ව්‍යාපෘතිය හරහා ඩිජිටල් සේවා සහ ඩිජිටල් ආර්ථිකය වර්ධනය කිරීම අපේක්ෂාවයි
භානුක අමරසිංහ
ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයට සහාය වීම සඳහා වන ඩොලර් මිලියන 50 ක ව්‍යාපෘතියක් ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ බව පවසයි. “ශ්‍රී ලංකා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය“ ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් අංශයේ නවෝත්පාදන හා ආයෝජන ප්‍රවර්ධනය කරනු ඇති කිරීම අපේක්ෂාව බව ලෝක බැංකුව සඳහන් කරයි.
එසේම මේ හරහා රජයේ සේවා නවීකරණය කරනු ඇති අතර, එම සේවාවලට ප්‍රවේශ වීම පහසු කරවීම මෙන්ම ජනතාවගේ සහ ව්‍යාපාරවල අවශ්‍යතාවලට වඩාත් සුදුසු ප්‍රතිචාර දක්වනු ඇතැයි විශ්වාස කරන බවත් ලෝක බැංකුව වැඩිදුරටත් පවසයි.
මෙම ශ්‍රී ලංකා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය, රජයේ සේවා සඳහා ඒකාබද්ධ මාර්ගගත පුරවැසි සේවා ද්වාරයක්, කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීමට රජයේ ආයතන හරහා දත්ත බෙදා ගැනීම සඳහා ආරක්ෂිත පද්ධතියක්, ඩිජිටල් ලේඛන ගබඩා කිරීම සඳහා ඩිජිටල් ලොකරයක් සහ ඉල්ලුම වැඩි වන විට පරිමාණය කළ හැකි රජයේ ක්ලවුඩ් වේදිකාවක් ඇතුළුව ප්‍රායෝගික, ජනතා කේන්ද්‍රීය ඩිජිටල් විසඳුම් සඳහා සහාය වනු ඇතැයි ලෝක බැංකුව සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක බැංකු සමූහ කළමනාකරු ගෙවෝර්ග් සර්ග්ස්යාන් මහතා,
“ඩිජිටල් පරිවර්තනය යනු සියලු දෙනා ඇතුළත් වූ වර්ධනයක් සහ වඩා හොඳ සේවා සඳහා වැදගත් අවස්ථාවක්. මූලික ඩිජිටල් වේදිකා සහ කුසලතා සඳහා ආයෝජනය කිරීමෙන්, මෙම ව්‍යාපෘතිය මගින් ජනතාවට සහ ව්‍යාපාරවලට සේවා ලබා දෙන ආකාරය වැඩිදියුණු කරමින්, පෞද්ගලික අංශය ප්‍රමුඛ නවෝත්පාදන සඳහා නව අවස්ථා නිර්මාණය කරාවි.” යනුවෙන් පවසයි.
2025 දෙසැම්බර් මස 18
427
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාවේ ඩිජිටල් පරිවර්තනයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 50ක්