IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දිට්වා ව්‍යසනයෙන් හානි වූ නිවාස යළි ගොඩනැගීමට INSEE Lanka වෙතින් වැඩසටහනක්

ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක් පුරා ඉමහත් ව්‍යසනයක් කළ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාසවලට දැඩි අලාභ හානි සිදු වූ අතර පවුල් විශාල සංඛ්‍යාවක් අවතැන් වීම. මෙම අභියෝගාත්මක අවස්ථාවේදී විපතට පත් ජනතාව සඳහා නිවාස නැවත ගොඩනැගීමට සහාය වීමට INSEE Lanka  සමාගම පියවර ගෙන තිබේ. 
‘ජාතිය ගොඩනගන ශක්තියේ සත්කාරය’ නම් වූ මෙම වැඩසටහන යටතේ  INSEE සංස්ථා සිමෙන්ති කොට්ට 20,000ක් පරිත්‍යාග කෙරුණි. මෙවැනි අර්බුදකාරී කාලයක ලාංකිකයන්ට සහාය වීමට සහ අභියෝග හමුවේ නොසැලී සිටීමේ ලාංකිකයන් සතු හැකියාවට ශක්තියක් වීමට  INSEE සමාගමේ කැපවීම මෙම මුලපිරීමෙන් දක්නට ලැබුණි.
මෙම පරිත්‍යාගය සංකේතාත්මකව භාරදීම පසුගියදා ශ්‍රීලංකා පාර්ලිමේන්තුවේදී සිදු වූ අතර, එම අවස්ථාවට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සහ නිවාසල ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ යන මහත්වරු සහභාගී වූහ. INSEE Lanka සමාගම නියෝජනය කරමින් සභාපති ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක සහ බාහිර සබඳතා පිළිබඳ සාමාන්‍යාධිකාරී චන්දන නානායක්කාර යන මහත්වරුන් සහභාගී වූ අතර ප්‍රජා සහයෝගය සහ තිරසර සංවර්ධනය සඳහා සමාගමේ කැපී පෙනෙන නායකත්වය මෙම සත්කාරයෙන් මැනවින් ඉස්මතු විය. 
ප්‍රදානය කරන ලද සිමෙන්ති තොගය පුත්තලම, කුරුණෑගල, මහනුවර, මාතලේ සහ බදුල්ල යන දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා බෙදා හැරීමට සැලසුම් කර ඇති අතරල ව්‍යසනයෙන් වඩාත් බලපෑමට ලක් වූ පිරිස්වලට මෙම ආධාර හිමි වන බවට සහතික කෙරුණි. නිවාස ප්‍රතිසංස්කරණය සඳහා සහය දීමෙන් ඉමහත් දුෂ්කරතාවලට මුහුණ දුන් පවුල්වල ගෞරවය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය නැවත ඇති කිරීම INSEE Lanka  අපේක්ෂාවයි. 



අදහස් (0)

දිට්වා ව්‍යසනයෙන් හානි වූ නිවාස යළි ගොඩනැගීමට INSEE Lanka වෙතින් වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 581 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site