IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විදුලි වාහනවල අනාගතය සවිමත් කරමින් NDB බැංකුව Browns EV සමාගම සමග අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාව තුළ තිරසාර සහ අවම මිල ගණන් යටතේ ජනතාවට ලීසිං විසඳුම් ලබාදීම සඳහා සහාය වන සිය කැපවීම තහවුරු කරමින්, NDB බැංකුව Browns EV (Pvt) Ltd සමග උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ තිබේ. මෙම සහයෝගීතාව මගින් පාරිභෝගිකයන්ට Browns EV සමාගම අලුතින්ම දියත් කරන ලද Wuling විදුලි වාහන පෙළ සඳහා ආකර්ෂණීය සහ නම්‍යශීලී මූල්‍ය විසඳුම් ලබාදේ. ඒ සමගින් ශ්‍රී ලාංකික ජනතාවට විදුලි රථ වාහන වෙත මාරුවීම දැන් තවත් පහසු වී ඇත.
මෝටර් රථ කර්මාන්තයේ වසර 150 කට අධික ඉතිහාසයකට උරුමකම් කියන, සහ LOLC සමූහය යටතේ තවදුරටත් ශක්තිමත් වූ Browns සමාගමේ Browns EV” ගෝලීය වශයෙන් පිළිගත් Wuling විදුලි වාහන ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දීමේ පුරෝගාමී පියවරක් තබා ඇත.
අලුතින් හඳුන්වා දුන් Wuling  විදුලි රථවාහන පෙළ හරහා විවිධ පාරිභෝගික කොටස් සඳහා පුළුල් පරාසයක තෝරාගැනීම් හිමිකර දෙයි. හඳුන්වාදීමේ මිල වන රුපියල් මිලියන 12-4 කට සියලු විශේෂාංග සහිත Wuling Cloud, කාර්යක්ෂමතාව සහ අනර්ඝ නිමාව යන දෙක අපේක්ෂා කරන පවුල් සඳහා වඩාත් සුදුසු, බලවත්, ඉඩකඩ සහිත සහ සුවපහසු රිය පැදවීමේ අත්දැකීමක් ලබා දෙයි. රුපියල් මිලියන 8-1 ක මිලකට Wuling Binguo, නවීන පහසුව සහ නවීන මෝස්තර සොයන තරුණ වෘත්තිකයන් සඳහා සකස් කරන ලද ආකර්ෂණීය, සුවපහසු සහ විශේෂාංග සහිත විසඳුමක් ඉදිරිපත් කරයි. ඊට අමතරව, Browns EV සමාගම විසින් ඉතා දැරිය හැකි මිලකට BAW E6 සහ E7  මාදිලි ද එළිදක්වා ඇති අතර, ඒවා පිළිවෙළින් රුපියල් මිලියන 4-6 සහ රුපියල් මිලියන 4-7 ක මිලකට ලබා දී ඇති අතර, එමගින් අවම මිලකට නවතම වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන සියලුම ශ්‍රී ලාංකිකයන්ට එය යථාර්ථයක් බවට පත් කර ඇත.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ ලීසිං අංශයේ ප්‍රධානී සහකාර උප සභාපති දිලුම් අමරසිංහ මහතා මෙසේ පැවසීය, ‘විදුලි වාහන තවදුරටත් දුරස්ථ සිහිනයක් නොව සියලු ශ්‍රී ලාංකිකයන්ට ළඟා කරගත හැකි යථාර්ථයක් බවට පත්ව ඇත. Browns EV සමාගම සමග අප ඇති කරගත් මෙම හවුල්කාරිත්වය හරහා, විශ්වාසදායක, උසස් තත්වයේ විදුලි වාහනයක් හිමිකර ගැනීම පහසු සහ දැරිය හැකි මිලකට ලබාදෙන පරිදි සකස් කරන ලද ලීසිං විසඳුම් පුළුල් කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු. මෙය පුද්ගලික ගනුදෙනුකරුවන්ට සහ ව්‍යාපාරවලට විශ්වාසයෙන් ඉදිරියට යාමට හැකි වන අතරම තිරසාර ක්‍රියාකාරකම් පෝෂණය කිරීම සඳහා NDB බැංකුවේ කැපවීමේ කොටසකි.’
Browns EV සමාගමේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී පවිත්‍ර ජයසේකර මහතා සිය අදහස් දක්වමින් මෙසේ පැවසීය. ‘Browns EV, සමාගමේ අපගේ දැක්ම වන්නේ සෑම ශ්‍රී ලාංකිකයකුටම විශ්වාසයෙන් යුතුව පරිසර හිතකාමී විසඳුම් වෙත ළඟාවීම සඳහා බලය ලබාදෙන සම්පූර්ණ පරිසර පද්ධතියක් ගොඩනැගීමයි. Wuling සහ BAW වාහන පෙළ දියත් කිරීම හරහා සියලු දෙනාට අවම මිලකට ලබා දෙන නවතම, නව්‍ය සහ ආකර්ෂණීය වාහන හිමිකර දීමේ අපගේ ප්‍රයත්නය පෙන්නුම් කරයි. NDB බැංකුව සමග ඇති කරගත් අපගේ මෙම හවුල්කාරිත්වය හරහා, උසස් තත්වයේ විදුලි වාහන තාක්ෂණය ඇතුළත් මූල්‍යකරණය සමග ඒකාබද්ධ කරන පරිපූර්ණ විසඳුම් නිර්මාණය කිරීම සඳහා අපි සැලකිය යුතු පියවරක් තබමු, එයින් වැඩි ශ්‍රී ලාංකිකයන් පිරිසකට තිරසාර අනාගතයකට විශ්වාසයෙන් යුතුව ඉදිරියට යාමට මග පෙන්වයි’



අදහස් (0)

විදුලි වාහනවල අනාගතය සවිමත් කරමින් NDB බැංකුව Browns EV සමාගම සමග අත්වැල් බැඳගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 33 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site