නොවැම්බර් මාසයේදී විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්නුම් කළ Russel’s පෞද්ගලික සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇගැයීම පසුගියදා සිදු විය. එහිදී ඔවුන්ගේ කැපවීමල වෘත්තීයභාවය සහ විශිෂ්ට කාර්යසාධනය යන අංශ සැලකිල්ලට ගනු ලැබීය. විශිෂ්ටම සූපවේදීයා ලෙස පේස්ට්‍රි අංශයේ ප්‍රධාන සූපවේදී ජුඩ් ප්‍රනාන්දු මහතා තේරී පත් විය.
මෙහෙයුම් කටයුතුවල සාර්ථකත්වය සඳහා සුවිශේෂ දායකත්වයක් දක්වන සජීව රුක්මාල් මහතා වඩාත් කාර්යක්ෂම කාර්ය මණ්ඩල සාමාජිකයා ලෙස ඇගැයීමට ලක් විය. මෙලනි ප්‍රනාන්දු මෙනෙවිය හා චමල් අසංක මහතා ඔවුන්ගේ කැපවීමල සේවා ආචාර ධර්ම සහ අඛණ්ඩ කාර්යසාධනය වෙනුවෙන් නොවැම්බර් මස කැපී පෙනෙන සාමාජිකාව හා සාමාජිකයා ලෙස සම්මාන ලැබුහ. ජයග්‍රාහක කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් එක් කරමින් Russel’s සමාගම සඳහන් කළේ විශිෂ්ට කාර්ය සාධනයක් සහිත කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් අඛණ්ඩව ඇගැයීමට බලාපොරොත්තු වන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd