයනකරුවන්ට මෙම වෙනස්කම් සඳහා අනුවර්තනය වීමට, නිෂ්පාදන ක්‍රියාවලි ප්‍රතිසංවිධානය කිරීමට, ගනුදෙනුකරුවන් විවිධාංගීකරණය කිරීමට සහ වෙළෙඳපොළේ තරගකාරීව සිටීමට අවශ්‍ය ඩිජිටල් තාක්ෂණය අනුගමනය කිරීමට සිදු වුණු බවත් ඇය මෙහිදී මතක් කර දුන්නාය.
“දිට්වා සුළි කුණාටුවේ බලපෑම අපනයන අංශයේ කර්මාන්ත කිහිපයකටද බලපෑවා. එම බලපෑමට ලක් වූ ප්‍රදේශවල නිෂ්පාදන පහසුකම්, ගබඩා පහසුකම් සහ ප්‍රවාහන මාර්ගවලට හානි සිදු වුණා. නිෂ්පාදන දාම සහ බෙදාහැරීමේ කාලසටහන් බිඳ වැටුණා. එවැනි දුෂ්කර තත්වයක් යටතේ, ඇතැම් අපනයනකරුවන්ගේ ජාත්‍යන්තර අපනයන සැපයුම් සැලකිය යුතු පසුබෑමකට ලක්ව තිබෙනවා.’’ 
ඒ අනුව හදිසි තත්වය හේතුවෙන් ඔවුන්ට සිදු වූ හානි තක්සේරු කිරීමෙන්, ඔවුන්ගේ මෙහෙයුම් යථා තත්වයට පත් කිරීමෙන් සහ ඔවුන්ට යථා තත්වයට පත් කිරීමට උපකාර කිරීමෙන් අපනයනකරුවන්ට සහාය වීමට රජය පියවර ගනිමින් සිටින බව අගමැතිවරිය මෙහිදී අවධාරණය කළාය.
එසේම අනාගත ස්වාභාවික විපත්වලට එරෙහිව ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට සහ මෙවැනි ආකාරයේ තත්ව නැවත ඇතිවීමේ අවදානම අවම වන ආකාරයට බලපෑමට ලක් වූ ප්‍රදේශ නැවත ගොඩනැගීමටද රජය කටයුතු කරමින් සිටින බවත් ඇය පැවසුවාය.
“ශ්‍රී ලංකාව දැන් නව ආර්ථික පරිවර්තනයකට භාජනය වෙමින් පවතින්නේ’’ අගමැතිවරිය සඳහන් කළාය.

විශේෂයෙන්ම වසර ගණනාවක් තිස්සේ, අස්ථාවරත්වය, ප්‍රතිපත්තිමය නොගැළපීම් සහ පරිපාලන අකාර්යක්ෂමතා රටේ ප්‍රගතියට බාධාවක් වූ බව පෙන්වා දුන් ඇය, මෙය ආයෝජක විශ්වාසය දුර්වල කරමින් ව්‍යාපාරවල ඉදිරි සැලසුම් සකස් කිරීම් වඩාත් අසීරු කළ බවත් මතක් කර දුන්නාය.
“වත්මන් රජය ස්ථාවරත්වය, විනිවිදභාවය සහ වගවීම මත පදනම් වූ පාලනයක් සඳහා කැපවී සිටිනවා. මෙය කෙටි කාලීන ප්‍රවේශයක් පමණක් නොවෙයි. එය රට නැවත අවිනිශ්චිතතාවකට ඇද නොවැටෙන බව සහතික කිරීම සඳහා වන දිගුකාලීන ක්‍රියාවලියක්.’’
“අපි දිගු කලක් තිස්සේ, ජාතික වියදම් පියවා ගැනීම සඳහා ජාත්‍යන්තර ණය මත දැඩි ලෙස විශ්වාසය තැබුවා. එහෙත් එය ස්ථාවර අනාගතයක් කරා යන මාවතකට මග පෙන්වීමක් සිදු කරන්නේ නෑ. අපගේ ප්‍රගතිය රඳා පවතින්නේ වෙළෙඳාම, නවෝත්පාදනය සහ ගෝලීය මැදිහත්වීමෙන් අපට උපයා ගැනීමට ඇති හැකියාව මතයි.’’ “ශ්‍රී ලංකාවේ විශේෂඥතාව සහ නිර්මාණශීලිත්වය ලෝකයට ගෙන යාමට ඔබට ඇති හැකියාව සමස්ත ජාතියටම ශක්තියක්. මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට රජය සූදානම්.’’ අගමැතිවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
මේ අතර ප්‍රතිපත්තිමය නොගැළපීම්, මෙහෙයුම් පිරිවැය වැඩි කරන ප්‍රමාදයන්, තරගකාරී මූල්‍යකරණයට පවතින සීමිත ප්‍රවේශය, යටිතල පහසුකම් සහ තාක්ෂණයේ හිඩැස්, වෙළෙඳ පහසුකම් සැපයීමේ දුර්වලතා සහ වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීමේ මන්දගාමී ප්‍රගතිය වැනි ගැටලු‍ අපනයනකරුවන්ට බලපා ඇති බව රජය ලෙස තේරුම් ගෙන ඇතැයිද ඇය පැවසුවාය. “රජය මෙම අභියෝගවලට සෘජුවම මුහුණ දෙන බව මම ඔබට සහතික කරනවා.’’
ඒ අනුව කාර්යක්ෂම, විනිවිද පෙනෙන සහ පුරෝකථනය කළ හැකි පද්ධති ගොඩනැගීම, වෙළෙඳ පහසුකම් සැපයීම, රේගු ක්‍රියාවලීන් සහ ආයෝජන අනුමත කිරීම් විධිමත් කිරීම, අපනයන පහසුකම් වැඩිදියුණු කිරීම සහ දේශීය ව්‍යාපාර සහ ගෝලීය වෙළෙඳපොළ අතර පරතරය අවම කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙන බවත් ඇය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.



අදහස් (0)

ප්‍රතිපත්තිමය නොගැළපීම් පරිපාලන අකාර්යක්ෂමතා රටේ ප්‍රගතියට බාධාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 581 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site