IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


5G සම්බන්ධතාවලට මොබිටෙල් ඩයලොග් සමාගම් දෙකට බලපත්‍ර


භානුක අමරසිංහ


මෙරට තුළ 5G සංඛ්‍යාත වර්ණාවලි මිලදී ගැනීම සඳහා පැවැත්වුණු වෙන්දේසිය යටතේ බලපත්‍රලාභී විදුලි සංදේශ ක්‍රියාකරුවන් වෙත මෙරට තුළ 5G සම්බන්ධතාව ක්‍රියාත්මක කිරීමට අදාළ බලපත්‍ර ප්‍රදානය කිරීම ඊයේ (18) කොළඹදී සිදුකෙරිණි.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අධ්‍යක්ෂ ජනරාල්, එයා වයිස් මාෂල් බන්දුල හේරත් (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව සංවිධානය වී තිබුණි.

ඒ අනුව මෙම 5G සංඛ්‍යාත වර්ණාවලි මිලදී ගැනීමේ වෙන්දේසිය වෙත ඉදිරිපත් වූ ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම සහ මොබිටෙල් සමාගම් වෙත මෙලෙස බලපත්‍ර ප්‍රදානය කිරීම සිදුවිය. මෙහිදී 3500Mhz සංඛ්‍යාත පරාසය සඳහා ඩයලොග් ආසිආටා සහ මොබිටෙල් යන සමාගම් වෙතද, 27GHz සංඛ්‍යාත පරාසය සඳහා ඩයලොග් ආසිආටා සමාගම වෙතද බලපත්‍ර ප්‍රදානය කෙරිණි.

මෙම 5G සංඛ්‍යාත වෙන්දේසිය පෙරේදා (17) පැවැත්වුණු අතර, අදාළ සමාගම් මිලදී ගන්නා සංඛ්‍යාත වර්ණාවලි සඳහා වන ගෙවීම් වෙනුවෙන් දෙසැම්බර් 19 සිට 29 දක්වා කාලය ලබා දී තිබේ. මෙම 5G සංඛ්‍යාත වෙන්දේසිය මෙතෙක් මෙරට තුළ සිදුවූ විශාලතම වෙන්දේසිය වන අතර ඒ හරහා මහාභාණ්ඩාගාරය වෙත රැස් කර ගැනීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 9 කට ආසන්න වෙයි.

ඡායාරූප - උපුල් අබේසේකර

 



අදහස් (0)

5G සම්බන්ධතාවලට මොබිටෙල් ඩයලොග් සමාගම් දෙකට බලපත්‍ර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site