2025 දෙවැනි කාර්තුවේ දී ආර්ථිකයේ සියයට 4.9 ක ධනාත්මක වර්ධනයක්
මෙම වසරේ දෙවැනි කාර්තුවේදී (අප්‍රේල් 01 සිට ජූනි 30 දක්වා කාලය තුළ) මෙරට දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,883,559ක අගයක් ගෙන ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මෙය 2024 වසරේ එම කාලසීමාවේ වාර්තාකළ රුපියල් මිලියන 2,749,504ක දළ දේශීය නිෂ්පාදිතය හා සැසඳීමේදී මෙය සියයට 4.9ක ධනාත්මක වර්ධනයක් ලෙස සටහන්ව තිබේ.