IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සම්පත් බැංකුවෙන් රු.බිලියන 20ක ණයකර නිකුතුවක්


භානුක අමරසිංහ


සම්පත් බැංකුව කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කරන බැඳුම්කර නිකුතුවක් හරහා රුපියල් බිලියන 20 ක මුදලක් රැස් කරගැනීමට සූදානමින් සිටින බව පවසයි. ඒ සඳහා වන යෝජනාව වෙත බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පසුගිය 17 වැනිදා අනුමැතිය ලබාදී තිබේ. 

ඒ අනුව බාසෙල් III අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, උපප්‍රධාන, පිරිමුදවාගත හැකි ණයකරයක් /හෝ හරිත සහ / හෝ තිරසර බැඳුම්කරයක් ලෙස මෙය නිකුත් කිරීමට යෝජනා වී තිබෙන බව බැංකුව සඳහන් කරයි.

මෙහිදී උපරිමව ණයකර/හෝ හරිත සහ / හෝ තිරසර බැඳුම්කර කොටස් මිලියන 200ක් (200,000,‍000ක්) නිකුත් කිරීම සැලසුම වී ඇති අතර, එක් කොටසක් රුපියල් 100 බැගින් රැස් කෙරෙන සමස්ත වටිනාකම රුපියල් බිලියන 20 කි. එහිදී සියලු‍ම කොටස් හිමිකරුවන්ගේ සහ නියාමන ආයතනවල අනුමැතිය මේ සඳහා හිමිවිය යුතුව ඇති බවත්, වසර දෙකක කාලයක් තුළ සිදු කරන නිකුතු දෙකක් හරහා මෙම මුදල රැස් කරගන්නා බවත් බැංකුව පවසයි.



අදහස් (0)

සම්පත් බැංකුවෙන් රු.බිලියන 20ක ණයකර නිකුතුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site