SMB ෆිනෑන්ස් වෙතින් රුපියල් බි. 1.5ක් වටිනා බැඳුම්කර නිකුතුවක්
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගමක් වන SMB ෆිනෑන්ස් පීඑල්සී රුපියල් බිලියන 1.5ක වටිනා බැඳුම්කර නිකුතුවක් සඳහා සැලසුම් කර ඇතැයි පවසයි. මෙය ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, ජ්‍යෙෂ්ඨ, පිරිමුදවාගත හැකි ඉහළ ඵලදාවක් සහිත බැඳුම්කර ලෙස නම් කර තිබේ.