ආණ්ඩුවේ ආදායම් ගැන විවාදයක් 21 වැනිදා ආණ්ඩුවේ ආදායම වැඩිකර ගැනීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලබන 21 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. 16 September 2022
සපත්තුත් ගෙවීම් ක්‍රමයට දෙයි ශ්‍රී ලංකා තුළ සපත්තුවල මිල අධික ලෙස ඉහළ යෑමත් සමග සපත්තු ද ගෙවීමේ ක්‍රමයට අළෙවි කිරීමට සපත්තු නිෂ්පාදන සමාගම් ඉදිරිපත්ව සිටින අතර රුපියල් 7,000 කට වැඩි මිලක් වන සපත්තු මෙසේ ගෙවීමේ ක්‍රමයට අළෙවි කරයි. 16 September 2022
නෙළුම් කුළුණේ පළමු දින ආදායම ලක්ෂ 15 පනී දකුණු ආසියාවේ උසම කුළුණ ලෙස සැලකෙන නෙළුම් කුළුණ මහජනතාව විවෘත කිරීමෙන් අනතුරුව පළමු දින රුපියල් ලක්ෂ 15ක පමණ ආදායමක් හිමිවී නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය. 16 September 2022
පෙට්‍රල් - බොරතෙල් ගොඩබෑම ඇරඹෙයි ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 37,000 ක නෞකාවක තොගය සහ බොරතෙල් මෙටි්‍රටොන් 100,000 ක නෞකාවක තොගයක් ගොඩබෑම අද (16) ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 16 September 2022
‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ ඇරඹේ සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද (16) පෙරවරු 9.00 ට ආරම්භ විය. 16 September 2022
රාජ්‍ය ඇමැතිවරුන්ගේ ගැසට්ටුව නිකුත් වෙයි නව රාජ්‍ය අමාත්‍යවරුන් තිස් හත් දෙනා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය රජය විසින් නිකුත් කරනු ලැබ ඇත. 16 September 2022
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය මගීන් දැඩි අපහසුතාවට කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වූ දුම්රිය ඊයේ රාත්‍රී පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මගීන් අද (16) පෙරවරුවේ දැඩි අපහසුතාවට පත්වූහ. 16 September 2022
වී ගොවීන්ට විසිදාහක පෝර සහනාධාරයක් මහ කන්නයේ දී කාබනික පොහොර භාවිතා කරන වී ගොවීන්ට හෙක්ටෙයාර් එකකට රුපියල් 20,000ක පොහොර සහනාධාරයක් ලබා දීමට මුදල් කමිටුවේ අනුමැතිය හිමි වී තිබේ. 16 September 2022
වේලාවක් වෙන්කරගත් අයට සඳුදා විදේශ ගමන් බලපත්‍ර රජය ලබන සඳුදා (19 වැනිදා) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කළ ද එදිනට වේලාවක් වෙන්කරගත් අයදුම්කරුවන්ට පමණක් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර මහත්මිය පැවසුවාය. 16 September 2022
කාලගුණයේ අද වූ වෙනස් වීම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. 16 September 2022
සමරිසි සමීක්ෂණයෙන් හෙළි වූ කරුණු සමරිසි (LGBT+) පුද්ගලයන්ට දඬුවම් පමුණුවන, හෝ ඔවුන් අපරාධකරුවන් කරන නීතිවලට සෑම පුද්ගලයන් 04 දෙනකුගෙන් 03 දෙනකු සහාය නොදක්වන බව මෑතකදී සිදු කළ දීප ව්‍යාප්ත සමීක්ෂණයකින් හෙළිවී තිබේ. 16 September 2022
බිල නොගෙවූ මැති ඇමැතීන්ගේ ජලය කැපෙයි? මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලඥයන් තිස් දෙනකු සිය නිවාස සහ නිල නිවාසවලට ගත් ජලය වෙනුවෙන් ජල සම්පත් හා ජල පවහන මණ්ඩලයට රුපියල් කෝටියකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි එම මණ්ඩලය පවසයි. 16 September 2022
උණ්ඩ සමග තරුණයෙක් මාට්ටු ටී 56 උණ්ඩ,හෙරොයින් මත්කුඩු සහ මත් පෙති සමග පුද්ගලයකු කෙසෙල්වත්ත සුචරිත මහල් නිවාස සංකීර්ණය අසලදී කෙසෙල්වත්ත අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 16 September 2022
හොර සල්ලි සමග අයෙක් දැලේ ව්‍යාජ මුදල් නෝට්ටු 12 සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකු තිස්සමහාරාම ගැමුණුපුර ප්‍රදේශයේ දී ප්‍රදේශයේ දී පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. 16 September 2022
කේ.කේ.එස් කොල්ලුපිටියේදී පීලි පනී කන්කසන්තුරේ සිට ගල්කිස්ස දක්වා ධාවනය වන අංක 4022 දරණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ගල්කිස්ස සිට නැවත ඊයේ (15) රාත්‍රියේ ධාවනාගාරය බලා යමින් සිටියදී කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය යන දුම්රිය ස්ථානයන් අතර දී පීලීපැනීමකට ලක්ව ඇත. 16 September 2022
නෙළුම් කුළුණ පිපුණු අයුරු බලන්න දන එති නිරතුරු දකුණු ආසියාවේ උසම කුළුණ ලෙස සැලකෙන කොළඹ නෙළුම් කුළුණ මෙහෙයුම් කටයුතු අද ආරම්භ කෙරිණි. 15 September 2022
පෞරාණික භාණ්ඩ සමග නමගිය අපරාධකරුවකු අල්ලයි කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ හා දේපල සමග මිල කළ නොහැකි පෞරාණික භාණ්ඩ තොගයක් සොරාගත් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකුට ඇතුළු දෙදෙනකු අද අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. 15 September 2022
