2025 සංචාරක වියදම් කිරීම් අතරින් සියයට 24.77ක්ම කොළඹ නගරයෙන්
කොළඹ නගරයේ වියදම් කිරීම් පංගුව වසර හයකදී සියයට 7.44කින් අඩුවෙලා
අහංගම, වැලිගම, දික්වැල්ල, මාතර සහ මිරිස්ස ආශ්‍රිතව වියදම් කිරීම් වැඩිවෙලා
භානුක අමරසිංහ
|
සඳුන් හපුගොඩ |
2025 වසරේදී මෙරටට පැමිණ විදෙස් සංචාරකයන් සිදු කළ වියදම් කිරීම් සාම්ප්‍රදායික නාගරික සංචාරක ගමනාන්තවලින් ඈත්ව නැගී එන සංචාරක ගමනාන්ත ආශ්‍රිතව වැඩි වශයෙන් සිදුව තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය සේවා ආයතනයක් වන මාස්ටර්කාඩ් ආයතනය පවසයි.
එම ආයතනයේ Mastercard Economics Institute මගින් නිකුත් කළ Economic Outlook 2026 වාර්තාව තුළ මේ පිළිබඳව සඳහන්ව තිබේ. එහිදී ඔවුන් 2019 වසර සහ 2025 වසර සසඳමින් මෙම වියදම් පිළිබඳව වාර්තාව ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව සුපුරුදු ලෙස කොළඹ නගරය සංචාරකයන්ගේ වියදම් කිරීම් අතරින් වැඩිම පංගුව හිමි කරගෙන ඇති අතර, එය සමස්ත වියදම් කිරීම්වලින් සියයට 24.77 කි. කෙසේ වෙතත් මෙය 2019 වසරට සාපේක්ෂව සියයට 7.44 ක අඩුවීමකි.
එසේම ඇල්ල තුළ සිදු කළ සංචාරක වියදම් සමස්තයෙන් සියයට 7.48ක පංගුවක් ගෙන ඇති අතර, එය 2019 වසරට සාපේක්ෂව සියයට 3.6 ක වර්ධනයකි.
මේ සම්බන්ධයෙන් ලංකාදීප FT වෙත අදහස් දැක්වූ මාස්ටර්කාඩ්හි ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කළමනාකාර සඳුන් හපුගොඩ මහතා, “කොළඹ නගරයේ දත්ත මගින් ප්‍රතිශතයේ අඩුවීමකට වඩා විවිධාංගීකරණයක් පෙන්නුම් කරනවා. ඒ වගේම ඇල්ල පෙන්නුම් කරන වර්ධනයෙන් එය ප්‍රධානතම සංචාරක ගමනාන්තයක ස්ථානය තවදුරටත් තහවුරු කරගෙන තිබෙනවා.’’ යනුවෙන් පැවසීය.
එම දත්ත වාර්තාවට අනුව කටුනායක නගරය තුළ සිදු කරන වියදම් කිරීම් පංගුව සියයට 6.54ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2019ට සාපේක්ෂව සියයට 5.9ක අඩුවීමකි.
එසේම ගාල්ල සහ නුවර එම පංගුව සියයට 5.96 ක් සහ සියයට 5.37ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2019 ට සාපේක්ෂව සියයට 1.6 බැගින් අඩුවීමකි. මීට අමතරව මීගමුවේ වියදම් කිරීම් සමස්තයෙන් සියයට 3.97ක් ලෙස සටහන් වන අතර, එය 2019 ට සපේක්ෂව සියයට 1.8 ක අඩුවීමකි. නුවරඑළිය තුළ සිදු කළ වියදමේ පංගුව සියයට 2.48ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2019ට සාපේක්ෂව සියයට 0.7ක අඩුවීමකි.
“දකුණු දිග සංචාරක කලාපයේ කතාව මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. අහංගම, වැලිගම, දික්වැල්ල, මාතර සහ මිරිස්ස ආශ්‍රිතව මේ සංචාරක වියදම් කිරීම් ශක්තිමත් සහ තිරසාර අන්දමින් වර්ධනයවීමක් පෙන්නුම් කරනවා’’ හපුගොඩ මහතා සඳහන් කළේය.
“එතැනදී අත්දැකීම් ලබා ගැනීම සඳහා වන සංචරණය සහ දිගු කාලයක් රැඳී සිටීම් මේ සඳහා හේතුවක් වී තිබෙනවා’’ ඔහු වැඩිදුරටත් පැවසුවේය.
ඒ අනුව අහංගම නගරයේ සිදුකරන සංචාරක වියදම් කිරීමේ පංගුවේ වසරේදී සියයට 6.11ක අගයක් ගෙන තිබේ. එය 2019 වසරට සාපේක්ෂව සියයට 5.54ක වර්ධනයකි. එසේම වැලිගම පංගුව සියයට 4.91ක් වන අතර, එය සියයට 3.3ක වර්ධනයකි.
දික්වැල්ල සහ මාතර වියදම් කිරීම් පංගුව පිළිවෙළින් සියයට 3.86ක් සහ සියයට 3.17ක් ලෙස පවතී. එය 2019 ට සාපේක්ෂව පිළිවෙළින් සියයට 3.5ක සහ සියයට 2.2ක වර්ධනයකි. එසේම මිරිස්සේ පංගුව සියයට 3.01 ක් වන අතර, එය සියයට 0.9ක වර්ධනයකි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
581
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සංචාරක වියදම් කිරීම් කොළඹින් ඈත් වෙලා