IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


LB Finance මෙහෙයුම් පිලිපීනයට ව්‍යාප්ත කිරීමට යයි

භානුක අමරසිංහ 
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගමක් වන LB Finance PLC සමාගම සිය මෙහෙයුම් පිලිපීන ජනරජය වෙත පුළුල් කිරීමට සැලසුම් කර ඇතැයි පවසයි. 
ඒ අනුව LB Finance Philippines Inc. ලෙස සිය පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් පිලිපීනයේ ස්ථාපිත කිරීමට එම සමාගම අදහස් කරගෙන තිබේ. 
ඒ අනුව මේ සම්බන්ධයෙන් එම සමාගම මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය ඉල්ලා ඇති අතර, පසුගිය දෙසැම්බර් 11 වැනිදා එම අනුමැතියද ඊට හිමිව තිබේ. මෙහිදී LB Finance PLC සමාගම පිලිපීනයේ සිය මෙහෙයුම් ව්‍යාප්ත කිරිම සඳහා සිදු කරන මූලික ආයෝජනය එක්සත් ජනපද ඩොලර් 650,000 කි. මේ යටතේ එරට තුළ මූල්‍ය සේවා ක්‍රියාත්මක කිරිම සමාගමේ අදහසයි. 
මෙලෙස පිලිපීනය තුළ LB Finance Philippines Inc. ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් තවත් ආයතන කිහිපයකම අනුමැතීන් ලබාගත යුතුව ඇති බවත්, එම කටයුතු සම්පූර්ණ වූ විට එහි මෙහෙයුම් ආරම්භ කරන බවත් LB Finance PLC වැඩිදුරටත් පවසයි. 
මෙය LB Finance PLC සමාගම සිය මෙහෙයුම් විදෙස් රටක් වෙත ව්‍යාප්ත කරන දෙවැනි අවස්ථාවයි. මීට පෙර 2018 වසරේදී එම සමාගම LB Microfinance Mynmar ස්ථාපිත කරමින් මියන්මාරය වෙත පිවිසුණේය.



අදහස් (0)

LB Finance මෙහෙයුම් පිලිපීනයට ව්‍යාප්ත කිරීමට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 581 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site