ජීවන බරට කාන්තාවෝ පාරට බසති ජීවන බර ඇමති බර දරන්න බැහැ ,අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල බඩු මිල වහා අඩුකරන ලෙස අයිතීන් උදෙසා කාන්තාවෝ ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද 15 කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්විය. 15 September 2022
බදුල්ලට සති අන්තයේ අතිරේක දුම්රියක් කොළඹ සිට බදුල්ල දක්වා මෙම සති අන්තයේ මගීන් සංඛ්‍යාව ඉහළ යෑම පිළිබඳව අවදානය යොමු කර නව දුම්රියක් ධාවනයට එක්කළ බව දුම්රිය දෙපාර්තමේන්තු පැවසීය. 15 September 2022
ඩොලර් නැතුව ඉන්ධන නෞකා 3 ක් මුහුදේ ඩීසල් නෞකා දෙකකට සහ බොරතෙල් නෞකාවකට මුදල් ගෙවීමට නොහැකි වීමෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නවතා ඇති බවත් එම නෞකා තුනට සම්පූර්ණ මුදල් ගෙවීමට සාකච්ඡා කරමින් සිටින බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියකු අද (15) පස්වරුවේ පැවසීය. 15 September 2022
කෝටි ගණනක හොර බඩු සමග හොරකල්ලියක සාමාජිකයෙක් මාට්ටු සොරාගත් බවට සැකකරන රුපියල් කෝටි තුනකට අධික දේපල තොගයක් සමග තිදෙනකුගෙන් යුත් හොර කල්ලියක සාමාජිකයකු වන ’’ වෑල්ඩින් ප්‍රියන්ත ’’ නමැත්තා අත්අඩංගුවට ගත් බව නවගමුව පොලීසිය කියයි. 15 September 2022
යාගොඩදී මෝටර් රථයක් දුම්රිය ගැටෙයි මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ යාගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර් රථයක් ගැටී එම කාර් රථය දුම්රිය ස්ථානය දක්වා ඇදී ගොස් තිබේ. 15 September 2022
ලංකාවේ අර්බුදයට හේතුව සෙනට් යෝජනාවකින් කියැවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය පෞද්ගලික දේශපාලන අරමුණු සඳහා රාජ්‍ය සම්පත් අඩු විනිවිදභාවයකින් යුතුව වෙන් කර ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කළ සෙනෙට් යෝජනා වේ සඳහන් කර ඇත. 15 September 2022
ඉන්දියාවෙන් තවත් මූල්‍ය සහන නෑ ඇමෙරිකානු ඩොලර් බිලියන 4 කට ආසන්න ප්‍රමාණයක සහායක් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන බවත් තවදුරටත් නව මූල්‍ය සහාය ශ්‍රී ලංකාවට ලබා දීමට ඉන්දියාව සැලසුම් නොකරන බවත් රොයිටර් පුවත් සේවය වාර් තා කළේය. 15 September 2022
වත්මන් ජනාධිපතිවරයා රාජපක්ෂ පවුලේ සහ පොහොට්ටුවේ ප්‍රාණ ඇපකරුවෙක් වත්මන් ජනාධිපතිවරයා රාජපක්ෂ පවුලේ සහ පොහොට්ටුවේ ප්‍රාණ ඇපකරුවෙක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(15) පැවසීය. 15 September 2022
ක්‍රිකට් සල්ලි ඩොලර් කෝටි හතරකට විදින්න යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනය ඩොලර් මිලියන 40 ක් (රුපියල් කෝටි 1400 අධික) රැස්කර ඇති බවත් ක්‍රිකට් පරිපාලනයට මඩ ගසා වැට්ටීමට උත්සහ කරන පුද්ගලයන්ගේ ඉලක්කය එම ඩොලර් ගිලදැමීම බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අද (15) පැවසීය. 15 September 2022
රජයේ සේවකයන්ට නිවාඩු ගෙන එතෙර මෙතෙර දෙකේම රැකියා අවසථා රාජ්‍ය නිලධාරීන්ට විදේශ රැකියාවක නිරතවීමට පමණක් නොව දේශීය වශයෙන් වෙනත් රැකියාවක හෝ කාර්යයක නිතරවීමට වසර පහක උපරිමයකට යටත්ව වැටුප් රහිත නිවාඩු ලබාගත හැකි බවට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාන අමත්‍යංශය සඳහන් කරයි. 15 September 2022
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය දුෂිතයි ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය දූෂිත සහ දුර්වල බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය. 15 September 2022
මහේල ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරු තනතුරට ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු මහේල ජයවර්ධන මහතා එළඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය. 15 September 2022
විශ්ව ශක්ති පෙන්නා දැරියන් දූෂණය කළ කපුවකු අල්ලයි තමාගේ ජංගම දුරකථනයේ අඩංගු අසභ්‍ය දර්ශන නැරඹීම ප්‍රතික්ෂේප කළහොත් විශ්ව ශක්තියෙන් බන්ධනයක් සිදුකර කුසට දරුවකු ලබාදෙන බවට තර්ජනය කරමින් වයස අවුරුදු 12ක බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළ විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකරන වෛද්‍යායතනයක් පවත්වාගෙන යන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි. 15 September 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026